Chapter 3 | සුසුම්

84 13 6
                                    

🌸


මම උදේ ඇස් ඇරියේ ඒ ඇස් දිහාම බලාගෙන.
මගේම අත් වලින් ඇඳපු ඒ ඇස් දිහා බලාගෙන..

තවම උදේ පහටවත් නොවුනත්, ඔෆිස් අවර්ස් වලින් විතරක් කම්ප්ලීට් කරගන්න බෑ කියලා දැනගෙනම මැනේජර් දුන්න ෆයිල් එක කරන්න තියෙන නිසා මම නැගිට්ටේ ඔෆිස් එකට යන්න ලෑස්ති වෙන්න.

උදේම නිසා ට්‍රැෆික් මග ඇරලා එන්න පුළුවන් වුනත් ඔෆිස් එකට එනකොට උදේ හයාමාර වෙලා තිබුනා.

මම ලිෆ්ට් එකට නැග්ගේ අද ඉස්සෙල්ලාම කරන්න ඕනි වැඩ ටික ඔලුවට දාගන්න අතරේ.

ඉස්සෙල්ලාම ප්‍රොජෙක්ට් එක අයිති කම්පැනි එකේ සම්පූර්ණ ඩීටේල් ෆයිල් එකක් හදන්න ඕනි. ඊට පස්සේ එයාලගේ කලින් ප්‍රොජෙක්ට්ස් වල ඩීටේල්ස් වෙන වෙනම ෆයිල් හදාගන්න තියෙනවා.

ඇත්තටම දවස් තුනකින් මේ ඔක්කොම කරන්න මං දෙයියෙක් කියලා හිතුවද දන්නෑ.

ටීම් එකේ අනිත් අයවත් පැක් කරලා. අඩුමගානෙ මට ඇසිස්ටන් කෙනෙක්වත් ගන්න විදියක් නෑ.

මැනේජර්ට හිතින් බැන බැනම මම ලිෆ්ට් එකෙන් එලියට ඇවිත් ඩිපාර්ට්මන්ට් එක පැත්තට හැරෙන්න හදනකොටම මම ආපු ලිෆ්ට් එකට එහා පැත්තේ ලිෆ්ට් එක නතර වෙලා සද්දයක් එක්කම ඇරුනා.

මෙච්චර උදෙන් ඔෆිස් එන, මං වගේ අනිත් මොලේ අමාරුකාරයා කවුද?

මගේ සාමාන්‍ය පෝකර් ෆේස් එකෙන් එලියට ඇවිත් හීන් හිනාවක් මූනේ ඇඳගෙනම පිටිපස්සට හැරුනා.

ඒ රුව දැකලා මගේ දෑස් ගැස්සුනෙත්, ටැබ් එකට දෑස් යොමන් හිටපු එයාගෙ මූන මගේ දිහාවට හැරුනෙත් එකවරමයි.

ඔෆිස් එකේදි ඒ මූන දකින පලවෙනි වතාව මේ නොවුනත්, අද ගොඩාක් ලඟට දකින නිසාදෝ, අවුරුදු ගානකට කලින් පලවෙනි වතාවට දකිනකොට දැනුනු ඒ ගැස්ම ආයෙත් දැනෙන්න පටන් ගත්තා.

සෙකයි ඉන්ටර්නැෂනල් ජාලයේ හිමිකාරයා..

මම වැඩ කරන කම්පනි එකත් අයිති චෙයාමන්..

එහෙමත් නැත්නම් මගේ ආදරේ..

ළඟම ඉඳලත් අයිති කරගන්න බැරි, අදටත් ඒ නමින් හුස්ම වැටෙන මගේ වන්සයිඩඩ් ලව් එක..

Carnation | කානේශන් | BL Sinhala NovelOù les histoires vivent. Découvrez maintenant