2 months later
ජන්කුක් ආයෙත් වතාවක් හොදටම බිදිලා හිටියා... මේ වතාවේ ජන්කුක් කලින් වතාවට වඩා හිතින් කඩාගෙන වැටිලා හිටියා... ජන්කුක් ඇද ලග බිම ඉදගෙන ඔලුව සිනිදු බෙඩ්ශීට් එක උඩින් තියාගෙන බිත්තිය දිහා බලාගෙන හිටියා...
මේ මාස දෙක ඇතුලත හන්බින් වෙනස් වෙලා හිටියා... වෙලාවෙන් වෙලාවට වෙනස් විදියට හැසිරුනත්, හන්බින් ඉස්සරට වඩා ජන්කුක්ට හොද විදියට සැලකුවා... ජන්කුකට ලොකු අපහසුතාවයක් දැනුනා... Pregnancy hormones නිසා ජන්කුක් ගොඩක් සෙන්සිටිව් වෙලා හිටියා... පොඩි දේටත් තරහා ගන්න, ඒ තප්පරෙන්ම දුක හිතිලා අඩන්න ජන්කුක් පුරුදු වෙලා හිටියා... පුලුවන් හැම වෙලාවෙන යුන්ගි ජන්කුක්ගේ ලගින් හිටියා... හන්බින්ට සැක හිතෙන්නේ නැති වෙන්න,
ජන්කුක්ට ලොකු බඩගින්නක් ආවා... උදේ ඔම්ලට් එක ජන්කුක්ට ඕන විදියට හදලා දුන්නත්, ජන්කුක් ඒක රස නෑ කියලා විසි කරලා දාලා අඩාගෙන රූම් එකට ගිහින්, එහෙමම සෝෆා එකේ නිදා ගත්තා... යුන්ගි ගෙදර හිටියේ නැති නිසා මේඩ් ජන්කුක්ගේ රූම් එකට යන්න බයවුනා... ජන්කුක් සමහර වෙලාවට පුදුම තරම් කියුට් විදියට හැසිරුනත්, තවත් වෙලාවකට ඩෙවිල් කෙනෙක් වගේ කෑගහන නිසා...
ජන්කුක් නිදාගෙන නැගිටලා අවුරුදු ගානකට පස්සේ ටේහ්‍යොන්ග්ගේ සුදුපාට ශර්ට් එකක් ක්ලෝසෙට් එකෙන් හොයාගෙන ඇවිත් ඇදගෙන බිම ඉදගෙන හිටියා... ටේහ්‍යොන්ග් ගැන හොයාගන්න විදියක් කල්පනා කරලම ජන්කුක්ට මහන්සි දැනුනා...
ජන්කුක් හිමින් නැගිටලා හිටගත්තා... ජන්කුක්ගේ යටි පතුල් සීතලට හිරි වැටිලා වගේ දැනුනා... ඒත් ඒක ගැන හිතන්නේ නැතුව සීතල ටයිල් පොලොවේ ජන්කුක් නිකම්ම ඇවිදගෙන පහලට ගියා... කිචන් එකට ගිය ජන්කුක් මේඩ් ඉන්නවා දැකලා, හිනාවෙලා කවුන්ටර් එකේ පුටුවකින් වාඩි වුනා... මේඩ් හිනාවෙලා කර කර හිටිය වැඩේ නවත්තලා ජන්කුක් දිහා බැලුවා...
ජන්කුක්ගේ කම්මුල් පිරිලා රෝසපාට වෙලා තිබුනා... කොණ්ඩේ උරහිස ලගට යනකන් වැවිලා තිබුනා... පෙනුම ගැන හිතන්න ජන්කුක්ට ඇත්තටම අමතක වෙලා තිබුනා... ඒත් ජන්කුක් දවසින් දවස ලස්සන වෙන්න ගත්තා... මේඩ් ආසාවෙන් කියුට් මූණ දිහා බලාගෙන හිටියා... "යන්ග් මාස්ටර්"
YOU ARE READING
my dandelion ||vkook||
Fanfiction[ sequel to lucifer ] "What are you doing here in las vegas taehyung" "Oh I do bad things" taehyung smirked.. Taekook Mafia/gangster au Smut warning