5🎐

215 39 44
                                    

අපි කාලෙකදි ගන්න තීරණ, ඒ කාලෙදි හිතද්දි බරපතල නොවුනත්, පස්සෙම කාලෙක ඒවගෙ ප්‍රතිඵල අපිට ලැබෙද්දි සමහරවිට අපිට හිතෙයි, 'තව ටිකක් ඒ වෙලාවෙ හිතුවනම්..' කියලා.

ඉකෝන් ක්ලාස් එකේ වුන ප්‍රශ්නෙන් පස්සෙ මගෙ ක්ලාස් ඔක්කොම වගේ තිබුනෙ ගෙදර. ඉකෝන් වගේම අකවුන්ට්ස් කලේ කැම්පස් එකේ අක්කලා දෙන්නෙක් වුනත්, බීඑස් වලට මන් නිනූ එක්ක ක්ලාස් ගියා.

ඊයෙ ටිකක් රෑ වෙනකම් අකවුන්ට් ක්ලාස් කරපු ලක්ෂානි අක්කා, ගෙදර වැඩ වලට පාස්ට් පේපර්ස් ගණන් දුන්න නිසා ඒ ටිකත් කරලම නිදාගත්ත මන්, උදේ හිටියේ ටිකක් තෙහෙට්ටුවෙන්. ට්‍රේන් එකේ යනගමනුත් මන් නිනූගෙ ඇඟට හේත්තු වෙලා නිදි කිරුවේ ඒකයි.

"හරි වෙලාවකට හැමදාම නිදාගන්නවා." ට්‍රේන් එකෙන් බැස්සම මට ටොක්කක් ඇනපු මාහාචාර්ය දෙනෙත් දින්තරු සූරියවංශ කිවුවෙ එහෙමයි.

එයාට නම් මොකෝ..මට බැන්නෙ නැත්තම්නෙ එයාට නින්ද යන්නැත්තේ.

අද මොනාදෝ ප්‍රෝග්‍රෑම් වගයක් තියෙනවා කියලා, අපේ සෙක්ෂන් එක වෙන ඉස්කෝලෙකට අරන් යනවා කිවුව නිසා සැහැල්ලු දවල් කෑමක් අරන් එන්න කියලා අපිට කියලා තිබ්බා. එකම බිල්ඩින් එකේ උඩ තට්ටුවේ හිටපු දෙනෙත පඩිපෙළ නගින අතරේ, එයාට අත වනපු අපි පහළ තිබුන අපේ පන්ති බලා ගෑටුවා.

ඔක්කොටම උදේම එන්න කියලා කිවුව නිසා කට්ටිය ඇති කියලා හිතුවත්, ඈත ඉඳන් බලද්දිම පන්තිය හිස් වගේ පෙනුනා.

"ඒයි ගිහාන්! කොහෙද බන් දුවන්නේ? කෝ අනිත් අය?" ඒ වෙලාවේ අපේ පන්තිය ළඟින් හතිදාගෙන දුවන ගිහාන්ව නවත්තලා නිනූ ඇහුවා.

"අරහෙ.ගහගන්නවා.සර් කෙනෙක්ව. හොයන්න යනවා.."ගිහාන් හති දාන අතරෙ කිවුවා.

"මොකක්! කවුද?!" අපිට ටිකක් ඈතින් සද්ද ගොඩක් ඇහෙන බව ඒ වෙලාවෙ අපිට පැහැදිලි වුනා. මෙච්චර උදෙන් ගුටි කෙලියක් පටලගන්න තරම් කෙනෙක්ට ඉන්නෙ--

"නිකේශයා" එහෙම කියපු ගිහාන් ආයෙ ටිකක් හති ඇරලා ගුරු විවේකාගාරේ පැත්ත බැලුවා."මම ගිහින් කොඩිතුවක්කු සර් හරි ඉන්නවද බලන්නම් බන්. මුන් මේ උදේම මොන රෙද්දක් කරනවද මන්දා."

B E L I E V EWhere stories live. Discover now