eighteen

1K 180 23
                                    

පවුලේ අය ඇරුනම හැමෝම ටේහ්‍යොන්ග්ගේ ගෙදරින් ගිහින් තිබුනා... රියානා අඩන සද්දේ ගෙදර පුරාම විසිරිලා ගියා... රියානා ජන්කුක්ගේ පපුවට ඔලුව තියාගෙන පුලුවන් තරම් හයියෙන් ඇඩුවා... ජන්කුක් රියානව පපුවට තුරුලු කරගෙන ඔහේ බලාගෙන හිටියා...

"ජන්කුක්" ජිමින් ජන්කුක්ගේ උරහිසෙන් අත තිබ්බා... "ජන්කුක් කතා කරන්න දැන් කොච්චර වෙලාවක් ගියාද?" ජිමින් ජන්කුක්ගේ උරහිස හෙලෙව්වා... "ෆො ගෝඩ්සේක් කුක්" ජිමින් ජන්කුක්ගේ අතින් රියානව ගන්න හැදුවා... රියානා තවත් හයියෙන් කෑගහලා අඩන්න ගත්තා... ජන්කුක් ජිමින් දිහා තියුණු ඇස් වලින් බලලා, ජිමින්ගේ අත ගසලා දැම්මා...

"අල්ලන්න එපා! මගේ දරුවව එක්කෙනෙක් වත් අල්ලන්න එපා!" ජන්කුක් කෑගැහුවා... ජන්කුක්ගේ පපුව බයෙන් වේගෙන් ගැහෙන්න ගත්තා... "එහෙනම් ඔය දරුවාව නලවනවා  කුක්" ජිමින් ඒ වගේම කෑගහලා කිව්වා...

"මට පුලුවන් මගේ දරුවා ගැන බලාගන්න, කවුරුත් ඕන නෑ!" ජන්කුක් කෑගහලා රියානව අරගෙන පඩිපෙල දිගේ උඩට ගියා... ජිමින් පුදුමෙන් බලාගෙන හිටියා...

"ඉට්ස් ඕකේ ජිමින්" යුන්ගි ජිමින්ගේ උරහිසෙන් අත තිබ්බා... "ජන්කුක් ශොක් වෙලා ඉන්නේ, මේ වෙලාවේ ජන්කුක් හොද සිහියෙන් නෙමෙයි ඉන්නේ" යුන්ගි කිව්වම ජිමින් එතනම පුටුවෙන් ඉද ගත්තා... "කොහොමද උන් ටේහ්‍යොන්ග්ගේ ගෙදර හොයා ගත්තේ?" ජිමින් යුන්ගි දිහා ඇහිබැමක් උස්සලා බැලුවා... "මම දන්නේ නෑ ජිමින්, එකපාරටම ඔක්කොම අවුල් වුනා, මට හිතාගන්න බෑ අද වුන දේ ගැන"

"ඔයාලට හිතන්න වෙනවා යුන්ගි, ජන්කුක් ප්‍රෙග්නට්, රියානට තාම අවුරුදු 2, මීට වඩා වටපිටාව ගැන හිතන්න වෙනවා, මට කියන්න එපා ඔයාලා ආයේ මාෆියා වැඩ පටන් ගත්තා කියලා" ජිමින් අමුතු විදියට යුන්ගි දිහා බැලුවා... "පිස්සුද? අපි හැමදේම ඉවර කරේ මෙහේ එන්න කලින්"

"එහෙනම් දැන් මේ මොකද්ද?" ජිමින්ට උත්තර දෙන්න හදනකොටම ටේහ්‍යොන්ග්ගේ ඔෆිස් රූම් එකේ ලොකු සද්දයක් ඇහුනා... යුන්ගි ජිමින් එක්ක ඉක්මනට ඒ පැත්තට ගියා... ඒ එක්කම රූම් එක ඇතුලේ හිටිය හොබී රූම් එකේ දොර වැහුවා... යුන්ගි, ජිමින් මූණට මූණ බලාගෙන දොර ලග හිට ගත්තා...

my dandelion ||vkook||Where stories live. Discover now