🥀8.වෙනස🥀

863 149 153
                                    

ස්කූල් නොයා ක්ලාස් නොයා හැමෝගෙන්ම හැංගිලා වගේ ගෙවපු සතියකට පස්සෙ එළඹුණු සෙනසුරාදා දවල් මං ආයිම physics ක්ලාස් එකට ආවෙ වෙනදට වඩා පරක්කු වෙලා වගේම ක්ලාස් පටන් ගන්න මොහොතක් තියෙද්දී.අනිත් අයගෙ අවධානෙන් පුලුවන් තරම් මිදෙන්න මට උවමනා උණා. ගිය සතියේ හිටපු දොර ළඟ පිටිපස්සේම බංකුව කොල්ලො ටික අදත් අල්ලන් හිටියා.

වෙනදා සෙට් වෙන තැන පුරුදු වෙලාවට මන් නොවෙද්දි අදත් මං නෑවිත් ඉදිදෝ කියලා හිතුණ නිසාම වෙන්න ඇති මං ක්ලාස් එකට යද්දීත් කොල්ලොන්ගේ ඇස් තිබුණෙ දොර දිහා.මාව දකිද්දීම ඒ මූනු වල පෙනුම මං බලාපොරොත්තු උණාටත් වඩා පුදුමසහගත උණා.කට කොනින් හිනාවෙන ගමන් මං ගිහිං කට්ටියගේ පිටිපසෙන් හිටගත්තේ කටත් ඇරන් ඉන්න මැදින් හිටපු හට්ටියාගෙයි මුට්ටියාගෙයි කරට බර දිලා වෙද්දී උන් බලන් හිටියෙ හුස්මත් අල්ලන්.

"ඒ..ඒ.."

"බං මේ..."

"අඩෝ..."

"ඉමා...උඹ...."

එක එකා ගොත ගහද්දී ධනුවා විතරක් සද්ද නැතිවම බලන් හිටියා.

"පුදුමයි නේ.... පුදුම වෙන්න එපා බං...දන්නවනෙ මේ අමාන් වැඩක් පටන් ගත්තොත්....උපරිමෙන් සියලු ශක්තිය යොදවනවා...."

ඔක්කොටමත් වඩා පුදුමෙන් එලොව ගිහිං හිටපු සුදාරයගෙ ඔලුවට එකක් ගහලා මේ ලෝකෙට ගන්න ගමන් මං කිව්වේ ආඩම්බරෙන්....

"ඉතිං යකෝ තෝ ගෙට වෙලා වගේ මුළු සතියක් ෆොන් එකත් off කරන් කරේ ඕකද..."

විකුමා අහද්දි අනිත් අයත් ඔළුව හෙල්ලුවෙ උත්තර බලාපොරොත්තුවෙන්.

"මෙහෙමයි...මචන්....මට ටිකක් සන්සුන් වෙන්න ඕනා උණා..."

මං කිව්වේ කල්පනාවෙන්....

"අපොයි ඔව්....නොසන්සුන් වෙන්න එපැයි... අපි දැක්කනෙ එදා.... හොඳම එකෙන් ග# වෙලා ක්ලාස් එක මැද්දෙ නැගිටලා ගිය කැත...මොනා උණත් ඉමා....උඹ මේ යන විදිහ මට නම් අල්ලන්නෙම නෑ...."

සුදාරයා කිව්වේ කටත් පිට පෙරලන් අප්පිරියාවෙන් වගේ මගෙ උඩ ඉඳන් යටට බලන ගමන්...

"පාර ගැන මං දන්නේ නැ බං...අවසානෙ ගැන දන්නෙත් නෑ.....ඒත් මෙතනින් එහාට මං වැඩ කරන්නේ මට ඕනා විදිහට....උඹලා කියන අවසානේ දෙන්න පුළුවන්ද නම් දන්නේ නෑ....ඒත් උඹලට ඕනා ඌ මගෙ ළඟ දන ගහන්නනම්....මං ඒක කරනවා...ඉතිං මට මගෙ වැඩෙ පාඩුවේ කරන් යන්න දිලා පොරොන්දු උණා වගේ පැත්තකට වෙලා හිටපල්ලා හරි.....කෝ මගෙ පොත් ටික දියන්.."

 💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 CompleteWhere stories live. Discover now