"ම්ම්හ්.."
තද ඔලුවේ කැක්කුමත් එක්ක උදේ තමන්ගේ පියවුණු ඇස් අරිද්දි සෝහිට පෙනුණේ හොද දෙයක් නම් නෙවෙයි.ලස්සන චොක්ලට් බාර්ස් වගේ ඇබ්ස් ටිකක් එක්ක දිලිසෙන පපුවක් එයාගේ ඇස් ඉස්සරහ දිලිසි දිලිසි තිබුණා.තමන් හීනයක් දකිනවා කියලා හිතලා එයා ඊළඟට ඒ පපුවට ගුලි වුණේ තවත් අතකින් එයාව තද කරලා ගුලි කරගනිද්දි.
අන්න එතකොට තමයි කෙල්ලට තේරුණේ තමන් දකින්නේ හීනයක් නෙවෙයි කියලා...එයා ඇස් දෙක ලොකු කරලා උඩ බැලුවේ ඒ පපුවේ අයිතිකාරයා හොයාගන්න කියලා..ඒත් ඒක හුස්ම හිරවෙන තරම් භයානක හීනෙකටත් වඩා අන්ත වෙයි කියලා සෝහි පොඩ්ඩක්වත් හිතුවේ නෑ.
"ජ්..ජිමින්?..ආආආආආආආ...ඔම්මා..."
මර හයියෙන් බෙරිහන් දීලා ඉවර වුණාට පස්සේ කෙල්ල මහන්සි වුණේ තමන් වටේ එතුණු අත්වලින් ගැලවෙන්න.ඒත් ඒකෙන් වුණේ එයා තවත් ටිකක් ජිමින්ගේ පපුවට ඇදිලා ගිය එක.
"ම්ම්හ්..උදේ පාන්දරම කෑගහන්නේ ඇයි?කටවහගෙන නිදාගන්න සෝහි.."
ජිමින්ගේ වචනත් එක්ක සෝහි මුළු කාමරේම ඇස් යැව්වා.බිම වැටිලා තිබුණු තමන්ගේ ඇදුම් එකින් එක ගණන් කරලා ඉවර වුණාට පස්සේ එයා අමාරුවෙන් බෙඩ්ශීට් එක උස්සලා බැලුවා.ජිමින්ගේ ඇගේ ශෝට් එකක් විතරක් තියෙන එකත් තමන්ගේ ඇගේ ජිමින් ඇදගෙන හිටපු දම් පාට ශර්ට් එක විතරක් තියෙන එකත් කෙල්ලව හොදටම බය කළා.
"ජ්..ජිමින්..මම..ඔයා...මොකක්ද වුණේ?ආහ්..මගෙ ඇදුම්?..ම්..මේ ඔයාගේ ශ්..ශර්ට් එක..ඔ..ඔයාගේ ඇදුම්?ඒ කියන්නේ..ඒ කියන්නේ..ආහ්..සොල්මා..අන්ද්වේ...අන්ද්වේ.ඒක වෙන්න බෑ.."
"මොකක්ද දැන් වෙන්න බැරි?"
එයා ඇස් ඇරියා.
"අ..අපි දෙන්නා.."
සෝහි බෝල වුණ ඇස්වලින් තමන් දිහා බලාගෙන ගොත ගහද්දි ජිමින්ගේ කට කොණට අමුතු හිනාවක් ආවා.තව ටිකක් කෙල්ලව අවුස්සන්න පුදුම තරන් අමාරුවක් එයාට තිබුණේ.
YOU ARE READING
𝙵*𝚌𝚔 𝚃𝚑𝚊𝚝 𝙵𝚛𝚒𝚎𝚗𝚍𝚜𝚑𝚒𝚙 || 𝙿𝙹𝙼 ||🖤🩰|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||
Fanfiction"....අපි ඉස්සෙල්ලම කළේ ඒ යාලුකම නැතිකරගත්ත එක." එයා කියන ඒ යාළුකම ගැන කියවමුද ඉතින්? 𝙵*𝚌𝚔 𝚝𝚑𝚊𝚝 𝚏𝚛𝚒𝚎𝚗𝚜𝚑𝚒𝚙 🖤🖇️🩰 𝙱𝚢 𝚢𝚘𝚞𝚛 𝚊𝚞𝚝𝚑𝚘𝚛, 𝚂𝚊_𝚁𝚊♥️ #ᴊɪᴍɪɴᴍᴀɪɴ #ʙᴛꜱᴊɪᴍɪɴ #ꜰʀɪᴇɴᴅꜱʜɪᴩ #ꜰʀɪᴇɴᴅꜱᴛᴏʟᴏᴠᴇʀꜱ #ʟᴏᴠᴇ #ʀᴏᴍᴀɴᴄᴇ #ʟᴏᴠᴇᴛʀᴀɪɴɢʟᴇ #...