"ස්ටෙප් වන් ටූ ත්‍රී...වන් ටූ ත්‍රී අප්...වන් ටූ ත්‍රී...රිලැක්ස් යුවර් මසල්ස් ජිමිනි...ඕකේ ස්ටොප්...නව්.!"
සෝහි එයාගේ අතේ තිබ්බ රිමෝට් එකෙන් සවුන්ඩ් ඕෆ් කරලා වේගෙන් ජිමින්ගේ දිහාවට ඇවිදන් ආවා.
"ආහ්..මේ..මේ...මොකද...යාහ්..කිම් සෝහි...ළ..ළගට එන්නෙපා..."
කොල්ලා පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් අත් දෙකෙන් මූණත් වහගෙන.
"යා..පාර්ක් ජිමින්...තමුසෙ මෙහෙමද හෙට පර්ෆෝම් කරන්න ඉන්නේ දෙයියනේ...ආආආහ්..."
ඊළඟට එයා 'දබක්' ගාලා ස්ටූඩියෝ එකේ බිම ඉදගත්තේ පිස්සියෙක් වගේ කොණ්ඩෙත් අවුල් කරගෙන.බයවෙලා හිටපු ජිමින් තවත් බයවුණේ සෝහිගේ ඇක්ෂන් වලට.
"රිලෑක්ස් සෝහි.ඒක පොඩි මිස්ටේක් එකක්නේ...හරි තව ටිකක් ප්‍රැක්ටිස් කරලා බලමු.."
"කවද්ද?"
"මං ස්ටේජ් එක උඩදී හරියට පර්ෆෝම් කරන්නම්.ඔයා බලන් ඉන්නකෝ.."
කියාගෙනම ජිමින් ස්ටූඩියෝ එකේ සීතල පොළොවේ වැතිරුණේ මහන්සියටත් එක්කමයි.
"අන්න ඒක නිසයි ජිමින්...මං ඔයා කියන දේ අහන් ඉන්නේ.මොන දේ වුණත් ඒක හරි හරියට කරයි කියලා."
ජිමින්ගේ කට කොණට හිනාවක් ආවේ ඒ කතාවට..එයා දන්නවා මොනවා නැති වුණත් සෝහි එයාව විශ්වාස කරනවා කියලා.
"හෙලෝ...ආයෙත් ප්‍රැක්ටිස්වලට යමු නේද?මොකද තනියම හිනාවෙන්නේ පිස්සෙක් වගේ?"
"තමුසෙව හම්බවුණ විදිය මතක් වුණා."
"ආහ්..එදා..."
දිග කතාවක් මතක් කරගන්න මුල පුරන ගමන් සෝහිත් ඒ ළගින්ම වැතිරුණේ හිනාවෙවී.
.........................................
2 𝕪𝕖𝕒𝕣𝕤 𝕒𝕘𝕠.
"මොකක්ද තමුසෙ කිව්වෙ?යාහ්...කොට කොල්ලා...තමුසෙ කාගෙ හයියෙන්ද මගෙ කෙල්ලගේ අතින් ඇල්ලුවේ?"
أنت تقرأ
𝙵*𝚌𝚔 𝚃𝚑𝚊𝚝 𝙵𝚛𝚒𝚎𝚗𝚍𝚜𝚑𝚒𝚙 || 𝙿𝙹𝙼 ||🖤🩰|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||
أدب الهواة"....අපි ඉස්සෙල්ලම කළේ ඒ යාලුකම නැතිකරගත්ත එක." එයා කියන ඒ යාළුකම ගැන කියවමුද ඉතින්? 𝙵*𝚌𝚔 𝚝𝚑𝚊𝚝 𝚏𝚛𝚒𝚎𝚗𝚜𝚑𝚒𝚙 🖤🖇️🩰 𝙱𝚢 𝚢𝚘𝚞𝚛 𝚊𝚞𝚝𝚑𝚘𝚛, 𝚂𝚊_𝚁𝚊♥️ #ᴊɪᴍɪɴᴍᴀɪɴ #ʙᴛꜱᴊɪᴍɪɴ #ꜰʀɪᴇɴᴅꜱʜɪᴩ #ꜰʀɪᴇɴᴅꜱᴛᴏʟᴏᴠᴇʀꜱ #ʟᴏᴠᴇ #ʀᴏᴍᴀɴᴄᴇ #ʟᴏᴠᴇᴛʀᴀɪɴɢʟᴇ #...