🌸
සමහර දේවල් වලට තියෙනවා භාෂාවකට එහා ගියපු තේරුම්.
අපි ඒකට තේරුමක් කියනවටත් වඩා හැඟීමක් හෝ දැනීමක් කිව්වොතින් වඩාත් සුදුසු වේවි.කානේශන් මල් දැකලා තියෙනවද ඔයාලා? ලස්සන පාටවල් කිහිපයක්ම අපිට කානේශන් මල් වල හම්බ වෙනවා. ඉතින් ඒ පාට පාට කානේශන් මල් අපිට තවත් ලස්සන කතාවක් කියලා දෙනවා කියලා ඔයාලා දන්නවද?
සුදුපාට කානේශන් : මම දන්නේ නෑ කවදා කොහොම ඇති වුනාද කියලා. ඒත් මම ඔයාට හදවතින්ම ආදරෙයි.
රෝස පාට කානේශන් : කවදාවත් ඔයාව අමතක කරන්නෙ නෑ
කහපාට කානේශන් : මම හිතුවෙ නැහැ ඔයා මට මෙහෙම කරාවි කියලා.
රතු පාට කානේශන් : මම ඔයාට ගොඩාක් ආදරෙයි. ඒ නිසාම මගේ හදවත ඔයා වෙනුවෙන් රිදුම් දෙනවා.
ඉතින් ඔයාගේ හිතේ ඇති වෙච්ච ආදරය මරන්න බැරි වෙනකොට, ඔයාවම මරාගන්න ඔයාගේ හදවතේ ඔයා ආදරය කරන කෙනාගේ ආසම මල් වල බීජයක් පැළවෙන්න පටන් ගත්තොත් ඔයාට දරන්න පුළුවන් වේවිද?
තමන්ට ආපසු පෙරලා ආදරයක් ලැබෙන්නේ නෑ කියලා දැන දැනත් ආදරේ දෙන්න පුළුවන් වේවිද?
දවසින් දවස වැඩිවෙන ආදරේ අමතක කරන්න උත්සාහා කරත් හිත ඒ වෙනුවෙන් ඉඩ නොදෙනකොට උහුලගන්න පුළුවන් වේවිද?
ඔයාගෙ ආදරේ ඔයාව දාලා යන්න ළඟයි කියලා දැනෙනකොට ඔයාට එයා දිහා තවදුරටත් බලා ඉන්න පුළුවන් වේවිද?
දවසින් දවස පෙනහළු හරහා ඔයාගේ ආදරයෙන් පෝෂණය වෙමින් වැඩෙන මල් පැලය ටිකෙන් ටික අතු පතර විහිදෙන්න අරගෙන ඔයාවම තුවාල කරනකොට, සැරින් සැරේ හුස්ම හිරකරනකොට, මල් පැලයේ ආදරේ නාමෙට පොහොට්ටු එන්න පටන් ගන්නකොට, ඒ පොහොට්ටු ලස්සන මලක් වෙලා පිපෙනකොට, ඒ මල් පෙති පපුව ඇතුලේ හිර වෙලා ඔයාටම දරාගන්න බැරිවෙනකොට, හදවත එයා රිදවන පාරක් පාසා ඒ මල් පෙති ඔයාගෙ කටින් පිටවෙනකොට, දෙවියන්ගේ නාමෙන්... මං අහන්නේ දෙවියන්ගේ නාමෙට එයා වෙනුවෙන් ඔයාගෙ හිතේ තියෙන ආදරය නිසාම ඔයාට මැරෙන්න දින ගනින්න වෙනකොට, ඔයාට දරාගන්න පුළුවන් වේවිද?
-QNIKII-
03 JULY 2023Characters Introduction 🌸
රෝවන් ෆර්ඩිනෑන්ඩෝ
වයස අවුරුදු : 26කෙවින් වගීෂ
වයස අවුරුදු : 24
YOU ARE READING
Carnation | කානේශන් | BL Sinhala Novel
Romanceරතු පාට කානේශන් පෙත්තක් පාවෙලා ඇවිදින් මගේ අත උඩටම වැටෙනකොට, මම ඈතට ඇදිලා යන ඔහුගේ රුව දිහාවට ආයෙමත් මගේ නෙත් පා කලා... රතුපාට කානේශන් වල තේරුම 'මම ඔයාට ආදරෙයි' කියන එක... ඉතින් තවත් ඔයාට තේරෙන්නෙ නැද්ද...? මම ඔයාට ආදරෙයි කියලා... කෙවින් වගීෂ | ර...