Chapter 10 | තටු ලැබුණු ආදරේ

76 8 4
                                    

🌸

සතියේ දවස් පහේ උදේ හතරට වැදෙන එලාර්ම් එක වදිනකනුත් මං හිටියේ ඔහේ ඇඳ උඩට වෙලා ඇස් ඇරගෙන.

ඇඟට දැනෙන පන නැති ගතිය අතරේ මම නැගිට්ටේ වොෂ් එකක් දාන්න යන්න.

කොච්චර අමාරු වුනත් මට ඔෆිස් යන්න වෙනවා. ප්‍රොජෙක්ට් එකේ අන්තිම වැඩ ටික කරන මේ වෙලාවෙ මගෙ අමාරුකම් පිටින් දාලා මට ගෙදර නවතින්න බෑ.

අනිත් එක... මම හිතන්නේ මට ඩොක්ට කෙනෙක්ව හම්බ වෙන්න යන්න වේවි.

මම නොදන්න දේවල් ඇති මේ අසනීපය ගැන...
සමහරවිට මට ජීවත් වෙන්න පුළුවන් වේවී.
මොකද මම දැනන් හිටියේ හනාහකි වලින් ජීවත් වීමක් නැතුව මැරෙනවා කියලා විතරයි.

කකුල් දෙක බිම තියනකොට මාව බිමට කඩන් වැටුනේ ඇඟේ ශක්තිය බිංදුවටම ගිහින් කියලා පෙන්නන්න වගේ.

මම ඇඳ අල්ලගෙනම හිමිහිට නැගිටලා වොෂ් රූම් එකට ගියා.

වොෂ් දාගෙන ඇවිත්, ඇඳුම් ඇඳලා ලිවින් එකට එනකොට තවමත් ටී වී එක ඔන් වෙලා තිබුණා.

එහෙන්මම ඒක ඕෆ් කරලා මම මේසෙ උඩ පරන වෙලා තිබුණු කෑම එක බින් එකට දැම්මා.

අද එයා සමහරවිට ඔෆිස් ඒවී.
ඔයා ඔයාව පාලනය කරගන්න ඕනි කෙවින්.

අපාට්මන්ට් එක ළඟින්ම මම ටැක්සි එකක් ගත්තා.
බලාපොරොත්තු ඇස් ඉස්සරහා කඩන් වැටෙනකොට දැන් ඉතින් මොනාට කියලා ඉතුරු කරන්නද?

ඔෆිස් එක ඉස්සරහාට එනකොට උදේ හතහාමාරයි.
ඕ ටී දෙතුන් දෙනෙක් ඇර මම නම් හිතන්නෙ නෑ තවමත් කවුරුත් ඇවිත් ඇති කියලා.

මං හිමින් හිමින් ඇවිත් ලිෆ්ට් එකට නැග්ගා. මේ සතියත් මම ඉන්න ඕනි එයා ඉන්න ෆ්ලෝ එකේමයි.

ලිෆ්ට් එකෙන් එලියට බහිනකොට කොරිඩෝව පුරාවටම ලයිට්ස් ඔන් වෙලා තිබුණා.

සමහරවිට ශෙරීල් වෙන්න ඇති.

මම එහෙම හිතන ගමන් මට වෙන් වෙලා තිබුණු කාමරයට ආවා.

"මිස්ට කෙවින්.. ගුඩ් මෝනින්"

මාව තත්ත්පරයකට සීතල කරන ගමන් ඒ හඬ එහෙම කියනකොට අර වෙන වෙලාවට කොහෙදෝ හැංගිලා ඉඳලා එයා මගේ ඉස්සරහට එන වෙලාවටම ඇවිත් නටන්න පටන් ගන්න හිත හංගගන්න මං උත්සාහා කලා.

Carnation | කානේශන් | BL Sinhala NovelTahanan ng mga kuwento. Tumuklas ngayon