CHAPTER 17

231 33 9
                                    

රෑ ට කද්දී අපි හැමෝම කතා උනත් taehyung සද්ද නැතුව මගේ දිහා හොරෙන් බලාගෙන හිටියේ හරි අමුතු විදිහට.. ඒත් මන් එයා දිහා බලනකොට එයා අහක බලාගත්තේ මන් දිහා එයා බලාගෙන හිටියේ නෑ කියලා අඟවන්න වගේ.

👨:- taehyung කොහොමද ඔයාගේ වැඩ ටික? හොදින් කරනවද?

Tae:- ම්ම්ම් නරකක් නෑ..

👨:- meetings එහෙම හොදට කෙරෙනවද? දැන් කාත් එක්කද bussiness එක ? අපි දැක්කා tv එකේ.. හොඳයි ගොඩක් හොදයි..

Tae:- thanks..

👧:- tae ඔයාට හැකි නම් අද මෙහෙ ඉන්න. මන් වෙනුවෙන්..

Tae:- ම්ම්ම් මන් ඉන්නම් අම්මා..

👧:- මගේ හොඳ කොල්ලා..

👨:- tae මටත් වඩා දැන් අම්මට ආදරේ වෙලා නේ? ඒකත් හොඳයි ඉතින්. මේ ඒක නෙමෙයි jungkook මොකක් හරි ප්‍රශ්නයක් උනා ද? හදිස්සියේ අයියත් එක්කන් ආවේ

Me:- නෑ මාමේ එහෙමත් නෑ. මට ටිකක් පොඩි දෙයකට බය හිතුණා ඒකයි..

👨:- මට හිතෙන්නේ නම් පොඩි දෙයක් නෙමෙයි හැබැයි..

මාමා මගේ දිහා බලාගෙන එහෙම කියුවාම මට උත්තර නැති උනත් මන් බිම බලාගත්තේ කරන්න දෙයක් නැති කමටමයි.

👨:- නෝනා පුලුවන්නම් ගිහින් tv එක දාලා එනවද අද news බලන්නත් බැරි උනා..

නැන්දා ගිහින් tv එක දානවත් එක්කම breaking news එකක් ගියේ මට ඉන්න තැනින් චුත වෙන්නම..

නැවතත් එම පුවත..
Seoul නගරය අවට පිහිටි නිවාස කිහිපයක් ගිනි ගනී.. එයින් කුඩා ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර.. නිවාස කඩා වැටීමෙන් නිවැසියන් කිහිප දෙනෙකු සිරවී ඇති බව පොලිසිය පවසනවා..

මේක දැක්ක ගමන් මන් කන එක නවත්තලා පුතුවෙන් නැගිට්ටුනේ අපේ ගෙදරත් tv එකෙන් ගිනි ගන්නවා දැක්කම. එතකොටත් වේලාව 12 පහුවෙලා..

Dad:- පුතේ මේ.. මේ...

අප්පට සිහිය නැති උනේ අපේ ගෙදරත් ගිනි ගන්නවා දැක්කා නිසා.. අපි හැමෝම බය වෙලා කලබල උනත්.. taehyung මන් කලබල උනේ නෑ.. අපි අප්පාව එක්කන් ගිහින් ඇදේ හාන්සි කරවලා සිහිය එනකල් මාමයි නැන්දා යි එයා ළග හිටිය. මන් හොඳටම දන්නවා මේක කාගේ වැඩක්ද කියලා..

FOREVER (TAEKOOK) ✅Where stories live. Discover now