මට එක පාරටම කට ඇරුනා කියලා කියුවොත්.. දෙයියනේ මේ අපේ මාමාගේ ගෙදර නේ යන්නේ..
Me:- මේ.. මේ.. taehyung.. මේ ඔයාලගේ ගෙදරට යන පාරද?
Tae:- ඔව්.. ඇයි.. මන් හිතන්නේ ඔයා දන්නවා අපේ ගෙදර.. එහෙම නේද jungkook??
Taehyung අහපු විදිහත් බය හිතෙනවා. හරිම නපුරු මුණකින් මගේ දිහා taehyung බලාගෙන හිටියේ. Jimin නම් අපි දෙන්නා ගේ මූණු දිහා මාරුවෙන් මාරුවට බලාගෙන හිටියේ මොකද්ද මෙතන වෙන්න යන්නේ කියලා.
Me:- අහ්..
දෙයියනේ මට කියන්න කටට වචන ඉන්නෙත් නෑ. එතකොට taehyung ද මගේ මාමාගේ පුතා.. දන්නවනම් මන් එයාට එයාගේ නම කියලා කතා කරන්නෙත් නෑ.. එතකොට අර office එකේදි රණ්ඩු උනේ.. දෙයියනේ..
Tae:- මොකද කල්පනා කරන්නේ?? මන් දන්නවා ඔයා මොකද්ද හිතන්නේ කියලා.. කමක් නෑ ගෙදර ගිහිල්ලම බලමුකෝ..
Taehyung හරිම නපුරු විදිහට හිනා උනේ. ඇයි එහෙම හිනා වෙන්නේ.. හරි ඉතින් අපි එහෙනම් එක පවුලේ අයනේ..
අපි ගෙදර ලඟට ඇවිල්ලා ගේට්ටුව ළඟට එන්නත් කලින්ම මන් දන්නවා දැන් taehyung කියන්නේ අපේ මාමාගේ පුතා කියලා.
ගේට්ටුව ඇරලා ටිකක් දුර යන්න උන නිසා මන් ඔහේ එළිය දිහා බලාගෙන ගියා. ඒත් jimin ට නම් පිස්සු වගේ.
Jimin:- ඒ බං taehyung මේ උබගේ ගෙදරද ඔයි. පිස්සු හැදෙනවා යකො. ඒ කුක්කෝ බලපන්කෝ ලස්සන.. ඕයි මෙහෙ බලපන් මෙහෙ...
මන් වෙන සිහියකින් හිටිය නිසා jimin මගේ ඔළුවට ටොක්ක ක් ඇන්නේ හරි සිහිට එන්න.
Me:- අහ්.. ඔ..ඔව්. ලස්සනයි..
Jimin:- මොන ලෝකෙද බං ඉන්නේ උබ.??
Me:- මන් මේ ලෝකේ හිටියේ.. කටවහන් ඉඳපන්.
Jimin මට ඔරවලා අහක බලාගෙන හිටියා. මන් ඒ අස්සේ taehyung දිහා බැලුවේ එයා අපි දෙන්න දිහා බලාගෙන ඉන්නවද කියලා. ඔව් එයා මගේ දිහා බලාගෙන හිටියේ. මන් ලැජ්ජාවට බිම බලාගත්තා.
YOU ARE READING
FOREVER (TAEKOOK) ✅
רומנטיקהCan I be your friend or lover forever ? Sinhala TK story Start:- 2023.06.10 End:- 2024.01.28 Cover design: @vnteggkie