ලන් වූශාන් කිරි බී සුව නින්දේ ය. වෙයි දරුවාගේ තොටිල්ල අසලට වී එය සෙමින් පද්දන අතරතුර නිදි කිරමින් සිටී . යුවාන් සහ වංජී ගුචින පුහුණු අභ්‍යාස සදහා ඉගැන්වීම් ශාලාවට ගොස් සිටියහ .
නම් තැබීමේ උත්සවයට පසු දින ම මියැන් මියැන් ඇතුළු පවුලේ පිරිසත් , නී හුවයිසාන් මෙන් ම වෙන් නින් ද නැවතත් ඔවුන්ගේ ගම් සහ නිකායවල් වෙත පිටව ගොස් සිටි අතර මේ වනවිට ගුසුවල ඉතිරිව සිටියේ ජියැන්ග් චෙන්ග් සහ ජින් ලින්ග් පමණි .
ඔවුන්ද නොබෝ දිනකින්ම යුන්මෙන් වෙත යාමට කටයුතු පිළියෙල කරමින් සිටියහ .
කෙසේ වූවද මෙවනවිට ජින් ලින් රැදී සිටියේ වෙයි ගේ කුටිය තුළ ඔහුට තනි රකිමින් වූ අතර වෙයි මෙන් ම ඔහුද කියවමින් සිටි පොත උඩම නිදිකිරමින් සිටියේ ය .
එක් වරම ආරම්භ වූ ලන් වූශාන්ගේ සිහින් ඇඩීමත් සමගින් දෙදෙනා ම උඩ ගොස් ඇහැරුණි.
වෙයි වහා බිළිදාව දෑතට ගත්තේ ය .
" මගේ වූශාන් ... පැටියා මොකද ඇහැරුනෙ ... ම්ම්ම්... කෝ කෝ ඉතින් නාඩා ඉන්න ... මගේ හොද පැටියනේ ... "
වෙයි වූශාන් ව තම ළයට තුරුල් කර සෙමින් පද්දන්නට වීය . ජින් ලින් වහා අවානක් ගෙන වූශාන්ට පවන් සලන්නට විය .
ඔහු වෙනුවෙන් පිළිවෙළ වූ මේ ආදරණීය සත්කාර හමුවේ ... වූශාන් සන්සුන් වූ අතර , ඔහු සිනාසෙන දෑස් වල තම පපා දෙස බැලී ය .
" මගේ වූශාන් ... ඔබත් ඔබේ පියා වගේමයි ... ඔබ හැඩීමකට වඩා ඔබේ දෑස්වලින් හැගීම් ප්‍රකාශ කරන්නෙක් ... හරියට ඔබේ පියා මා සමග වදන් වලට වඩා දෑස් වලින් මගේ හැගීම් සොරකම් කළා ක් මෙන් ... " වෙයි සිනාසෙමින් පැවසීය .
ලන් වූශාන්ට එය වැටහුනාක් මෙනි ... ඔහු තම විසල් දෑස් තවත් විසල් කරමින් තම පපා වෙත අවධානය රැද වුයේ ය .
වෙයි ට මේ හැමදෙයක් ම තවමත් හීනයක් මෙන් විය . ගැබ් ගැනීම ... මාස අටකට ආසන්න කාලයක් දරුවෙකු කුස තුළ දරා සිටීම ... අවසානයේ මේ ලෝකයේ දෙවෙනියට ම විසල් වූ වේදනාව විදිමින් ඔහුගේත් ඔහු මේ ලෝකයේ වඩාත් ආදරය කරන අනික් පුද්ගලයගේත් සම්මිශ්‍රණයක් වූත් ඔවුන්ගේ ප්‍රේමයේ පරිපූර්ණ සංකේතය වූත් ... මේ හුරුබුහුටි කුඩා ප්‍රාණියාට ජීවය ලබා දීම ...
YOU ARE READING
ආශ්චර්‍යය ... 🍃 [Completed ]
FanfictionWangxian Historical 18+ Cover by : @_Lan_kimra