CHAPTER 01

963 51 11
                                    

හායි මම ජංකුක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හායි මම ජංකුක්. මන් ගැන කියන්න දේවල් ගොඩක් තියනවා. ඔක්කොම ඉතින් කියන්න ඕන නෑ නේ.. හරි මන් ටිකක් කියන්නම් මන් ගැන. එතකොට මන් ගැන ඔයාලා ටිකක් හරි දන්නවනේ නේද?😊
මට අවුරුදු 18 යි. මම ඉන්නේ බුසන් වල. හැබැයි මන් සොල් වලට යන්න හදන්නේ. ඒ මොකද කියලානම් අහන්න එපා. මන් කියන්නම්කෝ.. මේකයි මගේ අප්පාගේ මල්ලි, ඒ කියන්නේ අප්පාගේ නංගිගේ මහත්තයා මගේ පොඩි මාමා. එයා සෝල් ඉන්ටර්නැෂනල් ස්කුල් එකේ ප්‍රින්සිපල්. එයා තමයි මම මේ යන ගමනට එකම හේතුව. ඇයි එයා තමයි මට එහේ ඉගන ගන්න එන්න කියලා කියුවේ. අපේ අප්පත් මොකද ඒකට උඩින්ම කැමති උනා නේ. මාත් ඉතින් මොකුත් කියන්න ගියෙත් නෑ. ඔම්මා නැති උනාට පස්සේ අප්පට හිටියේ මම විතරයි. ඒ නිසා මන් අප්පගේ හිත රිද්දන්න අකමැති නිසා මේ ගමනට මන් කැමති උනේ.

අපි දැන් මේ යන ගමන් ඉන්නේ. අපෝ සෝල් හරිම කලබලයි. මන් කියුවේ හරිම ලස්සනයි ඒත් ට්‍රෆික් වැඩි. බූසන් වලට වඩා මෙහෙ කලබලයි. කමක් නෑ..

කොහොමහරි ඔන්න අපි ආව අපේ සෝල් වල අලුතෙන් රෙන්ට් එකට ගත්ත ගෙදරට. හවස් වෙලා තිබ්බ නිසා අපි දෙන්නටම මහන්සි. අපි ආව ලොරියෙ තිබ්බ අපේ බඩු ටික එක ඩ්‍රයිව් කරන් ආපු හියුන් එක්කම එකතු වෙලා ගෙදර ඇතුලෙන් තියා ගත්තා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ අපි දෙන්නගේ වැඩ ටික විතරයි. ඒ ටිකනම් හෙමි හෙමින් කර ගන්න හැකි නේ. මන් අප්පටත් එක්කම තේ හදාගෙන එලියට ගියා.

අප්පා හිටියේ එළියේ තිබුණ පුටුවක වාඩි වෙලා. මාත් ගිහින් තේ එක දෙන ගමන් එතනින් වාඩි උනා.

Dad:- ඉතින්.. කොහොමද මගේ පුතාට මේ ගෙදර? ඒක හොඳයි නේ? මන් ටිකක් හොදට හොයලා බලලා ගත්තේ. වැඩි වියදම් නැති සාමාන්‍ය ගෙයක්. වැඩේ ලේසි උනේ නෑ. මේකත් හොයලා දුන්නේ ඔයාගේ මාමා.

Me:- නරකම නෑ අප්පා. හොඳයි. කොහොමත් අපිට සතුටින් ඉන්න තැනක් නේ ඕන. මේ ගෙදර හොඳයි. අප්පා එක නෙමෙයි.. මන් හෙට ඉඳන් ඉස්කුල් යන්නම ඕනද?

Dad:- ඇයි මගේ පුතා එහෙම අහන්නේ? යන්න හිතෙන්නේ නැද්ද?

Me:- නෑ.. එහෙම එකක් නෙමෙයි ඉතින් මට ටිකක් මහන්සි නිසා අහුවේ. මාමා හෙට අනිවරෙන් මට එන්න කියලා කියුවද?🤧
(අනේ මට යන්න බෑ දෙයියනේ. එහේ මොන වගේද දන්නේ නෑ. මන් ගිය ඉස්කෝලෙත් නසරණියෝ හිටිය එකේ මේකේ ඉන්න එක අහන්නත් දෙයක්ද)

Dad:- ඔව් හෙට ආණිවරෙන් එන්න කියලා කියුවා නිසානේ පුතේ අපි මෙහෙ ඉක්මනට ආවේ. දැන් පුතා ගිහින් ටිකක් රෙස්ට් කරන්න. මට තව පොඩි වැඩක් තියනව. මන් එන ගමන් මොනවා හරි අරගෙන එන්නම්කො කන්න.

අප්පා එහෙම කියලා යන්න ගියා. මාත් ඉතින් ගෙදර දොර ලොක් එක දාලා ටිකක් නිදා ගන්න ගියා.

අයිශ්.. කොහේ නිදා ගන්නද තාම මට වෙන් කරගත්ත කාමරේ කිසි දෙයක් මන් හරියට හදාගෙන නෑ නේ.
මන් මගේ බඩු අස් කරලා නිදා ගන්න ඇදට පැන්නා විතරයි කෝල් එකක් ආවනේ

අයියෝ... මේකා මටම වද දෙන්න ආපු එකෙක්ද මන්දා..

📞📞📞📞

Jimin:- ඒ බං. උබ ආවද? මට කෝල් එකක් දෙන්නත් අමතක උනා. මොකෝ කියන්නේ ප්ලේස් එක කියන්න මන් එන්නද? නැත්නම් උබ එනවද?

 මොකෝ කියන්නේ ප්ලේස් එක කියන්න මන් එන්නද? නැත්නම් උබ එනවද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ තමයි මගේ හොදම යාළුවා. එයත් කැමති උනා මන් මෙහෙ එන එකට. ඇයි එයා යන්නෙත් මන් යන්න හදන ඉස්කෝලෙට.

Me:- නෑ නෑ.. අද නම් මට එන්න බෑ. උබ වරෙන්. මන් ප්ලේස් එක ඒවන්නම්. මට අද මහන්සි. ඒකයි. තරහා නෑ නේ?

මන් උගෙන් තරහා නැද්ද කියලා අහුවෙ ඒකට හැමතිස්සෙම හිත රිදෙන නිසා.

Jimin:- නෑ නෑ.. අපෝ නෑ.. මොන තරහා වෙන්නද බං.

Me:- එහෙනම් මන් ඒවන්නං. තව ටිකකින් එන්න. මන් දැන් තියන්නම්. මට ටිකක් නිදා ගන්න ඕන.

මන් එහෙම කියලා උගේ ප්‍රතිචාර වත් අහගත්තේ නෑ. කෝල් එක කට් කරලා මන් සැප නින්දක් දැම්මා. මන් දන්නෙ නෑ අප්පා එන වෙළවාවත්. මන් නැගිටිනකොට ජීමින් නූත් ඇවිත් හිටියේ..

______________________________________

2023.06.10
👋😊💜🌎🙏

FOREVER (TAEKOOK) ✅Where stories live. Discover now