📖 ᴄʜᴀᴘᴛᴇʀ 3

0 0 0
                                    

ᵉᵖᵒˢᵒⁱᵈᵉ 3
ᵈᵉˢᵗⁱⁿʸ...

Yᴏᴜ ᴀʀᴇ ᴍʏ ᴅᴇsᴛɪɴʏ..

Dear diary ......

ඉතින් මගේ ආදරණීය ළමයෝ..

ඉන්නවද නේද මාත් එක්ක හැමදාටමත්?

මට පොරොන්දු වෙනවද?

-: ඔයා යනවද??

+ නෑ

-: ඔයා යන්නෙ නෑ  නේද

+ නෑ මං යන් නෑ  ඇයි මේ 🥺

-: ම්ම්ම්...මොකුත් නෑ
ඒක හීනයක් විතරයි අපි ඒක අමතක කරමු

+ මොකක්ද ඔයතරම් දුක් වෙන්න දැකපු හීනේ

-: ඔයා මගෙන් ඈතට යනවා දැක්කා... 🥺

+ බය වෙන්න එපා මං කොහෙවත් යන් නෑ
මන් ඉන්නේ ඔයාගෙ ලගමයි
මාව ඕනි වෙන හැම වෙලාවකම
ඇස් දෙක පියන් මොහොතක් මාව මාවාගන්න
ඔයා ඇස් අරිනකොට මන් ඔයා ලග ඉදී

" අපි දවසක දුරස් වෙයි
දුරස් උනත් ඒ ගතින් විතරයි
අපිට කවදාවත් අපේ හිත් වලින්
දුරස් වෙන්න බෑ .....
මොකද ඔයා මම...
අපි ඉන්නේ අපේ හදවතේ...
ඉතිං කාටවත් බෑ
අපිව කවදාවත් වෙන් කරන්න
බය නැතුව හිනා වෙන්න
ලස්සන හීන දකින්න
මම ඉන්නවා ඔයා ලග හැමදාම
සසර පුරාවට "

Credits goings to be owner ..
_copied by Mini's cafe🐻🤎_

මගේ දිනපොත....

ඊයේ නම් මට හුගක් වැඩ වැඩි දවසක්..diary එක ලියන්නත් බැරිඋනා..ඊයෙත් එක්කම අද ලියන්නම්...ඊයේ උන දේවල්..චිම් මාත් එක්ක සින්දුව ඒක මට කවදාවත් අමතක නොවෙන හීනයක්...
අපි දෙන්නා හිනා උන විදිහ..
මේ හැමදේම මගේ ජීවිතේ මං එකතු කරගන්න සුන්දරම මතක..ඇත්ත මතකයන් තමා අපිව ජීවත් කරන්නේ මාත් ජීවත් වෙන්නේ මතකයන් නිසාම තමා.
මට වැඩි කාලයක් නැති උනත් මාත් ජීවත් වෙන්නේ කවදාහරි දවසක මේ හැමදේම හොදින් සිද්ද වෙයිනේ කියන බලාපොරොත්තුවක් එක්ක..අපි හැමෝම බලන් ඉන්නේ ඒ කවදහරි දවසක කියන දවස වෙනුවෙන්..
ඉතින් අද උදේම චිම් එන්න කලින් මං මේ diary එක ලියන්න ගත්තේ ඒ පාත්තයටත් ඕන්නැති දෙයක් නෑ වෙලාවට හැමදේම හොයනවනේ.🙂😂බලමු අද දවසත් මගේ ඉරණමට අනුව ගෙවෙන්නේ කොහොමද කියලා එහෙනම් ආයේ හෙට හම්බුවෙමු ස්වීට් හාර්ට් .......

Author P.o.v

ටාශි එයාගේ ඩයිරි එක වහලා හාර්ට් ශේප් එකට තිබ්බ ලොක් එකත් දාලා locker කට දාන්න කලින් ඩයිරි එක අරන් ඒක ආදරෙන් බදාගෙන locker එකට දාලා දොර වැහුවේ තව ටිකකින් චිම් එනවා කිව්ව නිසා...ඒත් අද ටාශිට ඕනි උනා තනි වෙන්න..

කවුරුත් ම නැති ලෝකෙක තනිවෙන්න..ටාශි ඉක්මනට වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙලා දොරත් ලොක් කරලා පාරට ගියේ තාමත් උදේ 6.30 වෙලා තියෙද්දියි..පාර දිගට හමන සීතල සුළග ටාශිව තවත් ප්‍රබෝධමත් කරලා..කෙලින්ම බස් හෝල්ට් එකට ගියාම එවෙලාම බස් එකක් ආවේ ටාශි ගේ වාසනාවට වගේ..

බස් එකට නැගලා pay කරලා earphone එකෙන් සින්දුවක් දාගෙන බස් එකේ ජනේලේ ළඟ ඔලුව තියාගෙන ලොකු කල්පනාවක වැටුණු ටාශි ඇහැරුනේ bus එකේ කොන්දොස්තර තට්ටුවක් දාලා මිස් බහින තැන ආවා බහින්නේ නැද්ද කියලා අහන්න...

බස් එකේ හැමෝම බැහැලා...ටේශිත් ඒ කොන්දොස්තර ට ආචාර කරලා බස් එකෙන් බැහැලා ආවේ MJ park එකට ...පුංචි පුංචි ළමයි තමන්ගේ ඔම්මලා අප්පලා එක්ක සතුටින් ඉන්නවා දකිද්දී එක මේපල් ගහක් යට පුංචි කෙල්ලෙක් ඔම්මගෙනුයි අප්පගෙනුයි මෙහෙම ප්‍රශ්නයක් අහනවා..හැමදාමත්....අදටත්...

ටාශි-"ඔම්මා,අප්පා....ඔයාලා මට ආදරෙයි ද?

……………………………………………………………………………

At the tashi house..

ජිමින් -' මේ කෙල්ල කොහේ ගිහින්ද?කවදාවත් මට කියන්නේ නැතුව කොහෙවත් යන්නේ නෑනේ.'

ජිමින් කලබලෙන් ටාශිගේ ගෙදර දොර ඉස්සරහා එහෙට මෙහෙට යන ගමං ටාශි ගේ number එකට කෝල් කරන ගමන් හිටියේ...ඒත් ටාශි මේ ගැන දැනම් හිටියා එයා නැති උන ගමන් තමන්ගේ නම්බර් එකට චිම් පිස්සු හැදිලා වගේ කෝල් ගන්නවා කියලා..ඒක නිසාම තමා ටාශි phone එක off කරලම දැම්මේ....තව එකම එක රහසක් තියෙනවා මායි ටාශියි ඊලග දවසේ ඔයාලත් දැනගන්න.....

………………………………………………

ඕතරියි,ටාශියි දන්න ඔයාලා දැනගන්න ඉන්න රහස මොකක් වෙන්න ඇතිද?🌚

Typing mistakes එහෙම තියෙනවා නම් sorry දෙපාරක් බැලුවේ නෑ type කරද්දී...කතාවේ තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් දැන්ම අහන්න මොකද මේකටිකක් මං සංකීර්ණ විදිහට ලියන්නේ දැන්ම ඇහුවේ නැත්තම් මේක ටික දවසක් කියවන් යද්දී ඔයාලට එපා වෙයි.🙂හැමදාම කියන හෑල්ල type කරලා එපා වෙලා

Yun yu jung (Minu)🌻💗

You've reached the end of published parts.

⏰ Last updated: Jun 24, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

ᴅᴇsᴛɪɴʏ👁️‍👁️🌍💗Where stories live. Discover now