අටවෙනි දිගහැරුම

811 104 18
                                    

වෙයි සයනය මත හිද ගනී ... මොහොතක් වේදනාවෙන් ඇඹරී හිද නැවත සිටගනී ...වේදනාව දරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු නැවත නැවතත් මෙසේ සිදු කරයි . ලන් වංජී ඔහු අසලට ම වී ඔහුගේ පිට මෘදු ව පිරිමදිමින් සිටී .

" ආහ් ... ලන් ශාන් ... නොහැකියී ... බොහෝ වේදනායි මා හට ... " වෙයි කෙදිරුම් අතරින් අපහසුවෙන් වදන් ගළපයි ...

" එය ඉක්මනින් අවසන් වේවි මගේ වෙයි ... මදක් ඉවසන්න ... තව සුළු මොහොතයි ... " ලන් ශාන් මෘදු ලෙස මුමුණයි ...

.
.
.
.
.
.
.
.

" මාස්ටර් වෙයි ප්‍රසූතියට ආසන්න වී ... ඉදිරි පැය කිහිපය තුළ හොද අවධානයෙන් ඔහුව රැකබලා ගත යුතුයි ... දරුවා ඕනෑ ම වෙලාවක බිහි විය හැකියි ... "

වේදනාවෙන් හඩ තලමින් ඇදවැටුනු වෙයි ව සිසුන් කිහිපදෙනෙකුගේ ද උදව් ඇතිව වෙද කුටියට ගෙන ආ ලන් කිරන් මාස්ටර් ට වෙදදුරු උපදෙස් දුනි .

මේ අතර අසිපත් හරඹ පුහුණු අභ්‍යාස ක නිරත වී සිටි හන් ගුආ ජුන් ට හා ලන් යුවාන් වෙත යවනු ලැබූ පණිවිඩයට අදාළව ඔවුන්ද ඉක්මනින් වෙද කුටිය වෙත පැමිණින ...

වෙද දුරුගේ ප්‍රකාශයෙන් වංජිද තැති ගත්තේ ය .

" මෙතරම් ඉක්මනින් ... තවමත් මාස හතහමාරක් පමණයි ... "වංජි විමසීය .

" සැබෑවක් හන් ගුආ ජුන් ... නමුදු ඇතැම් දරුවන් මාස හතහමාරෙන් බිහි වීමේ සිදුවීම් පවතිනවා ... බියවන්න දෙයක් නෑ ... දරුවා හොද  සෞඛ්‍ය තතවයෙන් පසුවෙයි ... මාස්ටර් වෙයි ද ශක්තිමත් ... ඉතින් අපට ඇත්තේ බලාපොරොත්තු සහිත ව බලා සිටීමයි ... " වෙදදුරු විශ්වාසවන්ත හඩින් පැවසීය .

වංජි දරු උපත හොදින් සැලසුම් කර තිබිනි . ඔහු හොදම වෛද්‍යවරුන් සිටින වෙන් නිකායෙන් ද වෛද්‍යවරුන් කිහිපදෙනෙකු ගුසු වලට ගෙන්වීමට සැලසුම් කර තිබූ අතර , ඔවුන් තව සතියකින් ගුසු වෙත පැමිණීමට නියමිත ව තිබිනි . එසේ ම ජියැන්ග් චෙන්ග්ද ලිපියක් මගින් දන්වා තිබුනේ , තමන් හොදම වෙද හෙදියන් කණ්ඩායමක් සහිතව නොබෝ දිනකින් ම ගුසු වෙත පැමිණීමට බලාපොරොත්තු වන වගයි .

ආශ්චර්‍යය ... 🍃   [Completed ]Where stories live. Discover now