" මොකක්ද තමුසේ ඔය කරන්නේ? "ආයිශ් ජිමිනි.. දැන්නම් මට මේක ඇතිවෙලා අප්පා කොච්චර කියුවත් වැඩක් නෑ.. කන ගාව ඉදන් කෑගහනවා මල වදේ!!!
ජිමිනා මගෙ කන ගාව ඉදන් කෑගැහුවට ඒ මට නෙවෙයි.. ජිමිනගේ පුංචි අම්මගේ පුතා ඒ ඇට්ටරයා ජිමිනගේ බැග් එකේ තිබුන රුපියල් දහයක් ඉස්සුවා..ඒකට..
ස්කූල් බස් එක කියුවට මේක සියලු මගී ප්‍රවාහන බස් රථයක්.. මේකේ ප්‍රවාහනේ කරන්නැත්තේ මාලු විතරයි වතුරෙන් යන්නැති නිසා..
අපි දෙන්න ඉතින් හැමදාම ගෙදර යන්නේ එන්නේ මේ ස්කූල් බස් එකේ තමා.. මේක ස්කූල් බස් එක වෙන්නේ අපි දෙන්නට විතරයි ද මන්දා.. ඇයි දෙයියනේ මේකේ සේරම උන් සීසන් සීසන් සිසන්.... (සීටීබී තමා අයියෝ..)
හැමදාම බෑග් එක උඩට දාලා ශේප් වෙනවා. අද අර පොඩි ඇට්ටරයා සීට් එකක වාඩි වෙලා හිටපු නිසා ජිමිනයි මායි දෙන්නම බෑග් එක දැම්මා උගේ උකුලට.. අයියලාට ගරු කරන්න පොඩි කාලේ ඉදන්ම උගන්නන්න ඕන.. නැතුව බෑ.. ඒ අස්සේ ඉන්න ගමන් අර ඇට්ටරයා ජිමිනගේ බෑග් එකේ පොකට් එකේ තිබ්බ දහයක් ඉස්සුවා බැස්සා පැන්නා!.. අනේ මගේ කට! බලහන් ඉතින්..
බස් එකෙන් බැහැපු ගමන් මන් දිව්වේ අද අපේ පූජාව නිසා.. ජිමිනත් කැන්ටින් එකට දිව්වේ හදුන්කූරු පෙට්ටියක් ගන්න.. මොනව කරන්නද අලුතෙන් ඒලෙවෙල් ක්ලාස් පටන් ගන්න දවස අද.. මන් කොමස් ජිමිනත් කොමස්.. තව එකෙක් මට ඉන්නවා.. හරියට තුන්කට්ටුවක්..
" ඕයි කෝ බන් ජිමිනා? අඩෝ උබ මොනිටර් කරපු මට ගහන්න එපයි යකෝ! "
අනිත් නසරානියත් දුවන් ආවේ පූජාවට මල් බැග් එකකුත් අරන්..
හෝබියා!
මූ කවදද පූජාවට මල් අරන් ආවේ.. මන් මල් බෑග් එකයි මුගේ මූනයි දිහා මාරුවෙන් මාරුවට බැලුවා.. මූ මාරු වෙලාවත්ද..
" හරි හොඳයිනේ ජන්කුක් පුතා බලන්නකෝ සේරම වැඩටික ඉවර කරලා. keep it up පුතා.."
අපේ පන්ති භාර සර් කියුවේ මගේ පිටට තට්ටු කරන ගමන්.. හෑ මන් මොකක්ද කරේ????
එතකොටම හෝබියා මට ඇහැක් ගැහුවා. හරි එහෙනම් මූ සේරම රෙඩි කරලා. මට බස් එකේදිනේ පූජාව කියලා මතක් උනෙත්..
අද තමා අලුත් ඒලෙවෙල් ක්ලාස් පටන් ගන්නේ.. මන් කියන්නේ ස්කූල් එකේ.. කොල්ලොම විතරයි..මේක ඉතින් බෝයිස්කූල් එකක්.. හැම එකාම මල් හදනවා ඖශද හදනවා.. පලවෙනි දවසනේ..
ඔක්කොම කිරි කොක්කු වගේ ඇවිල්ලා..
" කුක්සන් උබ දැක්කද මේන් හෝල් එක පිරෙන්නම අලුත් උන් බන් ! "
කැන්ටින් එකට දුවපු එකා ආවේ හදුන්කූරු පෙට්ටියකුයි රෝල්ස් එකකුයි අතේ අරන්.. ඒකත් රවුමක් ගිහින් මේන් හෝල් එකටත් එබිලා..ඊව්... මන් මූට කියලා තියෙනවා ප්‍රසිද්දියේ කුක්සන් කියන්න එපා කියලා..
" හරි හරි මේක ඉවර කරලා අපිත් යමන්.."
මන් මොනිටර් උනේ කෝමද අහන්න එපා.. අපේ පරන ලමයින්ව වෙන වෙන ක්ලාස් වලට කඩලා තමා තිබුනේ දැන් තියෙන්නේ අලුත් ලමයි ඒකට මික්ස් කරන්න.. අපේ ස්කූල් එකේ හැමදාම ඒක තමා උනේ.. කෝමත් මොන එකා අලුතින් ආවත් මේ කුක්සන්ට උඩින් යන්න නම් බෑ හුම්..
"උබ හොඳම මදාවියා සම්මානේ නෙවෙයි දක්ශතම ලමයගේ සම්මානේ ගනින් මේපාරවත් "
මන් උදේ අම්මට වදිනකොට එයා මගේ ඔලුව ආදරෙන් අතගාලා කියුව ඒ වචන පේලියේ මට දැන් වගේ මතකයි..
අපේ ඔම්මා ඇවිල්ලා ටීචර් කෙනෙක්..
තාත්තා ප්‍රින්සිපල්..
පුතා මදවියා?
එහෙම වෙන්න බෑනේ..
මට තව අයියා කෙනෙකුත් ඉන්නවා..
ඌත් ඒමයි කිසි වෙනසක් නෑ හී හී...
.
.
.
.
.
.
.
.
අලුත් කතාවක් පටන් ගත්තා ළමයි...කැමති නම් කියවන්නකෝ බලන්න ඉතින්😁🤦
ඔව් ඔව් පිස්සුවක් තමයි ලොකු වලි නෑ..
හරියට ඇනකොටා ගන්නවා වගේ..ඒත් සුවර් නෑ.. දන්නොනේ මෙයාලගේ හැටි..
Top tae ද හොද top කුක්සන් ද?
අනිත් ඒවගේ ටේ නිසා.. කුක්සන්ට දෙමු ද?
ඉතිරි ටිකත් දානව හිමීට..ගොඩාක් හිමීට නෙවී😁😼
YOU ARE READING
I'll Kill You👻 ( #Completed _ Taekook*)
Fanfiction🐯 : ඉස්සරහ බලන් පලයන්! 🐰 : තෝ බලන් පලයන් ගල් මූසලයා! . . . . ඌ සිරාවට මූට ලව්ද බන්? ජිමිනා ඇහුවෙ හෝබියගෙන්.. ඉතින් අරූ එහෙමනේ කියුවේ🤷 . . . අනේ මන් දන්නෑ මෙහෙම ලව් එකක් නම්.. දෙන්නම ටොප් ද කොහේද🙈🤦 . . . ඇවිත් බලපිය මේ කතාව හොඳද කියලා😁😼 මීට පූ...