𝚂𝚒𝚡 𝙿𝚊𝚌𝚔𝚜.

1.1K 110 28
                                    

"ක්හ්..අහ්...තමුන් කවුරු කියලා හිතාගෙනද මගෙ ඇගට අත තිබ්බේ?..ආ?...ආපහු වරෙන්.ඇවිත් ගහල බලපන් මට."

තාමත් එයාට කෙළින් හිටගන්න තරම්වත් පණක් තිබුණේ නෑ.ඒත් නරකම දේ කියන්නේ ඒ කටේ සද්දේ වෙනස් වුණෙත් නෑ...එයා හරි හරියට එයාගේ ඉස්සරහින් ඉන්න දඹ සයිස් මිනිස්සුන්ට කෑගහගෙන ගියාම ඒ අය මහ සද්දෙන් හිනාවෙන්න ගත්තා.

"තමුසෙගෙ කට වැඩියි පාර්ක් ජිමින්.සයිස් එකේ හැටියට කට තියාගන්නවා.නැත්තන් මට සිද්ධවෙයි ඒක කරලා දෙන්න."

ජිමින් එයාගේ කටට එකතු වුණු ලේ ටික කෙළ ගහලා කතා කරන්නයි උත්සාහ කළේ..

"කෑහ්..තුහ්...එච්චර දේවල් කරන්න පුළුවන් එකේ රෙන්ට් එක ගෙවනකල් පොඩ්ඩක් ඉවසගන්න බැරිකමක් නෑනෙ මිස්ටර් කන්ග්.මේ මැරයො ගෙනල්ලා මට ගහන්න ඕනි නෑනෙ."

"තවත් කල් දෙන්න?...ආශ් මේ පොඩි එකා මාව විහිළුවකට අරන්.සොන්ග් ඉල්,මූ ගැන බලාගන්න..."

එයාලා ආයෙමත් ජිමින්ට ගහන්න පටන් ගත්තා.ඒත් ඒ නපුරු ලෑන්ඩ්ලෝඩ් වෙච්ච කන්ග් චුල්ට ඒ ගෙදරින් එළියට බහින්න වුණේ නෑ.එළියට බහිනවත් එක්කම එකපාරටම කොහේදෝ ඉදන් ආපු අත් දෙකකට එයාගේ කකුල අහු වුණා.

"ඈ....මිස්ටර් කන්ග්....මගෙ ඔප්පව අතාරින්න....ආහ්...එයා පව්....මං නිසයි එයාට රෙන්ට් එක ගෙවන්න බැරි වුණේ...ඈ....ඈ...ම්හ්හ්..."

"අහකට යනවා කෙල්ලේ.මේ මොන විකාරයක්ද?මාව අතාරිනවා."

එයා කොච්චර කකුල ගැසුවත් ගැලවෙන්න බැරි තරමටම කන්ග් චුල් ගේ කකුල කකුළු අඩුවලට අහුවුණා වගේ ඒ අත්වලට හිරවෙලා තිබ්බා.

"මිස්ටර් කන්ග් අනේ...චෙබල්...ඔප්පට යන්න දෙන්න...ආහ්...මගෙ එක්සෑම් ෆීස් ගෙවාගන්න ඕනි නිසයි...එයා...එයාහ් සල්ලි වියදම් කළේ...ම්ම්..මං...ඉක්මනට ...ගෙවන්නම්...මට පුළුවන්...පාර්ට් ටයිම්...ජොබ් එකකුත් කරනවනේ...ආහ්..අනේ...චෙබල්..."

එයා තවත් සද්දෙන් කෑගැහුවා...කන්ග් චුල් ගේ කන් දෙක කොණ්ඩේ තරම්වත් වයසට ගිහින් තිබ්බේ නැති නිසා ඒ කන් කරච්චලේ එයාට දරුණු වැඩි වුණා.

 𝙵*𝚌𝚔 𝚃𝚑𝚊𝚝 𝙵𝚛𝚒𝚎𝚗𝚍𝚜𝚑𝚒𝚙 || 𝙿𝙹𝙼 ||🖤🩰|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||Tempat cerita menjadi hidup. Temukan sekarang