ලන් වූශාන් තම පපාගේ උදරයට හිස තබාගෙන ඔහුගේ උකුල මත ගුලි වී සුව නින්දකට පිවිසී ය .
වෙයි දෙවෙනි වර පිළිසිදගෙන මාස තුනකට ආසන්න කාලයක් ගත වී තිබිනි .
වූශාන් ඉපදීමට සිටි කාලයේ මෙන් නොව ... මෙවර පිළිසිදගෙන පළමු තුන්මසක කාලය වෙයි ට පෙර මෙන් අපහසු නොවී ය . ඔහුට ආහාරය අරුචිය ඇති නොවූ අතර පෙරටත් වඩා සැර ආහාර ඕනෑතරම් අනුභව කිරීමට හැකියාවක් ඔහුට පහළ වී තිබිණ .
ජින් ලින් නැවතත් යුන්මෙන් බලා පිටත්ව ගොස් තිබින . යුවාන් නැවතත් පෙර සේ ම පොත්වල ගිලී සිටීම ඇරඹූ අතර ... වංජි ද දේශන කටයුතු වල කාර්යබහුල වී සිටියේ ... මේ දිනවල ලන් කිරන් මාමණ්ඩිය යම් අසනීප තත්ත්වවකින් පීඩා විදීම හේතු කොටගෙන ... නිකායේ සියලු රාජකාරී නිවුන් ජේඩ් මාණික්‍ය මත පැවරී තිබිණ .
ඉදින් මේ කියන වෙලාවේ වූශාන් තම පපාට තුරුලු වී සුව නින්දක පසූ වූ අතර ... වෙයි පුස්තකයක් කියවමින් සිටියදීම නිදි දෙව්දුව කරා පිවිසි බව හගවන්නට මෙන් පුස්තකයක් ඔහුගෙ මුහුණ වසාගනිමින් වැටී තිබිනි .
කලින් වරට වඩා මාස තුනකට ඔහුගේ උදරය මදක් විශාල ව පෙනෙන්නට වූ අතර ... ගැබ් ගත් දා සිටම ඔහුගේ උදරයෙ උනුහුමට ගුලි වී නිදාගැනීම වූශාන් ගේ සිරිත වී තිබින .
එක්වරම වෙයි ගේ උදරය දෙසින් නොනවතින ගැස්මවල් පෙලක් එකදිගට දැනෙන්නට වූ අතර ... මෙය නිදි දෙව්දුව අසල සිටි දෙදෙනාම උඩ ගොස් ඇහරවා දැමීමට සමත් විය .
" පපා ... මොක්ක්ත ඒ තද්දේ ... සද්දේ ... " වූශාන් ට වචන හොදින් හැසිරවීමට පුළුවන් වුවද තාමත් යම් යම් දෑ ඔහු උච්චාරණය කරනුයේ ළදරු සුරතල් බසින්මය .
වෙයි ට ද සිදු වූයේ කුමක් දැයි එක්වරම වටහා ගත නොහැකි වුවද ... මද වෙලාවක් කල්පනා කරමින් සිටි ඔහුට අවසානයේ මතක් වූයේ ... පළමු මාස තුන අවසන් වූ විට දරුවෙකු ගේ චලන මවට දැනීම සාමාන්‍ය දෙයක් නොවෙද යන වගයි .
ඉදින් ඔහු ... " වූශාන් ... බයවෙන්න එපා ඒ ඔබේ සහෝදරිය , ඇය සුවෙන් සිටින වග අපට දන්වනවා " යැයි වූශාන් හිස සෙමින් පිරිමදිමින් තෙපළී ය .

YOU ARE READING
ආශ්චර්යය ... 🍃 [Completed ]
FanfictionWangxian Historical 18+ Cover by : @_Lan_kimra