Fb දාපු එකක් . කමක් නෑ ඔයාලත් කියවන්න 😌
මුලින්ම කියන්න ඕනේ මේක chapter එකක් නෙවෙයි 😌 ඒඋනට ආශ්චර්‍යය කියවන අය මේක අනිවාර්යයෙන් ම කියවන්න 😊
මුලින්ම ස්තුතියි ඔයාලගේ react , comments වලට මේ කතාව දිගට ලියන්න ඒක මට ගොඩාක් ලොකු ශක්තියක්
ඒවගේම group එකේ addmin ඇතුළු සියලු දෙනාටම හැම දාම දාන පෝස්ට් approve කරනවට වගේම මේ කතාව මේ group එකේ දාන්න ඉඩ දෙනවට 🤟
ඉතින් මේකයි කියන්න තියෙන්නේ ...
මුලින්ම මේ මගේ පළවෙනි wangxian ff එක . Wattpad ඉන්න අය නම් දන්නවා ඇති මේ මගේ පළවෙනි bl ff එක ඒ වගේ ම මෙච්චර දිගට ලියන්න කියලා ආරම්භ කරපු පළවෙනි ff එකත් ... ඉතින් මට මීට කලින් ජීවත ආදර්ශ කතා ලියලා තියන කෙනෙක් ... ඒවගේම ඒව chapter අඩු ප්‍රමාණයක short stoties . ඒවගෙම මං කලින් ලියපු " පොරෝනාවේ පළහිලව්ව " කියන Jin ling Yuwan short story එක ඇරුණම fb දාන පළවෙනි කතාව මං ලියපු .
ඉතින් මට මුලින්ම කියන්න ඕනේ . මේක fan fiction එකක් හරි . ඉතින් ඒකියන්නෙ රසික ප්‍රබන්ධයක් ... ඒනිසා ඔයාල කීයටවත් මාව MXTX එක්ක , ඒවගේම එයාගේ භාශා ශෛලිය එක්ක නම් සංසන්දනය කරන්න එපා 😁 මොකද MXTX කියන්නේ ලොකු author කෙනෙක් . මං මේ ආධුනික ලේඛකයෙක් නේ . මට එයාට ලං වෙන්න තියා හිතන්නවත් බෑනේ නේද .
ඒනිසා අඩුපාඩු ගොඩාක් ඇති මගේ කතාව . ඉතින් ඒවට සමාව දෙන්න හොදද . ඒවගේ ම ඒව මට කියන්න හොදද .
ඉතින් අපැහැදිලි තැන් කිහිපයක් තියනවා කියලා මට තේරුනා .
මුලින්ම ජින් ලින් ට සුප් හදන්න පුළුවන් වෙච්චි එක . ඒක මෙහෙමයි මං imagine කළේ ජින් ලින් ජියැන්ග් චෙන්ග් එක්ක ඉන්නකොට යුන්මෙන් වල එයා සුප් හදන්න ඉගෙන ගත්තා වගේ දෙයක් . ඒක මගෙන් වෙච්චි අඩුපාඩුවක් . මං ඒක හිතේ තියන් හිටියට කිව්වෙ නෑනේ නේ ද . ඒකට සොරි .
ඊට පස්සේ මියැන් මියැන් එන එක . මෙහෙමනේ මං කතාවේ කිව්වනේ වංජි ජියැන්ග් චෙන්ග් ට ලියුමක් යැව්ව් කියලා . ඉතින් ඒකේ කෑම ගැන විතරක් නෙවෙයි අනෙක් ප්‍රශ්න ගැනත් ලියලා යවන්න පුළුවන් නේ නේද . ඉතින් දන්න කාන්තාවක් නැති එක කපල් එකට වගේ ම ජියැන්ග් චෙන් ටත් ඒ ප්‍රශ්න තේරෙන්න ඇති නේ . එතකොට ඉතින් ආ චෙන්ග් ගිහින් මියැන් මියැන් හම්බෙලා එයා එක්ක කතා කරලා එනකොට එයාවත් එක්ක ගෙන ආවා . ඉතින් මං ඔය ඔක්කොම ටයිප් කළේ නෑ . ඒකත් මගෙන් උනු අඩුපාඩුවක් . ඉතින් ඒකටත් සොරි .
මං කතාවෙ ආශ්චර්‍යය විදියට ගන්නේ බබා හම්බෙන්න ඉන්න එක විතරයි . අනික් හැමදෙයක්ම වෙන්න පුළුවන් දේවල් විදිහට ලිව්වෙ. ඒත් කතාව මගෙ ඔලුවෙ තිබ්බට ඒක ඔයාලට යනකොට වෙනස් වෙන්න පුළුවන් අදහස් කරන දේවල් මං . ඒනිසා අපැහැදිලි තැන් තියනවා නම් මට දන්වන්න .
මොකද අපේ හිතේ ඇතිවෙන සිතුවිලි හැගීම් වෙලා ඒව වචනවලට පෙරළෙනකොට අර මුලින්ම ඇති වුනු සිතුවිල්ල ඒ ආකාරයෙන් ම වචන වෙන්නෙ නෑ නෙ නේද .
කතාව හරි සරලව ලියන්නේ මං . කොටින්ම මං ජීවත්වෙන ෆැන්ටසිය ඔයාලත් එක්ක බෙදාගන්නවා වගේ දෙයක් . ඉතින් ලොකු ගැටුම් නැතුව කතාව ගලාගෙන යන විදියට තමයි මං ලියන්නේ . කොල්ලො දෙන්නෙකුට බබෙක් කියන්නෙ ම ලොකු යුද්දයක් . ඉතින් මේක තමයි මගේ කතාවේ යුද්දේ .
දැන් මට අවංකව ම කියන්න . මොකද කියන්නේ . මේ විදියට හොදයි නේද ..
තව දෙයක් ජින් ලින් නුයි යුවාන් වයි වැඩි ප්‍රතිචාර මත කපල් කරනවා 😁 කිරන් සීයටත් කවුරුහරි සෙට් කරන්නලූ 🤣 උන්දෑ ට මොනා කරන්නද කියලා මට තාම හිතාගන්න බෑ 😅
තව යෝජනාවක් ආවා ශිචෙනුයි ජියැන් චෙන්ග් නුයි 😗 මාත් ආස ශිප් එකක් හැබැයි . මොකෝ කියන්නේ 😌
එහෙනම් එච්චරයි .
ආ තව දෙයක් 😁 ගිය සතියේ group එකේ top post එක ආශ්චර්‍යය පිවිසුම ලූ 😍 අනේ මට හරි සතුටුයි ඉතින් . ගොඩාක් ස්තූතියි ඔයාලා හැමෝටම 🤟😊
ඊළග එපියෙන් හම්බෙමු .
රාත්‍රිය බෝ වෙනවලු 😗😌 ඔය ළමයි කොටු රෙදි අරං ලෑස්ති වෙලා ඉන්න 🙊🙈
_Weiyexiao_
YOU ARE READING
ආශ්චර්‍යය ... 🍃 [Completed ]
FanfictionWangxian Historical 18+ Cover by : @_Lan_kimra