කුටිය නිහඩතාවයේ ගිලී ගොස් ය . වෙදදුරු තුමා , ලන් ශිචෙන් සහ මාස්ටර් කිරන් ද පිටවගොස් දැන් හෝරා භාගයට පමණ ආසන්න වී ඇත .මේවන විට කුටියේ ඉතිරි වී සිටිනුයේ , සයනය මත වැතිරී සිටින වෙයි යින්ග් , සයනය අසල බිම වාඩි පොතක් කියවන ආ යුවාන් සහ අසල අසුනක හිද සිහින් හඩින් ගුචිනය වයන වංජී පමණි .
අවටින් ඇසෙන ගුචිනයේ ලයාන්විත නාදයත් , ඒත් සමග ම නැහැයට දැනෙන සුවද දුමේ සිත් උණුසුම් කරවන ගන්ධත් සමග සිහිසුන් වී හෝරාවකට පමණ පසු ... වෙයි යින්ග් තම දෑස් සෙමින් විවර කළේ ය .
" ලන් ශාන් ... " වෙයි යින්ට පිට කරගත් හැකි වූයේ එම වදන පමණි .
වෙයි යින්ගේ හඩ ශ්‍රවණය වීමත් සමග කුටියේ සිටි දෙදෙනා ගේ ම අවධානය ඔහු වෙත යොමු වූයේ නිරායාසයෙන් මය .
" පපා ඔබ සුවෙන්ද ... "
" වෙයි යින්ග් ඔබට දැන් කෙසේ ද ... "
දෙදෙනා ම එක් වර තම හඩ අවදි කළේ ... දෙදෙනා ගෙන් එක් අයෙකුටවත් , අනිකාට දෙවෙනි නොවීමට අවශ්‍ය නොවන්නක් මෙනි .
" ලන් ශාන් ... ආ යුවාන් ... ඇත්තෙන්ම මං හොදින් ... හිස ටිකක් කැරකෙන වා වගේ ම උදරය මදක් පෙරළිකාර වී ඇති හැඩයි . නමුත් සියල්ලෙන් සියල්ල ... මට කලින් ට වඩා යම් පහසු ගතියක් දැනෙනවා " සිහින් සිනාවක් මුවගට නගා ගනිමින් ම වෙයි යින්ග් පිළිතුරු දිනි .
" පපා ඔබ දන්නවාද මං කෙතරම් බිය වූවාදැයි ... මං ජීවිතේ කිසිම දිනක එතරම් කලබල වී නැහැ ... මට සතුටුයි ඔබ සුවෙන් සිටීම ගැන ... " ආ යුවාන් තම සුපුරුදු සන්සුන් භාවයෙන් ම පැවසීය .
" ආ යුවාන් ... මගෙ දරුවෝ ... මට සමවෙන්න ඔබව එතරම් බියපත් කිරීම සම්බන්යෙන් ... නමුදු මෙයත් මතක තබා ගන්න ... මා නැහැ නැවත කිසිදු දිනක ඔබව අත්හැර යනුයේ ... මගේ දරුවෝ ... "
වෙයි යින්ග් තම වාක්‍ය අවසන් කරන විටද ... මුරණ්ඩු කදුළු බිදු දෙකක් ඔහුගේ කම්මුල් ආක්‍රමණය කර තිබුනි .
" ආ යුවාන් , ඔබට හැකිද පපාට පානය සදහා උණුසුම් ජල බදුනක් රැගෙන ඒමට " ලන් ශාන් සෙමින් නමුත් අවධාරණාත්මක හඩින් එසේ පැවසීය . ලන් යුවාන් යනු සහජයෙන් ම බුද්ධිමතෙකු බව අමුතුවෙන් කිව යුතු නැත . පියාණන්ටත් පපාටත් මේ සංවේදී කාරණාව තනිවම කතා කළ යුතු බව ඔහු වහා වටහගත්තේ ය . ඉතින් යුවාන්
YOU ARE READING
ආශ්චර්‍යය ... 🍃 [Completed ]
FanfictionWangxian Historical 18+ Cover by : @_Lan_kimra