13🎐

253 34 57
                                    

"මතකයිනේ?" දෙනෙත ආයෙ කිවුවා.

"ඔව් දෙයියනෙ!" මන් ඔරවගෙන කිවුවෙ අත් දෙක බැඳගන්න අතරෙ,

"අයියෝ, ඔය කීවෙනි පාරද? විසාල කරදරයක් වුනානේ ඔයා!"නිනුත් කෑගැහුවා.

අපි ආවෙ දෙනෙතට බඩු ටික පැක් කරගන්න උදවු කරන්න වුනත් අපි එනකොටත් එයා ඔක්කොම ටික ලෑස්ති කරගෙන තිබ්බා.  ඒ නිසා අපිට ඉතුරු වුනේ, උඩ තට්ටුවේ TV ඒරියා එකට වෙලා, එයා නැති දවස් ටික ගත කරන විදිහ ගැන තියෙන දේශනේ අහගන්න.

ඒ දේශනේ තිබ්බ ලොකුම උපදෙස අමුතුවෙන් කියන්නත් ඕනේද?
' නිකේශ්ගෙන් ඈත් වෙලා ඉන්න! දෙන්නම!'

ඒකම දැන් දහස් වතාවකටත් වඩා අහලා මටයි නිනූයි එපා වෙලා හිටියෙ.

"නිකේශ් විතරද අපිට කරදරයක් කරන්න ඉන්නේ? වෙන කිසිම කෙනෙක්ව ඔයාට මතක් වෙන්නැත්ද?" නිනූ, අඩු සද්දෙකින් දාලා තිබ්බ ටීවි එකේ ගියපු කාටුන් එක දිහා කම්මැලි බැල්මකින් බලන ගමන් අල චිප්ස් පෙත්තක් හපන අතරෙ ඇහුවා.

"තව කවුද ඉතින් ඉන්නේ?" දෙනෙත නිනූගෙන් චිප්ස් පැකට් එක උදුරගෙන එකක් කටේ දාලා, සෝෆා එකේ එයාගෙ එහා පැත්තෙ ඉන්න මට පැකට් එක දික් කළා.

"ඇයි මගෙ කඩදාසි ආදරේ?" මන් පැකට් එක අතට ගනිද්දි එහෙම කියලා නිදහසේ කෑල්ලක් කටට දාගත්තා. ඒ වෙලාවේ හදිස්සියෙම එතන ඇතිවෙච්ච නිශ්ශබ්දතාවෙ නිසා මන් පුදුම වුනා. "ඇයි? වෙන්න බැරි දෙයක්ද කිවුවේ?"

මන් කාටුන් එක දිහා බැලුවා.
ඒකේ හිටපු මායාකාරී, ලස්සන කුමාරිට ශාපයක් කළා.
'කවදාක්වත් ඇත්ත ආදරේ හොයාගන්න බැරිවෙනවා.' ශාපෙ අන්තිමට තිබ්බෙ ඒ වගේ දෙයක්.
ඔයා බයවෙන්නෙපා කුමාරි, සුරංගනා කතාවල හැමදාම ඇත්ත ආදරේ තිබ්බා.

"නෑ. වෙන්න බැරි නෑ." නිනූ කිවුවා. "ඒත් ඒ ඩයල් එක මූණට කියාගන්න බැරිකමෙන් ලත වෙන කෙනෙක් නිසා වැඩිය ගණන් ගන්න ඕනේ නෑ." නිනූ මගෙ අතේ තිබ්බ පැකට් එකට අත දික් කරන අතරේ කිවුවා.

"ඔව්." දෙනෙත එහෙම කියන අතරෙ සෝෆා එකේ ඇලවුනා. එයාගෙ අළු පාට ශෝර්ට් එක, ලා කහ පාට අත් නැති ශර්ට් එක, අවුල් වුන කොණ්ඩේ, සැහැල්ලු බැල්ම, එයාට අහිංසක පෙනුමක් ගෙනාවා. "ඔයා කොහොමත් එහෙම එකෙක් ගැන හිතන්න ඕනේ නෑ." ටිකක් තදින් කියපු දෙනෙත, සෝෆා එකේ ඇන්ද උඩ අත් දෙක දිගාරින අතරේ ඈනුමක් යැවුවා.

B E L I E V EWhere stories live. Discover now