" හා හා කලබල වෙන්න දෙයක් නෑ ... මගේ කකුල ලිස්සුවා එච්චරයි ... "මුළු නිකායම දෙවනත් වන සේ කලබලයෙන් කෑගසමින් සිටින වංජිව හා යුවාන් ව වෙයි වහා සන්සුන් කරන ලද්දෙ ... කදුළු පිරි දෑස් අතරින් සිනාසෙන අතරවාරයේ ම ය .
කෙසෙ හෝ වෙයි ඇද වැටුනු ශබ්දයට ... යුවාන් එල්ලාගෙන සිටි කූඩයේ උන් වූශාන්ද කලබල වී හැඩීමට වූයේ නිශ්ශබ්ද වී තිබූ දේශන ශාලාවම නැවත වරක් කලබවමිනි .
වෙයි වහා වංජිට වාරු වී නැගිට ... වූශාන් ව තම දෑතට ගත්තේ ය .
" මගේ දරුවෝ මොකද මේ ... කෝ කෝ නාඩා ඉන්න ... ඔබ ඇඩුවොත් පපාටම නේ දුක ... කෝ ඉතින් ඔය ඔය මූණ බෙරිකරගන්නේ නැතුව ඉන්න ... ආදරෙයිනේ මැනිකට ... අඩන්න එපා වස්තුව ... "
වූශාන්ගේ හුරතල් මූණ හුරතලයෙන් ම බෙරි වීය . එසේම වෙයි ගේ මුහුණ ද කලින් පිරුණු කදුළු නිසාම වූශාන්ගේ ම මුහුණ මෙන් ම වී ය .
තම ආදරණීයයන් දෙදෙනා ම අමාරුවෙන් එකිනෙකා ව සනසගැනීමට වෙර දරමින් සිටිනු දුටු වංජීගේ දෑස් වලටද කදුළු පිරුණේ ඔහුටත් නොදැනීමය .
මේ අතරතුර යුවාන්ද වහා ගොස් වෙයිවත් වූශාන්වත් එකවිටම වැළදගත්තේ
" අනේ වූශාන් ... අඩන්න එපා ... " යැයි මුමුණමිනි . මෙතෙක් වෙලා යුවාන් ගේ දෑස් තුළ හිර වී තිබුණු කදුළු , ඔහුගේ කම්මුල් හරහා ඔහේ ගලායන්නට වීය .
සිව් දෙනාටම මෙය අපහසු මොහොතකි . නමුදු ඔවුන්ගේ දුර්වලතා පෙන්වීමට කිසිවෙකු නොසැරසෙයි . එබැවින් ඇති වූ කම්පනයේ බර වූශාන්ගේ හැඩීම මතින්ම තුනී වී යාමට ඔවුන් කටයුතු කළහ .
අවසානයේ වූශාන් සන්සුන් විය . වෙයි ද සන්සුන් විය . යුවාන් වහා තම කදුළු පිහිදාගනිමින් කෙලින් විය . ඔවුන් තිදෙනා ගේ ම දෑස් තුළ තිබුනු ධෛර්යයවන්ත හැගීම වංජි දුටුවේ එවිටම ය . ඔහුගේ දෑස් වල සතුටක සේයාවක් සෙමින් ආරෝපණය විය .
ඒ තත්ත්පරයේදී වෙයි ගෙ දෑස්වලින් වංජි බොහෝ කලකට පසු ... යීලීන් කුලදෙටුවාව දුටුවේ ය . ඔහුගේ රත් වූ දැස් සහ උපහාසයෙන් බර වූ මුඛය ... වංජිගේ රෝම මොහොතකට කෙලින් කරවී ය .