තර්ඩ් ටර්ම් ටෙස්ට් එකත් ළඟ ළඟම එන නිසා ලක්ෂානි අක්කා මට දවසක්ම ක්ලාස් කරනවා කියලා තිබ්බ නිසා මන් ගෙදර ඉන්න බව මෝඩ ජෝඩුවට මැසේජ් එකක් දාලා රෑම කියලා තිබ්බා.
නිකේශ්ගෙ මැසේජ් එකට, 'ඔව්' කියලා රිප්ලයි කළත් එයා ඒක තාම බලලා තිබ්බේ නෑ.
හවස් වෙනකම් ක්ලාස් කරපු අක්කා පහ මාරට වගේ පිටත් වෙද්දිම වගේ අම්මා ගෙදර ආවා.
"අක්කට තේ ටිකක් හදලා දුන්නා නේද ආලු?" වොශ් එකක් දාගෙන ආව අම්මා,මන් මේසේ උඩ තිබුන පොත් ටික අස් කරන අතරේ ඇහුවා.
"ඔව් අම්මා, අක්කා පේපර් එක මාර්ක් කරන අතරේ මන් තේ හැදුවා."
"එහෙනම් මන් ඩිනර් හදනකම් බඩගින්නෙ ඉන්න පුළුවන්නේද?"කිචන් එකේ ඉඳන් අම්මා ඇහුවා.
"තාම බඩගින්නක් නෑ අම්මා." පොත් ටික කාමරෙන් ගිහින් තිබ්බ මන් ෆෝන් එක අතට ගද්දි නිනූ අද දවසෙ වුන දේවල් වගේම නෝට්ස් ටික එවලා තිබ්බා.
ඒත් දෙනෙත දවල් ගෙදර ආව වෙලාවෙ ඉඳන් මුකුත්ම එවලා තිබුනෙ නැති එක අමුතු දෙයක් වුනා. අනික අද එයාට ක්ලාස් තිබුනෙත් නැති එකේ..
'දෙනෙත...'
'ඔයා ගෙදරද '
මැසේජ් දෙක යවපු මන් නිකේශ්ගෙ චැට් එක දැක්කා.
'ඔයාගෙ බොඩිගාර්ඩ්ට මොකද වෙලා තියෙන්නෙ?'
'අද මාව කැන්ටිමේදි දැකලා ඌ මගෙ ඇඟේ උවමනාවෙන්ම හැප්පිලා ගියා.'
'ඌ වැඩක් නෑ. ඇයි අද ඔයා ආවේ නැත්තේ?'
'ලෙඩ වුනේ නෑ නේද?'
'නිමන්යාගෙන් ඇහුවට මුකුත් කිවුවේ නෑ එයා.'
'ආල්‍යා..'
'තාම මැසේජ් එකක්වත් නැත්තෙ ඇයි?'
'ඔයා හොඳින් නේද?😐'
මැජේජ් ටික දැක්ක මන් ටිකක් වෙලා ඒ දිහා පුදුමෙන් බලන් හිටියා. අන්තිම මැසේජ් එක එවලා තිබුනෙ දැන් පැය භාගෙකට කලින් වගේ.
නිකේශ් මන් එන නොඑන එක ගැන වද වෙන්න පටන් ගත්තේ කවද ඉඳන්ද?!
'මන් හොඳින් නිකේශ්.'
YOU ARE READING
B E L I E V E
Romance"අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ" _________________________ |Sinhala G×B| | All from my ImagiNatiOn|