Chapter 13 | ඉරට වැහිවලා ගැලපෙන්නෙ නෑ

11 3 0
                                    

🌸

"ඔයාට අඩුම ගානේ ගිහිල්ලා ඒ ලමයට හායි කියලා එන්නවත් බැරි තරමට වැඩද රෝවන්.."

මමීගෙ සද්දෙ ලිවින් එක පුරාවටම යනකොට, මම එක අතකින් නලල තද කරගත්ගා.

කියන්න ඕනි හැමදේම එකපාරක් කියලා තියෙනකොට මට තේරෙන්නෙ නෑ ඇයි මමීට ඒක තේරෙන්නෙ නැත්තෙ කියලා.

මට තවත් බිස්නස් මෙරේජ් එකක් කරගන්න ඕනි නෑ.
බිස්නස් මෙරේජ් එකක් තියා, මට පාට්න කෙනෙක්වත් ඕනි නෑ.

මම තාමත් එයා එනකන් බලන් ඉන්නවා කියලා කිව්වට ඇයි මමීට තේරෙන්නෙ නැත්තේ.

මම වචනයක්වත් නොකියාම බැක් පැක් එක, එක අතකින් අරගෙන මගේ නිල්පාට ස්පෝර්ට්ස් කා එකට නැග්ගා. අද ඉඳන් සෙමෙස්ට එක පටන් ගන්නවා.
මේ පටන් ගන්න යන්නේ කැම්පස් ඉන්න අන්තිම දවස්.

මම බැක්පැක් එක පිටිපස්සෙන් දාලා ඩ්‍රයිවින් සීට් එකට නැග්ගා. එහෙමම පැසේන්ජ සීට් එක දිහා බලලා හුස්මක් පහලට දැම්මා.

ඔයත් හිටියා නම් අපි දෙන්නට එකට යන්න තිබුණා.

කැම්පස් එකේ ගේට් එකෙන් වාහනේ ඇතුලට දාලා මගේ ඩිපාර්ට්මන්ට් එකට එනකොටම මං දැක්කා කට්ටිය දුවන් එනවා.

හැමෝම මගේ කා එක අඳුරගෙන.

මම ඩිපාර්ට්මන්ට් එකේ ලයිබ්‍රි එක ඉස්සරහාම තියෙන පාකින් එකට කා එක දානකොටත් මාව බලන්න ආපු ගෑනුළමයි පිරිමිළමයි කා එක වට කරගෙන හිටියා.

වෙනදට නම් මේ අවදානය මට ගානක් නැති වුනත්, අද නම් මට මේක කරදරයක් වෙලා තිබුණා.

මම වාහනේ ඩ්‍රයිවින් සීට් එක ඇරලා එලියට ආවෙ වටේ ඉන්න හැමෝම දිහා බලලා සීතල බැල්මක් දෙනගමන්.

"Rowen I Love You..."

ඔන්න පටන් ගත්තා.. මේ කෙල්ලන්ට පිස්සුද මං අහන්නේ. මං සෙලිබ්‍රිටි කෙනෙක් වගේවත් පේනවද?

වටේ ඉන්න අයගේ ගෝසාව අතරේ තවත් එක ගෑනු ලමයෙක්ගේ කටහඬක් සියලු කටහඬවල් අභිබවා ඇහුනා..

Naabot mo na ang dulo ng mga na-publish na parte.

⏰ Huling update: 11 hours ago ⏰

Idagdag ang kuwentong ito sa iyong Library para ma-notify tungkol sa mga bagong parte!

Carnation | කානේශන් | BL Sinhala NovelTahanan ng mga kuwento. Tumuklas ngayon