12🎐

189 34 79
                                    

ටර්ම් ටෙස්ට් කලබල වැඩිවෙද්දි මගෙ ෆෝන් එකට එන නිකේශ්ගෙ මැසේජසුත් වැඩි වුනා. ටික ටික මැසේජ් කරන එක අතෑරලා දාපු නිකේශ්, මට කෝල් කරන්න පටන් ගත්තේ කවදා ඉඳන්ද කියලා මතක නැති වුනත්, ඒක දැන් අපි දෙන්නටම පුරුද්දකට ගිහින් තිබ්බා.

කොච්චර පුරුදුද කියනවනම්, කෝල් ලොග් එකේ නිකේශ්ගෙ නම ඇරෙන්න වෙන නමක් නොතිබ්බ තරම්. ඒත් පුරුදු විදිහටම නිකේශ්ගෙ Good Night, Good Morning මැසේජ් දෙක අනිවාර්යයෙන්ම චැට් එකේ තිබ්බා.

"හෙලෝ ආල්‍යා." මට ක්ලාස් නැති දවස් වගේම වෙලාවල් මතක තියාගත්ත නිකේශ්ගෙ කෝල් එක එහෙම පටන් ගත්තා.

"අර මිස් දීපු ඉකෝන් පේපර් එකේ සෙකන්ඩ් පාර්ට් එකේ පිරිවැය වක්‍ර ගාණ කියලා දෙන්නකො" කොහේ හරි තිබ්බ ප්‍රශ්නයක් ගැන කියලා එයා මට කතා කරන්න සලස්සනවා.

"මෙහෙමයි ප්‍රශ්නෙ මුලින්ම--" බ්ලා බ්ලා බ්ලා මාත් කියාගෙන යනවා. "අහන් නේද ඉන්නෙ? දැන් කිවුව විදිහට හැදුවද?" කිසි සද්දයක් බද්දයක් නැති නිසා මන් මඟදි සැරෙන් අහද්දි, නිකේශ් "ඔව් ඔව්" ගාලා හීනෙන් වගේ උත්තර දෙන අතරෙ හදපු ගාණේ ෆොටෝ එකකුත් එවනවා.

"කාලාද ඉන්නෙ?" "වහිනවද?" "හෙට ඉස්කෝලේ එනවද?" "English මිස්ගෙ පේපර් එක කලාද?"වෙලාවකට රචනා ප්‍රශ්න හතරකට විතර උත්තර දීලා ඉවර වෙලා කෝල් එක කට් කරන්න හදද්දි නිකේශ් කොහේ හරි තියන මාතෘකාවක් ඇදලා ගන්නවා..

"පාඩම් කරන්න තියෙනවා. මන් යනවා." ඉක්මණට කියන මන් කෝල් එක කට් කරද්දි නිකේශ්ගෙ දුක හිතිලා ඉන්න බලු පැටියෙක්ගෙ ස්ටිකරයක් මගෙ චැට් එකට එනවා.

"උඹ ඇයි කෝල් ආන්ස්වර් කරන්නැත්තේ!!?" ඊළඟට එන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කෝල් එක. නිමන්යා සසත්මි කොඩිතුවක්කු අග්‍ර ආණ්ඩුකාරවරියට මල පැනලා ගන්න කෝල් එකක් ආන්සර් කරනවට වඩා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රණ්ඩු වෙද්දි ගත්ත වොයිස් එකක් අහන් ඉන්න එක ,මගෙ කනට මාර සනීපයි.

කොච්චර හේතු දැක්වුවත් නිකේශ් එක්ක කතා කරනවට නිනූ පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ. ඒවගේම මේ දේවල් දෙනතට නොකියන නිසාම අපි තුන් දෙනා අතරේ අමුතු දුරස් බවක් ඇති වෙන එකටත් එයා කැමති වුනේ නෑ.

B E L I E V EWhere stories live. Discover now