Chapter 11 | බලාපොරොත්තු

77 7 6
                                    

🌸

"මේ රෝවන්ගේ ඇසිස්ටන් ද?"

චෙයාමන් මගේ දිහා බලාගෙනම ඇහුවා.

"නෝ අන්ක්ල් මේ ඉන්නේ ප්‍රොජෙක්ට් එකේ ලීඩර්. සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකම හැන්ඩ්ල් කරන්නේ කෙවින්."

"හ්ම්, පුතාගේ පේරන්ට්ස්ලාත් මෙහේමද?"

චෙයාමන් මගෙන් අහනකොට මම කලබල වුනේ හදිසියේම ඒ අහපු ප්‍රශ්ණේ මේ වෙලාවට ගැලපෙන ප්‍රශ්ණයක් නොවන නිසා.

මේ වෙලාවේ ඒ වගේ ප්‍රශ්ණයක් අහාවි කියලා හිතලවත් තිබුණේ නැති මම කලබලෙන් ඇස් එහා මෙහා අරගෙන ගියා.

මට කවුරුත් නෑ කියලා කියන්නද?

"ඩැඩී... අපි ප්‍රොජෙක්ට් එක ගැන කතා කරමු නේද?

ඒප්‍රීල් ගේ ඉඟිය තේරුම් අරගෙනදෝ චෙයාමන් ආයෙමත් මගේ දිහා බලලා ඔලුව වනනකොට, එතැන ඉඳන් ලොකු වෙලාවක් ඇදිලා ගියේ ප්‍රොජෙක්ට් බ්‍රීෆ් එකට.

"ඒ ටික විතරයි වෙනස් වෙන්න ඕනි රෝවන්. මට ඕනෙ එක වැඩෙන් හොටෙල්ස් චේන් එකත් ප්‍රමෝට් කරන්න.
ඒ නිසා අන්තිම ශූට් එක අපි සැෆෝරා එකේ කරමු.."

"ඉශූ එකක් නෑ අන්ක්ල්.. කෙවින් ප්‍රපෝසල් එක රිවයිස් කරලා එවයි. ඒක කන්ෆර්ම් කරපු ගමන් අපි ශූට් එක පටන් ගන්නවා.."

"පුතා.. මම හිතුවා ඒප්‍රීල්ට සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක හැන්ඩ්ල් කරන්න දෙන්න අපේ පැත්තෙන්..
එයා කොහොමත් ප්‍රොජෙක්ට් එක බලපු නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑනේ.."

"ඕකේ අන්ක්ල්.. ඒප්‍රීල් කොහොමත් මේන් මොඩ්ලනේ. අපි එහෙම කරමු. මම අන්ක්ල්වත් අප්ඩේට් කරන්නම්.."

"දැන් අන්ක්ල් කියන එක නතර කරන්න වෙයි ඉස්සරහට.."

මම දැක්කා චෙයාමන් දිලිසෙන ඇස් වලින් රෝවන් දිහා බලාගෙන ඉන්නවා.
මගේ ඔලුව පුරාම විදුලියක් වගේ පැතිරෙනකොට, මම දැනුනා පපුව හිමි හිමිහිට රෙදෙන්න පටන් ගන්න බවක්.

මං මෙතන ඉන්න එකෙන් වෙන්නේ මගේ හිත තව තවත් කැඩිලා බිඳිලා යන එක.

Carnation | කානේශන් | BL Sinhala NovelDonde viven las historias. Descúbrelo ahora