Epilogue

1.7K 214 103
                                    

3 Years later

බිල්ඩින් එකේ උඩ තට්ටුව මිනිස්සුගෙන් පිරිලා තිබුනා... අද දවස විශේෂ නිසා පහල Motor company එක වහලා තිබුනා... ඒත් කම්පැනි එකේ CEO ගේ රූම් එකේ ලයිට් එක පත්තු වුනා...

CEO ගේ ලොකු ඩෙස්ක් එක පුරාම ඩොකියුමන්ට්ස් විසිරිලා තිබුනා... හිස් විස්කි බෝතලෙයි, පිරුනු විස්කි ග්ලාස් එකයි මේසේ කොනක තිබුනා... CEO ඩොකියුමන්ට්ස් අතර ඕනම ඩොකියුමන්ට් එකක් හොයන ගමන් කලබලෙන් හැසිරුනා...

ඩොකියුන්මට්ස් ඔක්කොම විසිරිලා නිසා මුකුත් හොයාගන්න බැරි වුනාම CEO කොල එකින් එක හදලා හරියට ෆයිල්ස් වලට දැම්මා... ෆයිල් ටික එක ගොඩකට තියලා, ඕනම ෆයිල් එක හම්බුනාම CEO හිනාවුනා... කාලෙකට පස්සේ ලස්සනට හිනාවුනා... ෆයිල් එක අරගෙන ඔලුව ඉස්සුවම ඔෆිස් එකේ දොර ඇරුනා...

"ඩෑඩ්!" රියානා ඔෆිස් රූම් දොර ඇරගෙන දුවගෙන ආවා... ටේහ්‍යොන්ග් හිනාවෙලා ෆයිල් එක බිමින් තිබ්බා... "ප්‍රින්සස්" ටේහ්‍යොන්ග් දණගැහුවා... රියානා ඇවිත් ටේහ්‍යොන්ග්ගේ අත් වලට පැන්නා... "ඔයා ලස්සනයි ප්‍රින්සස්" ටේහ්‍යොන්ග් රියානගේ කම්මුල් දෙපැත්ත කිස් කරා... අවුරුදු 6ක රියානා එන්න එන්නම ජන්කුක්ගේ නූනගේ පෙනුම ගත්තා... තඹ පාට කොණ්ඩේ ඉන ලගට යනකන් වැවිලා තිබුනා... ටේහ්‍යොන්ග් රියානගේ කොණ්ඩේ කැරැල්ලක් කන පිටිපස්සෙන් රැදෙව්වා...

ඔහ් රියානගේ ඇස්, ටේහ්‍යොන්ග්ට නිතරම ජන්කුක්ව මතක් කරා... රියානගේ හැම හැසිරීමක්ම මම් වගේමයි... ඉතින් ටේහ්‍යොන්ග්ට කිසිම පාලුවක් දැනුනේ නෑ...

ටේහ්‍යොන්ග් ෆුල්සූට් එකක් ඇදලා හිටියා... රියානා දණහිස් ලගට යනකන් දිග Frozen printed ගවුමක් ඇදලා හිටියා... ටේහ්‍යොන්ග් රියානගේ ඇස් දිහා බලාගෙන හිටියා... ටේහ්‍යොන්ග්ව එදා බේර ගත්ත ටේහ්‍යොන්ග්ගේ සුරංගනාවී... Depression වැඩිම වෙලා ටේහ්‍යොන්ග් suicide කරගන්න ගිය දවසේ රියානා ඔෆිස් රූම් එකට ඇවිත් එයාගේ ඩෑඩ්ව බේර ගත්තා... රියානට ඒක ගැන කිසිම අදහසක් නැති වුනත්, රියානා අඩාගෙන ආවම ටේහ්‍යොන්ග්ගේ අතින් ගන් එක බිම වැටුනා... ටේහ්‍යොන්ග් එදා පැය ගානක් රියානව බදාගෙන අඩලා, අඩලා කොහොමහරි හිත හදා ගත්තා...

my dandelion ||vkook||Where stories live. Discover now