𝚁𝚎𝚟𝚎𝚗𝚐𝚎.

380 81 1
                                    

ඉද්ද ගැහුවා වගේ ජිමින්ව තල්ලු කරලා සෝෆා කෙලින් වුණ සෝහි ඉක්මනට දොර ළගට ඇවිදගෙන ගියා.ඒ රූපේ දිගේම ඇස් යවපු ජිමින්ට එකපාරටම අහුවුණේ කවදාවත් දකින්න ප්‍රාර්ථනා නොකරපු ඇස් දෙකක්.අමුත්තක් නොවුණේ ඒ ඇස්වල තිබ්බ බැල්ම විතරයි.

"එරික්?උඹ?"

එයාගේ රැවිල්ලට උත්තර විදියට ඇස් රෝල් කරලා රවන්නත් එරික් අමතක කළේ නෑ.

"ආශ්..පාර්ක් ජිමින්.."

"ඉන්න.ඔම්මා ??"

ඒ කේන්තිකාර ඒ වගේම පුදුමය පිරුණු ඇස් ඊළඟට ඇවිදගෙන ගියේ එරික්ගේ අතේ ඉදපු පුංචි කෙල්ල ළගට.ඒ බබාව එයාට මතකයි..ඒත් ඒක නරකයි.

"සෝහියා,ඔයාට හිතෙන්නෙත් මට හිතෙන දේමද?"

ලොකු හුස්මක් අරන් පහත දැම්මට පස්සේ එරික් හැරුණේ සෝහිගේ පැත්තට.

"ඔයා හරි එරික්.එයා..එයා ලොකුම ලොකු වැරදි වැටහීමක ඉන්නේ."

"මිනී ප්ලීස්..අහන්න...මේ ඔයා හිතන දේ නෙවෙයි."

එයාලා ඉන්න පැත්තට වේගෙන් ආපු ජිමින් නැවතුණේ එයාගේ වේගෙන් ගැහෙන පපුවට තියපු සෝහිගේ අත් නිසා.ඒත් එතකොටම වගේ හැමෝගෙම අවධානේ ගියේ එයාලගේ පිටිපස්සෙන් ආපු කටහඩට.

"ඔප්පා ??"

"ආහ්..යේජිනා.ඔයා වෙලාවට ආවේ.මං ඔයාට කියලා තියෙනවා නේද හැමවෙලාවෙම සෝහි උන්නිට කරදර කරන්න එපා කියලා."

"ඒක කරදරයක් නෙවෙයි එරික්.අයිගෝ..අපේ බටු ඇටේට සෝහි අජුම්මාගේ කිම්චි කන්න ඕනි වෙලානේ.නේද?"

සෝහි ජිමින්ව පැත්තකට අතෑරලා දාලා යේජින්,ඒ කියන්නේ එරික්ගේ ආදරණීය වයිෆ් ළගට ළං වුණේ එයාගේ එන්න එන්නම ලොකුවෙන පිරුණු කුසට පරිස්සමට අත තියලා.

"ඒ වුණත් සෝහියා මේ කෙල්ලට හැමවෙලේම ඔයාට කරදර කරන්න දෙන්න බෑනේ."

 𝙵*𝚌𝚔 𝚃𝚑𝚊𝚝 𝙵𝚛𝚒𝚎𝚗𝚍𝚜𝚑𝚒𝚙 || 𝙿𝙹𝙼 ||🖤🩰|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||Where stories live. Discover now