Chapter 6 | ඉතින් මම එනකන් තව ටිකක් හුස්ම ගන්න

86 11 10
                                    

මගේ දෑස් ඒ එකට එක්වුණු අත් දිගේ හිමින් හිමින් ඉහලට ගියා.

මටම තේරුණත් මම හිත හයිය කරගන්න ඕනි කියලා, මට තේරුණේ නැත්තේ ඒක කරන්නේ කොහොමද කියලා.

"ගුඩ් මෝනින් සර්..."

ඒ මූනු බලන්න බැරිකමට දෙදෙනාගේම උරහිස් ළඟින් නැවතුනු ඇස් අතරේ මම හිමිහිට සුභ පැතුවා.

"මීටින් එකට හැම දෙයක්ම රෙඩී සර්..."

මම දෑස් බිමට හරවන ගමන් කිව්වා.

කහ පාට අත් නැති සේද ගවුමට ඉඳගන්න එයා ළඟම පුටුවක් පිටිපස්සට කරපු එයා, එයාගේ පුටුවෙන් වාඩිවෙලා ෆයිල් එක පෙරලලා බලනවා මගේ ඇස් කොන් වලට පෙනුනා.

සමහරවිට යාලුවෙක් වෙන්න ඇති.
නෑදෑ කෙනෙක් වෙන්නත් ඇති.

මම හිමිහිට හිතත් එක්ක එකට එක කියන ගමන් රණ්ඩු වුනේ මගේ අතට ෆයිල් එක ගන්න ගමන්.

ඒත් ඇයි මීටින් එකට එයා ඇවිත් ඉන්නේ?

මට දැනුනේ මගේ ඇඟ ඇතුලේම මොකක් හරි පෙරලියක් වෙනවා වාගේයි.

මම හිමිහිට එක අතක් පපුවට තද කරගත්තේ හුස්ම හිරවෙන්න වගේ දැනුනු නිසයි.

තව ටිකක් ඉවසපන් පපුව. මේ වෙලාවෙ නෙමෙයි.

ඒත් එක්කම මීටින් රූම් එකේ දොර ඇරෙමින් වැහෙමින් ඩිපාර්ට්මන්ට් හෙඩ්ස්ලා ඇතුල් වෙනවාත්, කහ පැහැ සේද ගවුම දකින දකින වාරයක් පාසා ඔවුන්ද පුදුම වන බවත් මම විශාල මේසයේ මේ කොනේ සිට බලාන උන්නා. ඒත් මට තවමත් සේද ගවුමේ මූන දිහාව බලන්න බැරිකම නිසාම ෆයිල් එකට ඔළුව ඔබාගත්තා.

"පටන් ගමු මිස්ට කෙවින්.."

හැම දෙයක්ම පිළිවෙලට හදාගෙන හිටියත්, මම හිත ඩග් ඩග් ගාලා ගැහෙන්න පටන් ගත්තේ කරුණු කීපයක්ම නිසාය.

එක... මේ මගේ පළවෙනිම ප්‍රසන්ටේශන් එක.

දෙක... මගේ ඉස්සරහා ඉන්නේ එයා.

තුන... කහ පාට සේද ගවුම මාව කලබල කරන නිසා.

ඒ මදිවට එකපාරටම දැනුනු ඇඟට අපහසු ගතිය.

මේ ඔක්කොම හිතන්න දැන් කාලය නොවුනු බව මම දන්නවා වුනත්, හිත මට්ටු කරගන්න උත්සාහා කරන අතරේ මම බිත්තියක්ම වැහිලා තියෙන ලොකු ස්ක්‍රීන් එකට එහා පැත්තෙ පෝඩියම් එකෙන් හිටගත්තා.

Carnation | කානේශන් | BL Sinhala NovelOù les histoires vivent. Découvrez maintenant