𝙽𝚒𝚐𝚑𝚝 𝚁𝚒𝚍𝚎.

418 81 1
                                    

"යා !!නැගිටිනවා.අපිට ගමනක් යන්න තියෙනවා..සෝහි නැගිටිනවා ඉතින්."

මුළු ගමම නිදාගෙන ඉන්න අතරේ එයා හොරෙන් හොරෙන් ඇවිදගෙන ආවේ සෝහිගේ ගෙදරට.ඊළඟට එයා උත්සාහ කළේ තාමත් නිදාගෙන ඉන්න කම්මැලි කෙල්ලගේ කකුලෙන් ඇදලා ඇහැරවන්න.

"ආහ්ම්ම්.."

ඒත් එයා කොට්ටෙකුත් ගුලි කරගෙන අනික් පැත්තට හැරුණා..ඊළඟට ජිමින් ආයෙමත් ඇද වටෙන් ඇවිදගෙන ගිහින් සෝහිව ඇහැරවන්නයි හැදුවේ.

ඒත් ඒ පියවුණු ඇස්..දිග ඇහි පිහාටු..එහෙ මෙහෙ වෙවී මුමුණන රෝස තොල්..එයාව නතර කළා.එයාව ගල් කළා.එක මොහොතකට එයා අතරමං වුණා කිව්වොත් හරි.ජිමින්ට දැනුණේ සෝහිගේ හුරතල් රෝස තොල් එයාගෙන් එන්න එන්නම ඈතට යනවා වගේ.එයාට ඕනි වුණේ ඒවා නතර කරගන්න..ජිමින් ටික ටික එයාගේ ඇස් මානේ තිබුණු තොල් දිහාවට නැවුණා.

ඒත් එතකොටම වගේ කෙල්ල නින්දෙන් ඇහැරුණා.ජිමින්ට වෙන විකල්පයක් තිබුණේ නෑ ඉතින්. .එයා තමන්ගේ ඔලුව පාවිච්චි කළා.

"ආ...යා !!පාර්ක් ජිමින් !!ආහ්...මගෙ ඔලුව...අනේ ඇයි මට ගැහුවේ?..ආ..රිදෙනවා...මොකක්ද සතෝ තමුසෙට වෙලා තියෙන්නේ?..ආආ..හ්"

"තමුසෙ නැගිට්ටෙ නෑනෙ ඉතින්."

"ඉතින් ඕකට ගහන්න ඕනිද?..ආශ්..ෆක් යූ.ඒක රිදෙනවා ඕයි.."

එක අතකින් ඔලුව අල්ලගෙන ඉන්න සෝහිගේ අනික් අතේ මැද ඇගිල්ල මූණටම දික් වුණාට පස්සේ ජිමින්ගේ හුරතල් මූණ බෙරි වෙලා ගියා.

"කෝ ඉන්නවා බලන්න.ඔය අත ගන්නවා ඉතින්..අහ් එච්චර දෙයක් නෑ ඕයි.පොඩ්ඩක් රතුවෙලා විතරයි."

"පොඩ්ඩක් රතුවෙලා විතරයි?..යා !!තමුසෙට මම..."

"ආහ්..හරි..ආව්."

එයාට කොට්ට පාරවල්වලින් බේරෙන්න පුළුවන් වුණත් කෙල්ලගේ සද්දෙන් බේරෙන්න නම් පුළුවන් වුණේ නෑ.

"යනවා මගෙ ගෙදරින් එළියට.ආයෙමත් මං තමුසෙත් එක්ක කතා කරන්නෙ නෑ නෑමයි.."

 𝙵*𝚌𝚔 𝚃𝚑𝚊𝚝 𝙵𝚛𝚒𝚎𝚗𝚍𝚜𝚑𝚒𝚙 || 𝙿𝙹𝙼 ||🖤🩰|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||Where stories live. Discover now