Chapter 5 | ඔහුගේ අතෙහි වෙලුනු සිහින් දෑත්

70 10 11
                                    

🌸

වාහනේ කොහෙදෝ ඇවිත් නවත්තනකන්ම මම එයා දිහා මූන හරවලා නොබලා ඉන්න පරිස්සම් වුනා.
ඒ වුනත් ඇස් කොන...ටම රිංගන්, හොරෙන් එයා දිහා බලන ඇස් වලට වැට කඩොල් බඳින්න නම් මට බැරි වෙලා තිබුනා.

මගක් දුරක් එනකම් හොර වැඩේ කරගෙන ආපු මම, හුස්මක් පහත හෙලන අතරේ ඇස් වලට තරවටු කරගෙනම පහුවෙන ගොඩනැගිලි පාලම් පාරවල් දිහා වට නෙත් අරන් ගියා.

මම ආසයි මෙහෙම එයත් එක්ක ඉන්න.

තමන් ආදරේ කරන කෙනත් එක්ක කාලය ගත කරන්න මේ ලෝකේ මොන මනුස්සයාද අකමැති?

ඒත් ඒ කැමැත්ත ඇතුලෙත් මට තිබුනෙ බයක්...

ලොකූ..ම ලොකු බයක්.

ඉතින් ජනේලෙන් එපිටට මගේ මූන හැරවිලා තිබුනත්, මගේ හිත තිබුනේ වෙන කොහේවත්.

තවත් විනාඩි ගානකට පස්සේ කොහේදෝ ඇවිත් කාර් එක නැවැත්තුවාමයි මම හුස්මක් අරගෙන වටපිට බැලුවේ.

ඇවිත් තිබුනේ මේ සිමෙන්ති වලින් වැහුනු ටවුන් එකට නොගැලපෙන තැනකට.

මේ තරම් අවුරුදු ගානක් මේ ටවුන් එකේම ජීවත් වෙලාත් මම කවදාවත් නොදැකපු ලස්සන ලෝකයකට.

මේක පොඩි රෙස්ට්‍රෝරන්ට් එකක්.
කා එකෙන් බහිනකොටම ඇස් යන්නේ මැද තියෙන ටිකක් ලොකු පොකුන ළඟට. ඒ ඇතුලේ පිපිලා තියෙන දම්පාට ඕලුමල් වලට. ඊටත් පස්සේ පොකුන වටේට හදලා තිබුනු පොඩි හට් වලට. ඒ තුල තියෙන සැපපහසු වේවැල් පුටු වලට.

අන්තිමටම මම ඇස් ගෙනිච්චේ තට්ටු දෙකකට හදලා තිබුනා වුනත් පොඩිම පොඩි ගොඩනැගිල්ලට.

එතන වෙන්න ඕනි මේ රෙස්ට්‍රෝරන්ට් එකේ කිචන් එක තියෙන්නේ.

අඳුරු වැටිලා තිබුනු මේ යාමයේත් පොඩි පොඩි ලයිට්ස් වැල් ඇදලා තිබුනු මේ තැන මට පෙනුනේ දිව්‍ය ලෝකයක් වගේ.

හරිම ලස්සනයි...

"යමු මිස්ට කෙවින්."

Carnation | කානේශන් | BL Sinhala NovelOù les histoires vivent. Découvrez maintenant