"සමාවෙන්න.."
කෙල්ල හිටියේ කාර් එකේ ඇක්සලේටර් එක දිහා බලාගෙන.එයාට එරික්ගේ අතින් අල්ලගන්න ඕනි වුණත් ඒකට හයියක් තිබුණේ නෑ.
"හාහ්..ඒක අමතක කරන්න...මට ගාණක් නෑ."
"එරික් ඔයා තරහින් ඉන්නේ.."
"නෑ පිස්සුද?මං මොකටද තරහින් ඉන්නේ?ඒක මට අමුතු දෙයක් නෙවෙයිනේ සෝහි.එහෙම නේද?මේක හැමදාම වෙන දෙයක්නේ."
ඒ වචනවලට පුළුවන් වුණා සෝහිගේ ඇස්වලට ඉක්මනින් කදුළු ගේන්න.
"එරික්,ඔහොම කියන්න එපා..මට සමාවෙන්න ඔයාගේ දවස විනාස කළාට.ඒත්..ප්ලීස් ඔහොම කතාකරන්න එපා."
"මං වෙන මොනවා කියන්නද සෝ?මට ඕනි වුණේ අද දවසම ඔයත් එක්ක ඉන්න විතරමයි.මට ලව් මේක් එකක් කරන්න ඕනි වුණා.ඔයත් එක්ක ගුලිවෙලා නිදාගන්න ඕනි වුණා.ඔයාට බ්‍රෙක්ෆස්‍ට් හදලා දෙන්න ඕනි වුණා...තව ආහ්...මං මෝඩයෙක් වගේ ගොඩක් දේවල් ප්ලෑන් කරලනේ."
ඒ ඇස්වලත් කදුළු නොතිබුණා නෙවෙයි.
"එරික්.."
"ම්ම්හ්...ගාණක් නෑ.යන්න...ගිහින් ඌව අරන් එන්න.මං හිතන්නේ ඔයාව ගෙදරට දාන්න මට පුළුවන් වෙයි."
එරික්ගේ බැල්ම යොමුවෙලා තිබුණේ එයාලගේ කාර් එකට කෙලින්ම ඉස්සරහ තිබුණ බාර් එක ළග.තවත් මේ ගැන කතා කරලා වැඩක් නැති බව දන්න නිසාම එරික් දිහාවට එකම එක බැල්මක් දීලා සෝහි වාහනෙන් බැස්සා.
"පැත්තකට වෙනවා.ම්..මගෙ සෝහි..ග්හ්..එනවා.අර..."
එයාව නැගිට්ටවන්න හදන බාර් එකේ අයිතිකාරයාව පැත්තකට කරපු ජිමින්, සෝහිගේ පැත්තට ඇගිල්ල දික් කරලා අහිංසක විදියට හිනාවුණා.බැලූ බැල්මට එයාගේ රතුවුණු නහයෙන්..එතකොට කම්මුල්වලින් කියන්න පුළුවන් කොල්ලා ඉන්නෙ ඕනිවටත් වඩා මත් වෙලා කියලා.
"ගෙදර යමු පාර්ක් ජිමින්.එයාලට වදයක් වෙන්න එපා !!"
YOU ARE READING
𝙵*𝚌𝚔 𝚃𝚑𝚊𝚝 𝙵𝚛𝚒𝚎𝚗𝚍𝚜𝚑𝚒𝚙 || 𝙿𝙹𝙼 ||🖤🩰|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||
Fanfiction"....අපි ඉස්සෙල්ලම කළේ ඒ යාලුකම නැතිකරගත්ත එක." එයා කියන ඒ යාළුකම ගැන කියවමුද ඉතින්? 𝙵*𝚌𝚔 𝚝𝚑𝚊𝚝 𝚏𝚛𝚒𝚎𝚗𝚜𝚑𝚒𝚙 🖤🖇️🩰 𝙱𝚢 𝚢𝚘𝚞𝚛 𝚊𝚞𝚝𝚑𝚘𝚛, 𝚂𝚊_𝚁𝚊♥️ #ᴊɪᴍɪɴᴍᴀɪɴ #ʙᴛꜱᴊɪᴍɪɴ #ꜰʀɪᴇɴᴅꜱʜɪᴩ #ꜰʀɪᴇɴᴅꜱᴛᴏʟᴏᴠᴇʀꜱ #ʟᴏᴠᴇ #ʀᴏᴍᴀɴᴄᴇ #ʟᴏᴠᴇᴛʀᴀɪɴɢʟᴇ #...