🥀56.හීන ගොඩක් අයිති කරන් ඇවිත් දුරක් මා දැන්..."🥀

603 121 111
                                    

ගෙවිලා ගියේ අමාරු කාලයක්...දරාගන්න බැරි තරම් අමාරු කාලයක්...ඉතිං හැමදෙකටත් පස්සෙ මං තාම ජීවත් වෙනවා...පළවැනි වතාවේ තව කෙනෙකුගේ සතුට උදුරන් ජීවත් වෙන්න වාසනාව ලබපු,ඒ වේදනාවට ඒ ජීවිතේ අත අරින්න හදද්දී නොදන්න එයා නිසා ආයිමත් ජීවිතේ ලබපු...ඊටත් පස්සෙ ඉමාගෙන් අමාන් විදිහට අන්දු නිසා ජීවිතේ ලබපු මං...ඉවසීමේ අන්තිම අඩියේදී කැමැත්තෙන්ම ආයිමත් මාරයාට බිළිවෙන්න හැදුවත්,මේ ජීවිත කාලෙ පුරා පළවැනි දෙවැනි තුන්වැනි වගේම හතර වැනි වතාවටත් මං මාරයාගෙන් ප්‍රතික්ෂේප උණා...අන්තිම අඩියට යනකං ඇගේ ලේ ටික හිඳිලත්, දොස්තරලා පවා ජීවිතේ ගැන විස්වාස නොකරද්දී උණත්,අන්දු ප්‍රතික්ෂේප කරපු අමාන්ව මාරයා පවා නැවත නැවත ප්‍රතික්ෂේප කරද්දි නොදන්න හේතුවක් වෙනුවෙන් මං තාමත් ජීවත් උණා...

හැමදෙකටමත් පස්සෙ හිතට දැනුණේ හරිම හිස් හැඟීමක්...ලේ මස් ඇට නහර එක්කම ජීවිත කාලයක් පුරා ඔට්ටු උණ මමා පපා දෙන්නා...මගෙ ඇගෙන් වැටුණ ලේ බිංදුවක් බිංදුවක් ගානේ වේදනා විදිද්දී...අවුරුදු 60 ගණන් වෙලත් ,කොල්ලො කෙල්ලො වගේ ෆිට් එකේ හිටපු ඒ දෙන්නා මං නිදාගෙන ඉඳලා නැගිටිණ ටිකට වයසටත් වඩා වයසට ගිහිං වගේ පෙනෙද්දී අන්තිමේ එයාලා වෙනුවෙන් අමාරුවෙන් උණත් හැමදේම දරන් ඉස්සරහට යන්න මන් හිත හදාගත්තා...

"මේ පුතේ මේක..ඔයාට දෙන්න කිව්වා..එදා අපි එහෙන් එන්න කලින් දවසේ..අපිව මුණ ගැහෙන්න හොස්පිට්ල් එකට ආවමයි එයා මේක දුන්නේ...හේතුවක් දන්නෙ නෑ... ඒත් එයා අපිව පොරොන්දු කර ගත්තා ඔයා univercity එකට admission ගන්නකම් ඉඳලම මේක දෙන්න කියලා...අපි හිතුවා ඔයා මෙහෙ ආවේ කැමැත්තෙන් කියලා..අපි හිතුවෙ ඔයාලා හොදින් ඉන්නවා කියලා...ඒකයි එයාට පොරොන්දු උණ විදිහට මේක දෙන්න පරක්කු කරේ...ඒත් දැන්..ඔයා ඉන්න විදිහ දැක්කම අපි හිතුවෙ එයා ලියලා තියෙන්නේ මොනා උණත්, ඔයාට මේක දෙන්න තවත් පරක්කු කරන්න ඕන නෑ කියලා..."

සෑහෙන දවසක් හොස්පිට්ල් එකේ ඉඳලා ආවට පස්සෙ මමායි පපායි කාමරේට ඇවිත් මට දුන්නේ ලියුමක්...එයා එයා කිය කිය මමා ඒ ගැන කිව්වේ බයෙන් වගේ...මොකද තුවාල හොඳ උණත් තාමත් මගෙ මනස තිබුණෙ ලෙඩ උණ ගමන් වෙද්දි එයා මගෙ අතේ තියපු ලියුම දිහා මං බලන් හිටියෙ හැඟීම් විරහිතව...ඒ ලියුමේ තියෙන්නේ මොනා උණත්,නිකංම හිස් කඩදාසියක් උණත්,ඒ කඩදාසියට පවා හුගාක් ලොකු
වටිනාකමක් තියෙන්න තිබුණා මීට කලින් දුන්නා නම්...මමා කියනවා වගේම මේක කලින් දෙන්න තිබුණා...අපිට දවසක මහ මෙරක් තරම් වටින දෙයක් තවත් දවසක වැලි කැටයක් තරම්වත් නොවටින්න පුළුවන්...ඕනම දෙක වටිනාකමක් තියෙන්නේ නියමිත කාලෙ නියම විදිහට ලැබුණාම...

 💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 CompleteWhere stories live. Discover now