22🎐

199 32 79
                                    

______________________________

මුව කමල ආදරෙන්
සිප ගතිමි සීරුවෙන්
හැඟුම් සොඳුරුයි
රැඳුන නෙතඟේ
එවන් සැන්දෑ කලේ

- ඩැෆඩිල් මලේ -

_______________________________

දෙනෙතලගෙ ගෙදරට ගිහින් එයාගෙ විස්තර කියව කියව ඉඳලා,එයා ගෙනාව චොක්ලට්, සවර් ටේප්ස් එහෙමත් බෙදාගෙන, ඕඩර් කරපු පීසා ටික ආවට පස්සෙ අපි Uno සෙල්ලම් කරමු කියලා උඩතට්ටුවේ TV ඒරියා එකේ වාඩි වුනා.

දෙනෙතගෙ මූණෙන් නොපෙනුනත්, එයාගෙ හිතේ මොකක්දෝ අවුලක් තිබුන බව එයාට කතා කරද්දි මට දැනුනා.

ඒත් නිකේශ් ගැන, දෙනෙත එක්ක කතාවක් පටන් ගන්නෙ කොහොමද කියලා මට තේරුනේ නෑ..

එයාලා දෙන්නම නිකේශ්ව මගෙන් ඈත් කරන්න හදද්දි, මට නිකේශ්ට අවස්තාවක් දෙන්න මෙච්චරම ඕනේ කරන්නෙ ඇයි?

ඒ අතරෙ, ගේම් එක පටන් ගන්න කලින්, පොඩ්ඩක් ඉන්න කියලා නැගිටලා ගියපු දෙනෙත, ආයෙමත් එතනට ඇවිත් මගෙ එහා පැත්තෙන් ලොකු සෝෆා එක ළඟ බිමින් ඉඳගත්තා.

ඊට පස්සෙ එයා මගෙ අතට දීපු jewellery box එක දැක්ක ගමන් මට බැලුනෙ නිනූ දිහා.

බොක්ස් එකයි මන් දිහයි මාරුවෙන් මාරුවට බලපු නිනූ අහක බලාගත්තා.

සෝෆා එකට හේත්තු වෙලා, මන් දිහා බලන් හිටපු දෙනෙතට මගෙ මූණෙ වෙනස තේරෙන්න ඇති.
"ආලු..මොකද වුනේ?"

"මුකුත් නෑ. මේ මොකක්ද?" කියලා හිනාවුන මන් තද රතු පාටවෙල්වට් බොක්ස් එක අරිද්දි, ඒකේ තිබුනෙ හීනිම හීනි රෝස් ගෝල්ඩ් චේන් එකකට, චූටි ඩයමන්ඩ් එකක් අල්ලපු නෙක්ලස් එකක්.

මන් මේ නෙක්ලස් එක දැනගෙන හිටියා.
මේක ඕස්ට්‍රේලියන් බ්‍රෑන්ඩ් එකකින් හදපු ට්‍රෙන්ඩින් වුන necklace එකක්.

දෙනෙත ටීවී එකේ documentary එකක් බලද්දි, නිනුයි මායි මෙතනටම වෙලා, instagram එකේ රීල්ස් බලද්දි, ඒ මාලෙ එක දිගට සජෙස්ට් වෙද්දි, මන් අම්මා එක්ක ඊළඟට ඕස්ට්‍රේලියා වලට ට්‍රැවල් කරලා ඒක ගන්නවා කියලා මන් කිවුව හැටි මට මතක තිබුනා.

B E L I E V ETempat cerita menjadi hidup. Temukan sekarang