CHAPTER 04

250 41 3
                                    

මගේ ඇග හිරි වැටීගෙන එනවා වගේ මට දැනුනා.. එන පොට නම් හොඳ නෑ කියලා මට හිතුනා.

Me:- මේ මං සැරයක් කිව්ව නේද මට යන්න දෙන්න ප්ලීස්.

Tae:- මම දැන් ම ඔයාට යන්න දෙන්නේ නෑ.. මට අහන්න ඕන එකම එක දෙයයි.

එක දෙයයි නේ.. ඕක මොකද්ද.. ඇයි ද දන්නේ නෑ එක දෙයක් අහන්නත් දොර ලොක් කළේ..

Me:- අහන්න..

Tae:- ඔයා ප්‍රින්සිපල් ගේ කවුද?

මොකක්? ඒ මොකද්ද ඇහුව දේ?..

Me:- මොකක්? මගේ කවුද? ඇයි එහෙම අහන්නේ?

Tae:- මට ඇහුනා ඔයා sir ට මාමා කියලා කතා කරනවා ඒකයි..

හත්තිලවුවයි.. මේකා කොහොමද ඒක දන්නේ? එන පොට නම් හොඳ නෑ.. කොහොම හරි මෙයාගෙන් පිටට යන්නේ නැති වෙන්න ඕන.

Me:- ඔයාට පිස්සුද? ම.. ම..න් sir ගේ කවුරුවත් නෙමෙයි.. දැන් වත් මට යන්න දෙන්න ..

Tae:- හරි මන් යන්න දෙන්නම්..

අම්මෝ අතියන්තම් බේරුණා නූලෙන්.. ආයෙත් මාමාට මාමා කියලා කතා නොකර ඉමු..

******

ඉස්කෝලෙත් යන්තං ඇරුනා.. මාත් එක්ක යන්න ජීමිනුත් හැමදාම එනවනේ. අපි දෙන්නා වෙනදා වගේම පයින් ගෙදර යනවා.. අද නම් ඉර උදේ ඉඳන් පායලා තියෙන්නේ වැරදි පැත්තෙන්..

Tae:- අහ්.. කොහෙද යන්නේ?

මෙන්න මේකා අද අපි එක්ක කතා කරනවා.. පුදුමයි ඒක තමයි මන් කියුවේ ඉර වැරදි පැත්තෙන් අද පායලා තියෙන්නේ..

Jimin:- කොහේ යනවා වගේද පේන්නේ?

අපෝ ජීමින් ඒකනම් කිව්වේ හරි තරහින්.

Me:- ගෙදර යන්නේ..

Tae:- ඔහොම ඉන්න මාත් එනවා.

Jimin:- කොහේ යන්නද?

Tae:- jungkook ගේ ගෙදර යන්න. මටත් ආසයි එන්න ඒකයි..

FOREVER (TAEKOOK) ✅Where stories live. Discover now