🥀63.ඒ සොදුරු මතකයන් මගේම වේවි...🥀

600 118 44
                                    

~~~~~අන්දු POV~~~~~~

ධනු ව මතක් වෙද්දීත්.... දවල් උණ සිද්දීය මතක් වෙද්දි.....මට දැනුණා මගෙ කන් දෙකේ ඉඳන් පිච්චිලා යනවා....මාව රතු වෙලා ඇති හොඳටම.....

දවල් මං හිටියේ එයා ළඟට වෙලා...කිව්වත් වගේ එයා ඔහේ නින්දෙ ඉන්න අතරේ උණත් එයා ළඟට වෙලා ඉද්දී හිතට දැනුණේ සැහැල්ලුවක්...අම්මි මාව තුරුළු කරන් ඔළුව අත ගාණකොට දැනෙනවා වගේ හැඟීමක් එයාගෙ අහල පහලින් හිටියත් මට දැනුණා...මේ ටිකේම මං හිටියේ ලොකු පීඩනෙකින්...අම්මි අස්සෙ හුරතල් වෙවී ඉද්දී කවදාවත් මං හිතුවෙ නෑ මේ වගේ දවසක් ජීවිතේට එයි කියලා...කවදාවත් නැතිව මට තාත්ති නැති අඩුව දැනුණා...අපේ කියන්න කවුරුත් ළඟ නැති අඩුව මහ හුගාක් දැනුණා...ICU එකේ දොර ළඟ ඉඳන්,එහෙන් මෙහෙන් බට ගහලා කිසිම හැල හොල්මනක් නැතිව ඉන්න අම්මි දිහා , කාත් කවුරුත් නැතිව තනියම බලන් ඉද්දී දැනුණ අසරණ කම මාව නොමරා මැරුවා...

ඒත්...දන්න කාලෙ ඉඳන් මගේ හිතේ අපහසුවක් ඇති කරපු,මගේ හිතේ කවදාවත් පහසුවක් ඇති නොකරපු,කොටින්ම කිවුවොත් රස්තියාදුකාර පෙනුමකින් හිටපු එයා ළඟ පාත ඉද්දීත් දැනෙන්න ගත්ත සැනසීමට මං මේ ටිකට පුදුම විදිහට ඇබ්බැහි වෙලා හිටියා...ඒ හැඟීම මට කියාගන්නත් බැරි තරම්...එයා එක්ක කතා කරන්න හිත හදාගන්න බැරි කමක් දැනුණත්,නිදන් ඉන්න එයාගෙ ළඟින් ඉද්දී මට දැනුණේ මගේම කෙනෙක් ළඟ ඉන්නවා වගේ වෙද්දි විටින් විට එයාගෙ කාමරේට ඇවිත් එබෙන මං කවුරුත් නැති නම් වගේම එයා නිදිනම් දෙපාරක් නොහිතා එයා ළඟට ගිහිං කාලෙ ගෙව්වා...

මගේ හිතේ තියෙන දුක වේදනාව තනිකම හැමදේම එයාගෙ අත් අනවසරෙන්ම මගේ අත් වල හිර කරන් එකින් එක මං එයා ළඟදී අකුරු කරා...එයාගෙන් හිත හැදෙන්න වචනයක් ආපිටට නොලැබුණත්,මුළු ජීවිත කාලයක් මේ වගේ හරි එයා ළඟින් ඉන්න ඇති නම් කියලා මං ප්‍රාර්තනා කරා....මං දන්නේ නෑ මේ හැඟීම මොකක්ද කියන්නවත්...ඒත් ඒ හැඟීම ගෙවෙන මොහොතක් ගානේ මාව පිස්සු වැට්ටුවා...එත් එයා සිහියෙන් ඉද්දී මට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද,මට කෑ ගහයිද...මාත් එක්ක කතා කරයිද ,මාව දැක්කම අම්මිට උණ දේ ගැන එයා තව දුක් වෙයිද... දාහක් ප්‍රස්න හිතට වද දුන්නා...

 💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 CompleteWhere stories live. Discover now