___________________________________________________
දුටුවමුත් මා නෙතින් ඇසුවත් දෙසවනින්
සිතුවමුත් සිතින් හිනනෙමින් ඉවතබලමින්
නෑ ඔබව දැනුනේ අද මට දැනුන ලෙසින්-දුටුවමුත් මා නෙතින්-
_____________________________________________________නිකේශ්
කාර් එකේ පිටිපස්සට වෙලා ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් වෙලාව දිහා බලන් ඉඳපු මන් ඇස් දෙක තද කරගත්තා.
පහ මාරයි!
මේ මඟුල් වෙලාවත් මට ඕනේ වෙලාවට ඉක්මණට යන්නෑ!
මෙච්චර උදෙන්ම ගෙදර යන්න හදද්දිත් ඇහැරිලා ඉඳපු දෙනෙතලගෙ ගෙදර වැඩ කරන ඇන්ටි හදලා දුන්න කිරි තේ එකත් උගුරට එන්න හැදුවත් මන් අමාරුවෙන් ඒක පාලනේ කරගත්තා.
මෙච්චර උදෙන් තේ එකක් බිවුවේ ගොඩ කාලෙකින්.
උදේ පාන්දර නැගිටින එකටත් කැමති නැති මන් ඊයේ රෑ ආල්‍යාට කියපු දේ නිසා නින්ද පැත්තකට දාලා ඇහැරලා ඉන්න හැටි දැක්කම මටම හිනා ගියා.ඊයේ..
"උඹ යුතිකව අඳුරන්නෑ එහෙනම්"
ආල්‍යා පහළට බැහැලා ගියාට පස්සේ ටීවි රූම් එකට ගියපු දෙනෙතයගෙ පස්සෙන් ඇවිදන් ආව මට ඊයේ රෑ ඌ කියපු පළවෙනි දේ ඒක."ආල්‍යා මොළේ අහුලලා දුන්නද උඹේ?" කාමරේ වටපිට බලන අතරෙ මන් කියලා දැම්මා.
ටීවි රූම් එකේ මැද තිබුන සෝෆා එකයි, ලොකු ඩිස්ප්ලේ එකක් තිබ්බ ටීවි එකයි ඇරුනම ඒක සාමාන්‍ය ලොන්ජ් ඒරියා එකක් වුනත්, ඒකෙ එක බිත්තියක් වැහෙන්නම තිබ්බ රාක්ක වල තිබුන, පොඩි පොඩි ෆොටෝ ෆ්‍රේම් ඒ කාමරේ විශේෂ කළා. ඒ වගේම, මගෙ හිතට පොඩි කටුවකින් දෙකකින් ඇන්නා.
ඒ මොනා වුනත්,ඈතටත් පෙනුන ලේසියෙන් දකින්න නොලැබෙන හිනාවෙලා ඉන්න මූණ දැක්ක මාව ඒ පැත්තට ඇදුන එක අමුතු දෙයක් වුනේ නෑ.
එතන ෆොටෝස් වල කීපයක් වගේ දෙනෙත්ගෙ තනි ෆොටෝස්, පවුලෙ තුන් දෙනා එක්ක ගත්ත ෆොටෝස් වුනත් අනිත් ඔක්කොගෙම වගේ ආල්‍යායයි නිමන්යයි හිටියා.
'හරි අසාධාරණයි ආල්‍යා.' ඒ හිනාව දිහා බලන් ඉන්න මගෙ හිතට ඉරිසියාව කාන්දු වෙනවා දැනෙද්දි, මන් ඇතුලෙන් කෑගැහුවා. 'එයාට ඔයාව මට කලින් හම්බෙලා.'
YOU ARE READING
B E L I E V E
Romance"අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ" _________________________ |Sinhala G×B| | All from my ImagiNatiOn|