තවත් විනාඩි ගානකින් හොස්පිට්ල් එකට ආපු මම දුවගෙනම රිසිප්ශන් එක ගාවට ආවා.
"රෝවන්.. රෝවන් ෆර්ඩිනෑන්ඩෝ.. ඇක්සිඩන්ට් එකක් වෙලා ආපු කෙනා"
"ෆෝත් ෆ්ලෝ.. VIP Room Number 9.."
තවත් මොනවදෝ කියන්නට තතනන නර්ස් දිහාවට බැල්මක් වත් නොදා මම දුවගෙන පඩිපෙල නැග්ගා.
තුන්වෙනි තට්ටුවේ පඩිපෙළෙන් හතරවෙනි තට්ටුවට නගිනකොටම එතනම තිබුනු ලිෆ්ට් එකේ දොර පොඩි හඬකුත් එක්කම විවර වෙනකොට මට යාන්තමට සිහියට ආවා.
මේ ආපු එකේ පඩිපෙලෙන්ම යනවා.
හතරවෙනි තට්ටුවම වෙන්වෙලා තිබුනේ VIP Rooms වලට.
ඇතුල්වෙන තැනම තිබුනු නර්ස් ඔෆිස් එක ළඟට ගියේ අංක නමය කාමරය ඇස් වලින් හොයන ගමන්.
"රෝවන් ෆර්ඩිනෑන්ඩෝ... රූම් නම්බ 9.."
නනොඉවසිලිමත් මගේ හඬ නර්ස් ඩෙස්ක් එක පුරාම යවන අතරේ මම කලබලෙන් අංක නමය කාමරය ඇස් වලට අහු කර ගන්නට දැගලුවා.
" සර්ගේ නමයි ෆෝන් නම්බ එකයි මේ ලොගින් එකේ ලියලා මේ පැත්තෙන් එන්න සර්.."
මං ඉක්මනින් අවශ්‍ය තොරතුරු නර්ස් දුන්නු පොතේ සටහන් කරල නර්ස්ගේ පිටුපසින්ම ගිහින් අංක නමය කාමරය ළඟින් නැවතුණා.
දොර ළඟ කළු ඇඳගත්තු ආරක්ෂකයන් තුන් දෙනෙක් ඉන්නකොට එක්කෙනෙක් ඇවිත් මගේ ඇඳුම් වල අස්සක් මුල්ලක් නෑර චෙක් කලා. මං හිතන්නේ ඒප්‍රීල් මම එනවා කියලා එයාලට කියන්න ඇති.
නර්ස් දොර අරින්න යනකොට මං ඈව නවත්තුවේ ඇතුලට යන්න කලින් මට තව තත්ත්පරයකට හුස්මක් ගන්න ඕනි නිසා.
මං දන්නවා මගේ හිත ශක්තිමත් නෑ එයාට තුවාල වෙලා ඉන්නවා දකින්න තරම්.තවත් තත්ත්පරයකට පස්සේ බොඩිගාඩ් කෙනෙක් ඇරලා දුන්නු දොරෙන් මම ඉක්මනින් ඇතුලට ආවා.
සෙකයි කෝපරේශන් වල එකම අනාගත අයිතිකාරයා මේ විදියට වී අයි පී කාමරයක තනියම ඉන්නවා කියලා හිතුවෙම නෑ.
මම බලාපොරොත්තු වුණේ ජනාකීර්ණ වටපිටාවක්.
අඩුම ඒප්‍රීල් කියපු එයාගෙ කිසිම කෙනෙක් මම එලියෙදි දැක්කෙත් නෑ මෙතන හිටියෙත් නෑ. හැමදේටම හිටියේ ආරක්ෂකයෝ තුන් දෙනෙක් විතරමයි.
VOCÊ ESTÁ LENDO
Carnation | කානේශන් | BL Sinhala Novel
Romanceරතු පාට කානේශන් පෙත්තක් පාවෙලා ඇවිදින් මගේ අත උඩටම වැටෙනකොට, මම ඈතට ඇදිලා යන ඔහුගේ රුව දිහාවට ආයෙමත් මගේ නෙත් පා කලා... රතුපාට කානේශන් වල තේරුම 'මම ඔයාට ආදරෙයි' කියන එක... ඉතින් තවත් ඔයාට තේරෙන්නෙ නැද්ද...? මම ඔයාට ආදරෙයි කියලා... කෙවින් වගීෂ | ර...