🌸
ඔෆිස් එකේ ඉඳලා ගෙදර යන්න ලෑස්ති වෙනකොට නමයත් පහු වෙලා තිබුනා. ඔෆිස් ටේබ්ල් එක ලස්සනට අස් කරලා මම ඉස්සෙල්ලාම කලේ ළඟ තිබුනු වතුර බෝතලය බීගෙන යන එක. හොඳටම තිබහයි.. බඩගිනියි..
මම ඩිපාර්ට්මන්ට් එකේ ලයිට්ස් ඕෆ් කරන ගමන් ම එලියට ආවා.
පාලුවට ගිය කොරිඩෝව දිගේ ගිහින් ලිෆ්ට් එකේ බට්න් එක ප්‍රෙස් කලේ මට විතරක් ඇහෙන්න සිංදුවක් මුමුනන ගමන්.
ජීවිතය සුන්දරයි, ඒත් සමහර වෙලාවට හරිම ඒකාකාරියි.. දරාගන්න බැරි තරම් පාලුයි..
ඔෆිස් එක ටිකක් පාස් කරගෙන යනකොට ම තියෙන බස් හෝල්ට් එකට ගිය ගමන්ම වාගේ බස් එකක් ආපු එක සහනයක් වුනා.
මීට මාස හය හතකට කලින් ගත්තු මේ අපාට්මන්ට් එක තිබුනේ ඔෆිස් එකේ ඉඳලා විනාඩි හතලිහක විතර දුරින්.
ඊටත් කලින් මම නැවතිලා හිටියේ කැම්පස් යන්න පටන් ගත්තු දවස් වල ගත්තු පොඩි කාමරයේමයි.
ග්‍රැජුවේශන් එකෙන් පස්සෙ ඇප්ලයි කරපු පලවෙනි ජොබ් කීපයෙන් එකක් උන මේ කම්පනි එකේම ජොබ් එක මට හම්බ වෙනකොට මම හිටියේ රටක් රාජ්ජයක් ලැබුනා වගේ.
පලවෙනි මාස හය ගෙවිලා මම ස්තීර සේවකයෙක් වෙනකොට එතනින් එහාට අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා මම ටීම් ලීඩර් කෙනෙක් විදියට උසස් වීම් ලැබුවා.
මම අපාට්මන්ට් එකේ ගේට් එක පාස් කරලා ආවෙ නිදි කිර කිර ඉන්නා සෙකියුරිටි අන්ක්ල් දිහාවට හිනාවක් දෙන ගමන්.
පාලුවට ගියපු යටම තට්ටුවේ තිබුනු ලිෆ්ට් එකෙන් මම හිටපු තට්ටුවට ඇවිත් අතේ තිබුනු යතුරෙන් දොර ඇරියා.
දොර ඇරුනේ ලිවින් එකට වෙනකොට, දොර කෙලින්ම එහා කොනේ බිත්තිය වෙනුවට තියෙන ජනෙල් පේලියෙන් එපිට රෑට දිලිසෙන නගරය දිහා බැලුවා.
පාට පාට ආලෝක එක්ක, පොඩීවට පේන ගෙවල් බිල්ඩින්ස් එක්ක මම ටවුන් එක දැක්කේ ලස්සන මිල්කි වේ එකක් වගේ.
අටවෙනි තට්ටුවේ තිබුනු මේ අපාට්මන්ට් එකෙත් මම මීට කලින් හිටපු රූම් එකෙත් තිබුන එක සමානකමක් තියෙනවා.
أنت تقرأ
Carnation | කානේශන් | BL Sinhala Novel
عاطفيةරතු පාට කානේශන් පෙත්තක් පාවෙලා ඇවිදින් මගේ අත උඩටම වැටෙනකොට, මම ඈතට ඇදිලා යන ඔහුගේ රුව දිහාවට ආයෙමත් මගේ නෙත් පා කලා... රතුපාට කානේශන් වල තේරුම 'මම ඔයාට ආදරෙයි' කියන එක... ඉතින් තවත් ඔයාට තේරෙන්නෙ නැද්ද...? මම ඔයාට ආදරෙයි කියලා... කෙවින් වගීෂ | ර...