___________________________________________
ප්‍රේමය නම්
ආදරේ කටු කම්බි ඇතිරුණු
ගෑනුන්ට වැරදිච්ච තැන්මය- අන්තරාවයි -
___________________________________________
ආල්යා
"ආලූ.."
පේරන්ට්ස් මීටින්ග් එක ඉවර වෙලා ගෙදර යද්දි වාහනේ ඇතුලෙ තිබ්බ නිහඬතාවෙ අම්මා එහෙම බිඳලා දැම්මා."හ්ම්" ශීට් එකට හේත්තු වෙලා ජනේලෙන් එළිය බලාගෙනම ඉඳපු මන් උත්තර දුන්නා.
"කියන්නෙ කොයි වෙලාවටද මට?" අම්මා අහද්දි මන් හුස්මක් හෙලුවා. අද මීටින්ග් එකෙන් පස්සෙ දීපිකා මැඩමුයි අපේ ඉරේෂා මිසුයි, අම්මාවයි මාවයි නිකේශ්වයි ගෙන්නලා කියපු දේවල් වල ඇත්ත නැත්ත අම්මා අහන බව තේරුම් ගන්න මට අටුවා ඕනෙ වුනේ නෑ.
"මන් කිවුවොත් අම්මා පිළිගන්නවද?"
"මන් එතනදි ඇහුවෙ මිස් කතාව දකින විදිහනේ, ඔයා මට ඇත්තටම සිද්ධ වුන දේ කියන්න දැන්. එතකොට මන් කියන්නම් මට දැනෙන දේ."
"ඒක--ඒක.."
"මන් අහන් ඉන්නෙ රත්තරන්. ඔයාගෙ හිතේ තියෙන ඔක්කොම කියන්න. ඔයා දන්නවනේ අම්මා ඔයාව විශ්වාස කරනවා කියලා."
අම්මා ඩ්‍රයිව් කරන් යන අතරෙ මගෙ පැත්ත බලලා කිවුවා."ඒක පටන් ගත්තේ මගෙ පොතක් අස්සෙ තිබ්බ කොළ කෑල්ලකින්. ඊට පස්සේ--" මන් එදා ඉඳන් වුන හැමදේම වගෙ අම්මට කිවුවා. ඒත් නිකේශ් මාව ගෙදර අරන් ගිය එකයි, එයාගෙ තාත්තා මාව හොයන් ආව එකයි නොකියා ඉන්න මන් වග බලා ගත්තා. ඒත් මන් ඊයේ ඉඳන් මගෙ හිතට වද දෙන දේ අම්මට කියන්න තීරණේ කළා. "ඊයේ නිකේශ් පිළිගත්තා ඒ කොළ එයා ලියපු ඒවා කියලා. එයා කිවුවා--"
"ම්ම්ම්.. මොනාද එයා කිවුවේ?" අම්මා මගෙ පැත්ත බලන අතරෙ හීනි හිනාවක් එක්ක ඇහුවා. අම්මා නිකේශ්ව දැක්කා. දීපිකා මැඩම් අපි දෙන්නාටමයි අපේ දෙමවුපියන්ටයි ඔෆිස් එකට එන්න කියලා කියලා තිබුනා. ඒත් නිකේශ් ආවේ තනියෙන්. වෙනදා වගේම හැම ප්‍රශ්නෙකදිම එයා තනියෙන් හිටගෙන හිටියා. ඒත් ඒ මොනාවුනත්, හැමදාම වගෙ එයාගෙ ඇස් සුපුරුදු ආඩම්බරකමින් පිරිලා තිබ්බා. මෝඩ උකුස්සා!
YOU ARE READING
B E L I E V E
Romance"අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ" _________________________ |Sinhala G×B| | All from my ImagiNatiOn|