"නෝ ජිමින්..පරක්කු වෙලා හරි ඔයා ඒක කිව්වා.දන්නවද ඔයා මට ආදරේ කරනවා කිව්වම මම පුදුම වුණ තරම...ඒත් මට වෙලාවකට හිතුණා මම ඒක බලාපොරොත්තුවෙන් හිටියා කියලා..ඔයාටත් වඩා මං කියන්නේ..අනේ මන්දා මට තේරෙන්නෑ."
"දැන් ඒවා අමතක කරමු.අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා මයි ලව්.."
ජිමින් යන්තම් එයාගේ ඇගිලිවලින් කෙල්ලගේ කම්මුල් පිරිමැද්දේ එයාගේ හිනාව පුළුල් වෙද්දි.සෝහි ප්ලෑනක් ගහන්නයි හදන්නේ...
"අපි අජුශ්ශිව බලන්න යමු."
"බෑ."
ඇස් රෝල් කරලා අහක බලාගෙනම එයා එයාගේ අත් දෙක සෝහිගේ ඇගෙන් අයින් කරගත්තේ තරහින්.ඊළඟට එයා කප කප හිටපු කලින් පැත්තකට කරපු එළවලු ටික කපන්න පටන් ගත්තා.
"අනේ ජිමින්..අනේ..ඔය එළවලු ටික කන්න එපා..මං කපන්නම්.අනේ මාස දෙකකින් මං එයාලව දැක්කෙ නෑ.ජිමින් ප්ලීස්..අනේ..මාව එක්කගෙන යන්නකෝ."
"ස්ටොප් ඉට්."
සෝහි කිචන් අයිලන්ඩ් එකෙන් බැහැලා කොල්ලගේ අතින් ඇද්දේ එළවලු ටික නාස්ති වෙන්න කලින්.ඒත් එයා ඒ අත ගසලා ආයෙමත් තමන්ගේ අත ඇදලා අරගත්තේ රවාගෙන.
"ම්ම්හ්..දැන්වත්."
"බැහැ."
එකපාරටම කම්මුලේ තැවරුණු හාදුව නිසා ඇස් දෙක ලොකු වුණත් ජිමින් ඒ බව පෙන්නන්න ගියේ නම් නෑ.සෝහි ආයෙමත් ජිමින්ගේ කම්මුලක් කටේ ඔබාගත්තා.
"අලේ..දැල්."
කොණ්ඩෙන් අල්ලලා සෝහිව පැත්තකට කරලා ඒ තොල්වලින් තමන්ගේ කම්මුල බේරගත්තට පස්සේ ජිමින් තමන්ගේ තොල්වලට ඇගිල්ලෙන් ඇනලා කෙල්ලට පෙන්නුවා.
"තව එකම එකක් දුන්නොත් සමහරවිට මගෙ හිත වෙනස් වෙයි."
YOU ARE READING
𝙵*𝚌𝚔 𝚃𝚑𝚊𝚝 𝙵𝚛𝚒𝚎𝚗𝚍𝚜𝚑𝚒𝚙 || 𝙿𝙹𝙼 ||🖤🩰|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||
Fanfiction"....අපි ඉස්සෙල්ලම කළේ ඒ යාලුකම නැතිකරගත්ත එක." එයා කියන ඒ යාළුකම ගැන කියවමුද ඉතින්? 𝙵*𝚌𝚔 𝚝𝚑𝚊𝚝 𝚏𝚛𝚒𝚎𝚗𝚜𝚑𝚒𝚙 🖤🖇️🩰 𝙱𝚢 𝚢𝚘𝚞𝚛 𝚊𝚞𝚝𝚑𝚘𝚛, 𝚂𝚊_𝚁𝚊♥️ #ᴊɪᴍɪɴᴍᴀɪɴ #ʙᴛꜱᴊɪᴍɪɴ #ꜰʀɪᴇɴᴅꜱʜɪᴩ #ꜰʀɪᴇɴᴅꜱᴛᴏʟᴏᴠᴇʀꜱ #ʟᴏᴠᴇ #ʀᴏᴍᴀɴᴄᴇ #ʟᴏᴠᴇᴛʀᴀɪɴɢʟᴇ #...