23🎐

224 32 75
                                    

___________________________________

ඔබ සිහිනයෙන් ළංවී
සිප ගන්න සැරසෙද්දී
ඔබ යළිත් සැඟවෙවී

- ප්‍රියාවී -
___________________________________

දෙනෙත්

"තමුසෙට සයිකොද ඕයි! දැන්වත් රෙස්ට් කරපන්!" බිම ඉඳගෙන හතිදාන මාව දැක්ක තිශාක්‍ය ඇවිත් කෑගහන්න ගත්තා.
"කේසර උඹ පලයන්!" තිශාක්‍ය අපි ළඟ ඉඳගෙන හිටපු කේසරට කියද්දි ඔලුව වනපු ඌ ඇතුළට ගියා.

අද කෝච් වගේම, කැප්ටනුත් නැති නිසා ප්‍රැක්ටිස් එක කරන් ගියේ අලුතින් ආව පොඩි කෝච්. දිගින් දිගටම අපේ ප්‍රැක්ටිස් මැච් දෙකකම ගැහුව මන්, ඊළඟට ජූනියර් ටීම් එකත් එක්කත් තියෙන මැච් එකට යන්න හැදුවත්, ඔළුව කැරකෙනවා වගේ දැනුන මන් එහෙමම බිම ඉඳගත්තා.

මන් ඒ මැච් එකට ප්ලේ කරන්න ඕනේමයි කියලා රණ්ඩු කරද්දි කෝච් අසරණ වෙලා වගේ අපේ උන් දිහා බලද්දි තිශාක්‍යයි කේසරයි මැදට පැනලා මට එන්න නොදී හිටියා.

"ටිකක් මෙහෙම හිටියම හරියයි බන්! මට අනිත් එකටත් ප්ලේ කරන්න ඕනේ!" කේසර ඇතුළට යන හැටි බලන් ඉන්න වෙලාවේ,ළඟ තිබ්බ වතුර බෝතලයක් ඇරලා මට දුන්න තිශාක්‍යයට මන් කිවුවා.

"බ*ලෝ! *කන්නෙ නැතුව ඉඳගෙන ඉඳපන්!" තිශාක්‍ය ලස්සන භාෂාවෙන් මාව ඇමතුවෙ කලාතුරකින්. ඒත් ඌ එහෙම කළේ ඌට කේන්තිය නවත්තගන්න බැරිවුන වෙලාවට.

"උඹ මේ කාගෙ තරහක්ද මේ ටිකේ ප්‍රැක්ටිස් වලින් යවන්නේ?"
කෝට් එකේ යන තරඟෙ දිහා ඔහේ බලන් හිටපු මට උගෙ කටහඬ ටිකකින් ඇහුනා. "දිසල්ගෙ පාර්ටි එකේදි උන දේ නිසාද උඹ ඔහොම ඉන්නෙ?"

අදට සතියක්..
ආල්‍යා මාත් එක්ක අන්තිමට කතා කරලා, අදට සතියක්..

"මොනාද උඹ ඒ ගැන දන්නෙ?" මන් බෝතලේ අන්තිම වතුර ටික ඔලුවට හලාගත්තේ, කොච්චර වෙලාවක් ගියත් ඔලුව ගිනිගන්නවා වගේ දැනෙන හැඟීම නැවතුනෙ නැති නිසයි.

"උඹයි නිකේශුයි ගහගත්තා කියලා දන්නැති කෙනෙක් නෑ." තිශාක්‍ය කියද්දි , මාව ටිකක් ගැස්සුනා.

අන්තිමේදි හැමෝම රණ්ඩුවෙ වැරැද්ද ආලුට පටවන බව තේරුනත්, ඒ ගැන හිතන්න දැන් මම පරක්කු වැඩියි.
'ආල්‍යාව බෙදාගන්න බැරුව නිකේශුයි දෙනෙතුයි ගහගෙන.' නැත්තම්, 'ආල්‍යා ඩබල් ගේම් ගහනවද කොහෙද'
ඔය වගේ කතා හදන්න නම් චීත්ත ඕනේ තරම්!

B E L I E V EWo Geschichten leben. Entdecke jetzt