15🎐

181 29 77
                                    

"තේ කෝප්පේ.."

"අලුවා කෑල්ල.."

ටිකක් වෙලා ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් අපේ මූනු දිහා බලන් හිටපු අපි දෙන්නා, හිනාවක් එක්ක එහෙම කිවුවා. එයා හිටියේ රතු පාට ස්කිනි එකක් ඇඳන් ඇඳේ කොට්ටෙකට හේත්තු වෙලා ඉඳගෙන.එයාගෙ ළඟම තිබ්බ මේසෙක තිබ්බ ටේබල් ලෑම්ප් එකේ කහපාට එළිය නිසා එයාගෙ මූණ එළිය වෙලා තිබ්බා. එහෙට පාන්දර පහ විතර වෙලා තිබුනත්, වටපිටාවේ අනිත් ඔක්කොම නිශ්ශබ්දව තිබ්බෙ කට්ටිය තාම ඇහැරිලා නෑ කියන්න වගේ.

එයාගෙ අවුල් වුන කොණ්ඩේ මට තවත් අවුස්සලා එන්න හිතෙනවා..

මන් හිටියෙ නිදාගන්න ලෑස්ති වෙලා.
දොළහ විතර වෙනකම් හෝම්වර්ක් කර කර ඉඳලා මහන්සියට නිදාගන්න හදද්දි දෙනතගෙන් ආව වීඩියෝ කෝල් එක දැක්කම මට ඒ ඔක්කොම අමතක වුනා.

හුඟදවසකට පස්සෙ මට සැනසීමක් දැනුනා.

දෙනෙත නැති දවස්, ගෙවුනෙ හරිම හෙමීට..

"කෝල් එකක් ගන්න වෙලාවක් හම්බුනේ නෑ ආලු." පහුගිය ටිකේම එහෙ එහෙට මෙහෙට ගිය දෙනෙත කිවුවා. ඒත් එයා පුළුවන් හැම වෙලාවකම මැසේජ් කළා කියලා එයාට අමතක වෙලාද?

"ඇයි මගෙ මූණ අමතක වෙයි කියලද අද කෝල් කළේ?" මන් හිනාවෙවී අහද්දි, එයා කොට්ටෙ තුරුල් කරන්, ඇඳේ පැත්තට ඇලවුනා.

"ම්ම්ම්.." එයාගේ ගැඹුරු මිමිනුම ඉයර් ෆෝන් එක දිගේ ඇවිත් මගෙ කන පුරවද්දි,හදවත වේගෙන් ගැහිලා මාව උණුහුම් පොරෝනේකින් ඔතාගත්තා. "ඔය කැත මූණ ඉක්මණට අමතක වෙන්න කලින් දකින්න ඕනේ වුනා." එයා නිදිමත බේරුන ඇස් වලින් හිනා වුනා. මට රෑ වුනාට, එයාට පාන්දර වුන නිසා තාම එයා ඉන්නෙ නිදිමතෙන්.

මෝඩ තේ කෝප්පේ!

"ගිහින් තව ටිකක් නිදාගන්න.. මාත් යනවා. වෙන වැඩ නෑනේ මෙයාට මූණවල් පෙන්න පෙන්න ඉන්න."

"ඒයි ඒයි.."එයා හදිස්සියේ කිවුවේ ඇඳෙන් ඉඳගන්න අතරෙයි. "ඉන්න ඉන්න.. මන් දැන් කොහොමත් ඇහැරලා රෙඩි වෙන්න ඕනේ, අද ප්‍රැක්ටිසස් තියේ උදේ ඉඳන්ම."

"හ්ම්ම්.."

"මොනාද අලුත් විස්තර?" එයා මූණට වැටුන කොණ්ඩේ,අතින් පස්සට කරන අතරෙ ඇහුවා.

B E L I E V EWhere stories live. Discover now