"ටේහ්‍යොන්ග් අපි කොහෙද යන්නේ" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ පිටෙන් ඔලුව තියාගෙන, ටේහ්‍යොන්ග්ගේ බඩ වටේ අත් යවලා හයියෙන් අල්ලගෙන හිටියා... ටේහ්‍යොන්ග් මෝල් එකේ පාකින් ලොට් එකෙන් එලියට ඇවිත් පටු පාරකට බයික් එක හැරෙව්වා...
"මාව විස්වාසද?" ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් ඔලුව උස්සලා නිකට ටේහ්‍යොන්ග්ගේ උරහිසෙන් තිබ්බා... "හ්ම්ම්"
"වචන ඩෝල්"
"ඔව් ටේහ්‍යොන්ග් ඔව්" ජන්කුක් කදුලු පිරුනු ඇස්දෙක තදින් වහාගත්තා... "එහෙනම් යන තැන අහන්න එපා මාත් එක්ක එන්න" ටේහ්‍යොන්ග් හිනාවුනා... ජන්කුක් තොල් දෙක උල් කරලා ටේහ්‍යොන්ග් දිහා සයිඩ් කණ්නාඩියෙන් බලලා ඇස් රෝල් කරා... "කියුට්" ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් මූණ ටේහ්‍යොන්ග්ගේ පිටෙන් හංග ගත්තා...
පැයක විතර ගමනකට පස්සේ ටේහ්‍යොන්ග් පරණ බිල්ඩින් එකක් ලග බයික් එක නතර කරා... ජන්කුක් ඔලුව උස්සලා බැලුවා... "ඔහ් ආයේ මාව කිඩ්නැප් කරලා" ජන්කුක් තොල් උල් කරගෙනම බැස්සා... ටේහ්‍යොන්ග් හෙල්මට් එක ටෑන්ක් එක උඩ තියලා ජන්කුක් දිහා බලාගෙන හිටියා... ජන්කුක් ඉස්සර තරම්ම කියුට්, ඇඩෝරබල් වුනත්, ගොඩක් කෙට්ටු වෙලා හිටියා... ජන්කුක්ගේ පිරුනු කම්මුල් නැතිවෙලා වගේ ටේහ්‍යොන්ග්ට දැනුනා... "ඩෝලී" ජන්කුක් ඔලුව හරවලා බැලුවා... "ම්ම්ම්"
"ලගට එන්න" ජන්කුක් ඉක්මනට ගිහින් ටේහ්‍යොන්ග් ලගින් හිටගත්තා... ටේහ්‍යොන්ග් ජන්කුක්ව අල්ලන්නේ නැතුව ජන්කුක්ගේ බෙල්ල මුල නහය තියලා පුරුදු සුවද නහයට ඇදලා ගත්තා... ජන්කුක් යටිතොල හපාගෙන ඇස් තද කරලා වහාගත්තා... ටේහ්‍යොන්ග්ගේ උණුසුම් හුස්ම බෙල්ල වදිනකොට ජන්කුක් හිතුවෙම එතනින් ටේහ්‍යොන්ග්ගේ තෙත තොල් දැනෙයි කියලා... ඒත්-
"ජන්කුක්" ටේහ්‍යොන්ග්ගේ ඩීප් වොයිස් එක ඇහුනම ජන්කුක් ගැස්සුනා... ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවුනා... "සෝ මට පේන්නේ හන්බින් තාම ඔයාගේ ස්වීට් ස්පොට්ස් දන්නේ නෑ වගේ" ටේහ්‍යොන්ග් කට කොනක හිනාව තියාගෙනම බයික් එකෙන් බැස්සා... ජන්කුක් කිසිම හැගීමක් නැතුව බලාගෙන හිටියා... ඕකේ හැමදේම වෙන්නේ, වෙන්න තියෙන විදියට එහෙම නෙමෙයිද? කාටවත් බෑ ජන්කුක්ට වැරැද්දක් කියන්න...
ESTÁS LEYENDO
my dandelion ||vkook||
Fanfic[ sequel to lucifer ] "What are you doing here in las vegas taehyung" "Oh I do bad things" taehyung smirked.. Taekook Mafia/gangster au Smut warning