"කාගෙන් අහලද එහෙම තීරණයක් ගත්තේ?"
"මගෙ ගර්ල් එක්ක එක ගෙදරක ඉන්න මං කාගෙන්ද අහන්න ඕනි?"
එයා තවත් ටිකක් සෝහිව තමන්ගේ පපුවට ඇදගත්තේ හරියට එයාව දාලා යන්න හදනවා වගේ..
"ජිමින් ඔයානම්.."
"ඕහ්...මොකද මේ රතුවෙලා?..ම්ම්?..."
සෝහිගේ කම්මුල් අල්ලන්න හදපු ඒ අත ගසලා දැම්මට පස්සේ එයා ආයෙමත් වතුර දිහා බලාගත්තා.
"ෆ්ලර්ට් කරන එක නවත්තන්න.මොකක්ද වුණේ?"
"මොන සිහියෙන්ද තමුසෙ ඉන්නේ?ඒ යකා තමුසෙව කොච්චර කැත විදියට අල්ලන්න හැදුවද කියලා මතක නැද්ද?මං තවත් උගේ ගුබ්බෑයම අස්සේ රිංගගෙන ඉන්න ඕනි කියලද ඔයා කියන්නේ සෝහි?"
"මොකක්ද?ඒ කියන්නේ?..ඔයා..එයාට ගැහුවද?"
ඒ පාර සෝහි ජිමින්ගේ උරහිස ටිකක් තද කරලා අල්ලගත්තා.
"ගහලා මදි.මට ඌව මරන්න තිබ්බා."
"වාහ්..ඔයා තනියම කන්ග් චුල් එක්ක ෆයිට් කළාද?"
"ඔ..ඔව්.ඇයි ඔයාට විශ්වාස නැද්ද?"
"නෑ.පොඩ්ඩක්වත් නෑ."
"යා !!මං තමුසෙගෙ බෝයිෆ්‍රෙන්ඩ් !!"
"මං තාම උත්තරයක් දුන්නෙ නෑනෙ."
එයා ජිමින්ව අතෑරලා අහකට හැරුණම ජිමින් තවත් ටිකක් එයාව ළගට කරගෙන පපුවට තුරුල් කරගත්තා.
"බෑ හොදේ.විකාර කරන්න ලෑස්ති වෙන්න එපා..දැන් නම් බෑ කිව්වොත් මං බලෙන් හරි තමුසෙව කසාද බදිනවා."
"ඔයාට බෑ ජිමින් එහෙම කරන්න."
"මං දන්නවා.මං විහිළුවක් කළේ..අපි ඩේට් කරමු..මං කියන්නේ මාසයක්..මාස දෙකක්..ඕනි කාලයක්..මං ඔයාට කල් දෙන්නම් මට ඔයාව කොච්චර ඕනිද කියලා ඔයාට තෙරුම්ගන්න."
YOU ARE READING
𝙵*𝚌𝚔 𝚃𝚑𝚊𝚝 𝙵𝚛𝚒𝚎𝚗𝚍𝚜𝚑𝚒𝚙 || 𝙿𝙹𝙼 ||🖤🩰|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||
Fanfiction"....අපි ඉස්සෙල්ලම කළේ ඒ යාලුකම නැතිකරගත්ත එක." එයා කියන ඒ යාළුකම ගැන කියවමුද ඉතින්? 𝙵*𝚌𝚔 𝚝𝚑𝚊𝚝 𝚏𝚛𝚒𝚎𝚗𝚜𝚑𝚒𝚙 🖤🖇️🩰 𝙱𝚢 𝚢𝚘𝚞𝚛 𝚊𝚞𝚝𝚑𝚘𝚛, 𝚂𝚊_𝚁𝚊♥️ #ᴊɪᴍɪɴᴍᴀɪɴ #ʙᴛꜱᴊɪᴍɪɴ #ꜰʀɪᴇɴᴅꜱʜɪᴩ #ꜰʀɪᴇɴᴅꜱᴛᴏʟᴏᴠᴇʀꜱ #ʟᴏᴠᴇ #ʀᴏᴍᴀɴᴄᴇ #ʟᴏᴠᴇᴛʀᴀɪɴɢʟᴇ #...