🥀25.පලා ගිය සැනසීම🥀

649 127 91
                                    

වෙනදා වගේම ක්ලාස් පටන් අරන් විනාඩි 5ක් 10ක් යද්දී එයා ක්ලාස් එකට ආවා.මන් ක්ලාස් එකට ඇවිත් බෑග් එක තියලා ඉඩ අල්ලපු තැන කියලා එයාට msg එකක් දැම්මත් මුල් දවස් වල පුරුද්දටම මං එයා එනකන් හැමදාම කොල්ලො සෙට් එක එක්ක පිටිපස්සෙ බංකුවට වෙලා හිටියා...ටිකකින්, ධනුවගෙ කණට ලං වෙලා හොරෙන් හොරෙන් කතාවක හිටපු මගේ අතෙන් කෑල්ලක් ගියා වගේ දැනුණ වේදනාවක් එක්කම එයා මාව පහු කරන් යද්දිම,රිදෙන අතත් අත ගාන ගමන් මාත් ඒ පස්සෙන් ගියේ හිනාවකුත් යද්දී.ඉරිසියා හිතිලද මන්දා....

කොහොමින් කොහොම හරි 10.30 ඉන්ටවල් එක දෙද්දී මං අද එයා එක්ක නැවතුණා.කලින්ම හදා ගත්ත ප්ලෑන් එකට මං අද ක්ලාස් එකට එද්දීම කෑම අරන් ආවා වෙද්දී ,එයා එයාගෙ කෑම එක කන්න ලෑස්ති උණත්,ඊයේ බත් එක වෙණුවෙන් ,මන් ගානෙ දෙන නිසාවත් කන්න කියලා මන් බල කරපු නිසාම , එයාගෙ ඒ කෑම එක දවල්ට කන්න තියන් මං ගෙනාපු කෑම කන්න අන්තිමේ එයා එකඟ උණා.

පිළිගන්න බෑ වගේ හිතුණත්, එයා දවල් වෙද්දී කෑම සවුත්තු වෙනවා කියපු එකත් අම්මට කියපු බොරුවක්දො කියලා මගෙ හිත මගෙන් ආයි ආයි ඇහුවා.

කොහොම හරි උදේ ක්ලාස් එක ඉවර උණාම දවල් කෑමට එයාව එක්ක යන්න කැමැති කරගන්න එක නම් මට සෑහෙන්න අමාරු උණා.

"කිව්වම අහන්න අමාන්..!! මට බෑ...මං ගෙනාපු බත් එක කන්නම්..."

"ඔයාගෙ ඒ තරම් ලොකු කමද මැණික..!!"

"ඔයා...!ඔයාට මං කිව්වා නේද අමාන්..කලින්ම...මට කෑම අරන් එන්න එපා...ඒ අහං නැතුව ගිය සතියේ කෑම අරන් ආවාම පවු කියලා කෑවම... දැන් ඒ පාර කන්න යන්න එන්නලු...මගෙ කෑම ගැන මං බලා ගන්නම් අප්පා....ඔයා ගිහින් කන්නකෝ...යන්න..."

මීට කලින් කතා නොකරපු විදිහකින් එයා මට කතා කරද්දී මං බලන් හිටියෙ පුදුම වෙලා...

"ඉතිං මං නිකං කන්න එන්න කිව්වද නෑනෙ...! මේ තියෙන්නේ ඔයාගෙ ගෙවීම...මන් එක කෑම එකක් ගන්නම්...ඉතිං දෙන්නම භාගේ භාගේ කමු..."

එයාගෙ වචන එක්ක ඕනවටත් වඩා හිත රිදුණත්,මං මොකුත් නොවුණ ගාණට මුනට ගත්තු හිනාවක් එක්ක කිව්වේ,එයාගෙ බත් එක උදුරන් වාඩි වෙලා හිටපු තැනින් යන්න නැගිටිණ ගමන්.

 💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 CompleteWhere stories live. Discover now