🌸
මම ෆයිල් එක අතට අරගෙන ඉක්මනින් ආවේ එයා තවමත් ඩිපාර්ට්මන්ට් එක ඉස්සරහා බලන් ඉන්න නිසා..
"මගේ ඔෆිස් එකට යමු මිස්ට කෙවින්..."මම ඔළුව හෙමිහිට වනලා ඒ පස්සෙන්ම ලිෆ්ට් එක ඇතුලට ආවා.
තාමත් අර දැකපු මොහොතේ පටන් ගත්තු ලබ් ඩබ් සද්දයට නැවතීමක් නොවෙනකොට, මට පිටුපාලා මගේ ඉස්සරහා ලිෆ්ට් එකේ හිටගෙන ඉන්න ඒ රුව ස්කෑන් කලා.
ළඟට මෙහෙම බලනකොට, මට වඩා අඟල් දෙක තුනක් ම උසයිද කොහෙදෝ.
වී ශේප් එකේ බොඩි එක..
අඩක් අත් නවා තියෙන ෂර්ට් එක නිසා පෙනෙන ඉලිප්පුනු ලා නිල් පැහැ නහර..
එක අතකට බ්ලේසර් එක අරගෙන තවත් අතක් ෆෝන් එක පුරා යවමින් ඉන්න ඒ රුව..
ලිෆ්ට් එක පුරාම විසිරිලා තියෙන එයාට ආවේනික ඒ සුවඳ..
නවත්තපිය ඔය නටන එක පපුව!
මම ෆයිල් එක නැති දකුණු අතින් හිමිහිට පපුවට තට්ටු කරගත්තා.
ලිෆ්ට් එක දහ හතර වෙනි තට්ටුවට ගිහින් නැවතෙනකොට මම හොඳ හුස්මක් ගන්නා ගමන්ම එයා පස්සෙන් අඩිය තිබ්බා.
මේ ෆ්ලෝ එක අයිති වුනේ චෙයාමන්ට සහ ඩිරෙක්ට බෝඩ් එකට. මීට කලින් එකම එක වතාවක් ඩිරෙක්ට කෙනෙක් හමුවෙන්න මිස්ට වේන් එක්ක ඇවිත් පුරුද්දට මම වටපිට බැලුවා.
ලිෆ්ට් එකෙන් වම්පැත්තෙ ලොකුම කොටසක් චෙයාමන් ඔෆිස් එක වෙනකොට, දකුණු පැත්ත ඩිරෙක්ටර්ස්ලාගේ රූම්ස් වලට වෙන් වෙලා තිබුනා.
ලිෆ්ට් එකෙන් වම් පැත්තට තියෙන ලොකු පැසේජ් එක ලඟ දැනටමත් එයාගෙ පිටිපස්සෙන් හැමවෙලාවෙම දුවන එයාගෙ සෙකට්රි ඇවිත් හිටියා.
"ගුඩ් මෝනින් සර්..
සෙකට්රි කෙල්ල මගේ දිහාවටත් කෙටි බැල්මක් හෙලන අතරේ එයාට සුභ පැතුවා.
අද ශෙඩූල් එක ඊමේල් කරලා තියෙනවා. උදේ මීඩියා9 වලින් අපොයින්ට්මන්ට් එකක් ඇවිත් තියෙනවා.
මම ඩීටේල්ස් ටික කැබින් එකෙන් තිබ්බා.
සර් කන්ෆර්ම් කරනවනම් මම එයාලට ඉන්ෆෝම් කරන්නම්.."
YOU ARE READING
Carnation | කානේශන් | BL Sinhala Novel
Romanceරතු පාට කානේශන් පෙත්තක් පාවෙලා ඇවිදින් මගේ අත උඩටම වැටෙනකොට, මම ඈතට ඇදිලා යන ඔහුගේ රුව දිහාවට ආයෙමත් මගේ නෙත් පා කලා... රතුපාට කානේශන් වල තේරුම 'මම ඔයාට ආදරෙයි' කියන එක... ඉතින් තවත් ඔයාට තේරෙන්නෙ නැද්ද...? මම ඔයාට ආදරෙයි කියලා... කෙවින් වගීෂ | ර...