පිවිසුම

2.6K 177 24
                                    


වෙයි යින්ග් අවදි වන විටත් ලං ශාන් කුටියෙන් පිටව ගොස්  ය . මෙය හැමදාමත් මෙසේ ය . කොතරම් රෑ බෝ වී නිදාගත්තද ලං ශාන් නම් හැමදාමත් උදෑසන පහට ම අවදි වීම තවමත්  පෙර සේම ඔහුගේ පුරුද්දක් වී ඇත .

" අහ් ... කොතරම් කාලයක් ද ... ඒත් හැමදෙයක්ම අද ඊයේ සිදු වූවාක් මෙන් නැවුම් බවක් දැනේ ... " වෙයි යින්ග් එසේ තමාට ම මුමුණා ගනිමින් ඇදෙන් නැගී සිටියේ ය .

ඔවුන් විවාහ වී ගුසු වෙත පදිංචියට පැමින දැන් වසරකට ආසන්න වී ඇත . ඒත් තවමත් වෙයි යින්ට නම් ගුසු වල සමහර නීති සහ පුරුදු වලට  හැඩගැසීම අපහසු වී ය .

" වෙයි පපා ඔබ අවදි වීද ... පියාණන් පැවසුවා ඔබ අවදි වූ විට ඔබත් සමග උදෑසන ආහාර ගන්න ලෙස ... පපා සූදානම් වී පැමිණෙන්න , මං භෝජන ශාලාවේ රැදී සිටින්නම් "

ආ යුවෑන් ගේ ලයාන්විත කටහඩ කුටිය පිටතින් ශ්‍රවණය වීමත් සමග ම වෙයි යින්ග් තම කටයුතු ඉක්මන් කරවීය .

" හොදයි ආ යුවාන් ... මා ඉක්මනින් ඔබට එකතු වෙන්නම් "

වෙනදාට නම් උදෑසන ආහාරය යන වදන ශ්‍රවණය වීමත් සමගින් ම , වෙයි යින්ග් ගේ  කුසද කුසගිනි හැගීමකින් පිරී යාම සාමාන්‍ය ආකාරය වුවද ... අද නම් කුමක් හෝ හේතුවක් නිසා ඔහුට ආහාර ගැනීමට කිසිදු ප්‍රියතාවයක් නොවී ය . නමුදු ආ යුවාන් බලා සිටින නිසා , ඔහු පය ඉක්මන් කර භෝජන ශාලාව වෙත පිය මැනීය .

" පපා බලන්න ... අද ඔබ කැමති ම ආහාරය ... මිරිස් දැමූ කුකුල් මස් බැදුම් , පියාණන් බොහෝ වෙහෙස වෙන්න ඇති ගුසු බැම්මෙන්  මෙහාට මේවා ගෙන ඒමට "  සිනහව පිරි මුහුණකින් ආ යුවාන් පවසන විට , වෙයි යින්ග් ගේ හදවත ද උණුසුම් හැගීමකින් පිරී ගියේ නිතැතිනි .

එය සැබෑවකි . තමා ගුසු වෙත පැමිණි දින සිට ... ලන් ශාන් කැඩූ නිතී ගණන , අතේ ඇගිලි ගණනටත් වඩා වැඩි වූ බව සිහිපත් කරමින්ම මද සිනාවක් ද සමගින් වෙයි යින්ග් ආහාරය වෙත තම අවධානය යොමු කළේ ය .

අද නම් කුමක් හෝ ගැටළුවක් පවතී . තම ප්‍රියතම ආහාරය වුවද , අද නම් එය දුටු විටම වෙයි යින්ග් ට ඔක්කාර හැගීමක් ඇති විය . නමුදු මේ ලන් ශාන් ඔහු වෙනුවෙන් , ඉතා අපහසුවෙන් ගෙන ආ ආහාර විය . ඉදින් කෙසේ ද ඔහු එක කටක් හෝ අනුභව නොකරනුයේ .

ආශ්චර්‍යය ... 🍃   [Completed ]Where stories live. Discover now