පහළොස්වෙනි දිගහැරුම

753 107 12
                                    

පසු දින උදෑසන වෙයි අවදි වූයෙ පෙර මෙන් ම ප්‍රමාද වීය . නමුදු ඔහු අවදි වනවිට ඔහුගේ ගත වටා වෙළුණු උණුසුම් හස්තයක පහස ඔහුට දැනෙන්නට වීය .

" ලන් ශාන් අද පිටත්ව ගොස් නැති ද " එසේ සිතමින් ම , ඔහු සීරුවෙන් අනික් පස හැරී වංජි වෙත මුහුණලෑ වේ ය .

" ඔබ අවදි උනාද " මෙතෙක් වෙලා වෙයි වෙත යොමූ වූ දෑස් සහිතව සිටි වංජි ... ඔහු ඇහැරුණු බව දැන එසේ විමසමින් ම ඔහුගේ කම්මුලක් සිප ගත්තේ ය .

" ලන් ශාන් ... අද ඔබට දේශන නොමැති  ද ? " වංජි ගේ හාදුවෙන් මුහුණ රතු කරගනිමින් ම වෙයි විමසී ය .

" හ්ම් ... අද අයියණ්ඩි විසින් දේශනය මෙහෙයවනු ලබාවි .

වංජි මෘදුව තෙපළී ය .

" වූශාන් ඇහැරිලා ද "

" ඔව් යුවාන් පැමිණ ඔහු ව කිරි මව්වරුන් වෙත රැගෙන ගියා "

එක්වරම වෙයිගේ දෑස් ලැජ්ජාවෙන් මහත් විය . ඔහුගෙ දෑත් විසින් වහා  ඔහුගේ පපු පෙදෙස නිරාවරණය කරගනු ලැබුවේ නිරායාසයෙන් ම ය .

මේ වනවිට වංජි සම්පූර්ණ ඇදුමෙන් සැරසී සිටි නමුත් වෙයි තවමත් සිටියේ නිරුවතිනි .

" මං මෙහෙම ඉන්නකොට ... ඔබ යුවාන් ට ඇතුළට එන්න ඉඩ දුන්නද ලන් ශාන් ! " වෙයි මහ හඩින් කෑගසමින් විමසී ය .

වංජි , වෙයිගේ ක්‍රියාවන් දැක ඇති වූ පුපුරා යාමට ඔන්න මෙන්න වූ සිනහව බොහෝ අපහසුවෙන් පාලනය කරගනිමින් ම ඔහුගේ පැනයට පිළිතුරු සපයන්නට වීය .

" වෙයි ... එසේ නොවෙයි ... මා වූශාන්ව පිරිසිදු කරන අතරතුරේ දී යුවාන්  පැමිණියා . නමුත් ඔහු කුටියෙන් පිටතයි රැදී සිටියේ . මං වූශාන්ව ඔහුට ගෙනිහින් දුන්නා . නැතුව යුවාන් කුටිය තුළට පැමිණියේ නැහැ .

අවසානයේ වෙයි සැනසුම් සුසුමක් හෙළී ය .
" හ්ම් ... කෙසේ වුවත් ... ඔබට හිතෙන්නේ නැද්ද ලන් ශාන් මේ දිනවල යුවාන් ටිකක් අමුතුයි කියලා ... මොනාඋනත් දැන් ඔහු තරුණ කෙනෙක් ... ඉතින් මට හිතෙන විදිහට කුමක් හෝ සිදුවන හැඩයි " වෙයි මෙසේ පවසමින් ම තම ප්‍රශ්නාකාරී දෑස් වංජි වෙත යොමු කළේ ය .

ආශ්චර්‍යය ... 🍃   [Completed ]Where stories live. Discover now