CHAPTER 05

236 37 3
                                    

ඇයි ටේයං හරියට මගේ මූණවත් බලන්නේ නැත්තේ? මන් ඊයේ මොකක් හරි වැඩක් නැති දෙයක් කියුවද? නෑ නේ එහෙමත් නෑ නේ..

Me:- මොකද තේයන්? ඇයි අද මාත් එක්ක කතා කරන්නේ නැත්තේ? මන් ඊයේ මොකක් හරි කියුවදා?

Tae:- එහෙම දෙයක් නෑ jungkook. මන් මේ ගෙදර දෙයක් ගැන කල්පනා කර කර හිටියේ.

Me:- හ්ම්..

මන් තවත් මොකුත් කතා කරන්නේ නැතුව ටිකක් හොදට සෝදිසි කරලම මාමාගේ ඔෆිස් එකට ගියේ අද ගියොත් එළවයි කියලා තියන බයත් එක්කමයි.

Me:- ගුඩි මෝනින් sir. මන් එන්නද ඇතුලට?

Uncle (Principal):- අහ් jungkook.. එන්න මාත් හිටියේ ඔයාගෙන් වැදගත් දෙයක් අහන්න තමයි.

අපොයි මාමාගේ මුන නම් එච්චර හොඳ mood එකක් නෑ වගේ. මොකද දන්නේ නෑ.. මට බණින්නවත්ද????

Uncle (Principal):- ඊයේ කවුරුහරි ඔයාලගේ ගෙදරට ආවද?

එකපාරටම අහපු දේ නිසා මන් ටිකක් බය වෙලා ගියා..

Me:- අහ්.. ඔව් sir.. ම..මේ.. taehuyn.

Uncle (Principal):- අහ් එහෙමද? හරි එයා මොකක් හරි කියුවද?

ඈ... ඇයි මාමාට ඒක ගැන දැනගන්න ඕන.?? අනික මාමා කොහොමද දන්නේ ඊයේ කවුරුහරි මගේ ගෙදර ආවා කියලා???

Me:- නෑ.. එහෙම මොනවත් කියුවේ නෑ sir..

Uncle (Principal):- අහ් එහෙනම් කමක් නෑ ඔයාට යන්න පුළුවන් jungkook..

මන් ඔලුව වනල ආවේ ඒ මොකද්ද උනේ කියලා කල්පනා කරන ගමන්.

******

විවේක කාලෙත් ඔන්න ආවා.. මට තාමත් හිතාගන්න බෑ මොකද්ද ඒ උදේ උනේ කියලා. ජීමින් තමයි මන් නිකන් හැන්ද කනකොට තට්ටුවක් දැම්මේ

Jimin:- මොකෝ බං.. උබ හැන්ද නේ කන්නේ ඔය.. කන්නේ නැද්ද? අනික අද උදේ ඉඳන් මන් බලාගෙන හිටියේ. උබ ට කවුරුහරි මොනවහරි කියූවද? Taehyung?

Me:- අනේ taehyung පව්. එයාට මොකුත් කියන්න එපා.

Jimin:- අම්මෝ... Tae.. පව්??? මගේ කනෙන් ඇහුනමයි.. උබ ඌට ලව් ද බං?

මූට පිස්සු හදිලාද...

Me:- ඔව්.. මන් එයාට කැමති.. අනේ මේ පව් නොදී ඵලයන් යන්න ගොන් පිනා .

Jimin:- ඔව් මන් දන්නවා උබ gay කියලා. ඒත් tae gay ද කියලා කවුද දන්නේ??

ජීමින් ඒ කියපු දේ ටනම් ටිකක් හිත රිදුනා මගේ..

Me:- අනේ මේ කාපන් කෑම එක. නැත්නම් ඕක බිම තියේවි හරිද??..

*****

අවුරුද්දක් ගියා.. මන් මේ ඉස්කෝලෙට ආවේ යුනි යන්න අවුරුද්දක් තියලා..

අදත් වෙනදා වගේම අපි හැමෝම ඉස්කෝලෙ ආව. මේ අපි ඉස්කෝලෙ ඉන්න අන්තිම දවස් ටික කියිවනම් හරි.. අපි final exam එකත් ලියුව. අද ඒකේ ප්‍රතිපල..

Class Teacher:- ලී සන් ජුන් පාස්
". "
". "
කිම් තේ යන් පාස්
" "
". "
ජියෝන් ජන්කුක් පාස්
පාර්ක් ජි මින් පාස්
". "
". "..........

Sir පන්තියේ හැමෝගෙම නම් කියුවා.. අම්මෝ අපි තුන් දෙනාම පාස්.. සමහර අය හිටියා ෆෙල් වෙච්ච. එයාලා පව් ඉතින්.. මොනවා කරන්නද...

අපි තුන්දෙනා හොඳ යාලුවො උනා. හොදම යාලුවෝ උනා. ඒත් මගේ ගෙදර, ජීමින්ගෙ ගෙදර එයා ගියාට එයාගේ ගෙදර අපි කවදාවත් ගිහින් නෑ තාම. එයා ගෙදර අය ගැන අපි එක්ක මෙතෙක් කල් කතා කරලත් නෑ..

අද මන් ඉස්කෝලෙ ඇරිලා යන ගමන් මෙහෙම කියුවා..

Me:- මේ taehyung අද අපි යමුකො ඔයාලගේ ගෙදර.. අපි කවදාවත් ගිහින් නෑ නේ ඔයාලගේ ගෙදර.

Taehyumg ගේ මූණ හොඳ නැති උනාද මන්දා..

Tae:- ඔයාට එහේ යන්නම ඕනද?

Me:- ඔව් ඇයි ඔයා එහෙම අහන්නේ?

Tae:- නෑ ඔයා එහේ ගියොත් දකින දේ හරි අමුතු වෙයි..

______________________________________

2023.08.20
🤗💜🌎🌉

FOREVER (TAEKOOK) ✅Where stories live. Discover now